Sunday, May 8, 2011

"රිබන් ඉඳි ආප්පෙ"


ඉඳිකට්ටා

ඉඳිකට්ටෝපහාරය

ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?



ඉඳිකට්ටගෙ නම වෙනස් කළා ඕං...."රිබන් ඉඳිආප්පෙ".කොටයි මහතයි ඉස්සර නම්.දැන් පට්ට කෙට්ටුයි.මහත් වෙන්න දෙන්න හිතෙනවා හාදු දාහක්.;)


වීතරාගී ඉන්නෙ අදහා ගන්න බැරි තරමේ ප්‍රීති ප්‍රමෝදයක් සහ පශ්චත්තාපයක් සම්මිශ්‍රන මානසික තත්වෙක.බර පතල වැඩියි වගෙ පෙනුනත් ඒක එහෙමමයි.

පව් අප්ප මගෙ ඉඳිකට්ට.එයානම් ඉතින් මගෙ විතරනෙ.ඒත් මේ ඉඳිආප්පෙට අයිතිකාරයො ගොඩයි.සමහරුන්ට ඕනෙ අල හොදි.සමහරුන්ට සම්බෝල.සමහරුන්ට ඇඹුල් තියල්.තව අයට පොළොස් පැහි.ම්හ්හ්!ඔක්කොම හදන්නෙ ඉඳි ආප්පෙව ඉවර කරන්න.එහෙම වුණාම හරිද?.දුකම කාරනාව විහාර මහා දේවි වෙලා බිලි වෙන්න පුළුවන් තත්වෙක ඉන්නෙ මම විතරයි.බිලි වුණාමයි කියමුකෝ.ඒත් ඉඳිකට්ටව නැති වෙනකොට මට බලන් ඉන්න පුළුවන්ද.වීතරාගී කෙනෙක් මේ ලෝකෙට ආවෙ ඉඳි කට්ට නිසාමයි නෙ.

වීතරාගීගෙ හිතේ අස්සක හිටිය පිස්සු පූසා සහ තවත් චමත්කාරජනක කතාකාර ජනතාව එළියට ගත්තෙ ඉඳිකට්ටා.දුක නැති කරන මග කියල දුන්නෙ ඉඳි කට්ටා.ලෝකෙ නුදුටු ලස්සන පෙන්නන මැජික් කැමරාව ගෙනත් දුන්නෙත් ඉඳිකට්ටා.ඇයි වදේ අර දුක වාෂ්ප කරන හිනාව.සූහ්......ඔහොම අමතක කරන්නද අප්පා.මට බැ බැ බැ මයි ඕං.

දුරස්ත භාවයේ බලවත් කම ගැන මේ ළඟදි මං මහා දේශනයක් ඇහුවා.ඇත්ත.දුරස්ව ඉන්න තාක් අපට වස්තූන් සහ පුද්ගල චරිත ගැන නිකැලැල් ඇහැකින් බලන්න පුලුවන්.දුරින් ඉන්නම්.ඒත් ඇතකට යන්නෙ නැ කියලා පොරොන්දු වෙනවානම් විතරයි.

ඉඳිකට්ටෝ!මං තාමත් ආදරෙයි...... :-*

5 comments:

  1. විතරාගී ව බිහිකලේ ඉඳිකට්ටා ලු..ඒ හින්ද අපිත් ඉඳි කට්ටට ආදරෙයි

    ReplyDelete
  2. ඉදිකට්ටෝ ඔන්න අපිත් ආදරේලු ඈ.. ඒ විතරාගී සතුටෙන් හින්දා..

    ReplyDelete
  3. පැන්ඩටයි පිණිබිඳුටයිත් වීතරාගී ආදරෙයි කිව්වා ඕං ඈ.....;)

    ReplyDelete
  4. ඔය ඉඳිකට්ටාට මාත් හරිම ආදරෙයි . .

    ඉඳිකට්ටාට තියෙන්නේ හිනවෙන ඇස් නේද වීතරාගි??

    හරිම සැහැල්ලුයි . .

    ඕනම කෙනෙක්ට ඉඳිකට්ටා දැක්කාම එකපාරටම ආදරේ හිතෙනවා . . හෙ හෙ හේ . .

    විශේෂයෙන් සහෝදරයෙක් නැති එකෙක්ට ඉඳිකට්ටා දැක්කාම අයිති කරගන්න හිතෙනවා . .

    ජීවිත කාලෙම හොය හොය හිට්ය පොඩි මල්ලිව දැක්ක වගේ වෙනව . . . හි හි හී . .

    ReplyDelete
  5. @දුකා අයියා
    අපෝයි!බුදු අයියෙ මේ ඒකා නෙවෙයි.වෙනම, වෙනම, වෙනම එකෙක් :)))))))

    ReplyDelete