Wednesday, October 20, 2010
පාර
අපි හුඟාක් දුර ඉදන් මේ ගමන එන්නෙ.තාර පාර දිගට අඟුරු වලින් කවි ලියන අදහස මුලින්ම ආවෙ මට.කවදාවත් එහෙම එකක් වෙන කාටවත් නම් පහල වෙන්නෙ නැති බව මට විස්වාසයි.මට ඒක තහවුරු වුණේ ඉඳිකට්ට ඒක අහල ඇඳල පෙන්නපු විශ්මයාර්ත සලකුණ දැකලා.
අපි මුලින්ම පටන් ගත්තෙ මඟ නැගුමකට කලින් හදපු ගල් ගැලවුණු තාර පාරකින්.ඒත් අපිට එකෙ කවි ලියන්න ලැබුනෙ දවසයි.පහුවදා යද්දි එක සිමෙන්තිවලින් වහලා.
ඊළඟට ඉඳිකට්ටා හොයාගෙන තිබුණා රේල් පාරක් හරහා යන පාරක් .එතනදි බාදාවට හිටියෙ අපි රේල් පාර මැද්දට ඇවිත් විසි පස්වෙනි කවියෙ 4 වෙනි පේලිය ලියද්දි ගැලවිච්ච කෝච්චි රෝදයක තිබිල අමුතු අකුරු වගයක් ගැන පොලිසිය හොයන්න ගත්ත බව ආරංචි වුණාට පස්සෙ. ඉස්ටේසම ළඟ අලුත් දැන්වීමක් ගහල තිබුණා
"පලිබෝදනාසක අනතුරු සහිතයි,ප්‍රවේසමෙන් පරිහරනය කරන්න"
කියල,
අනේ මෝඩ ඉඳි කට්ට ඒකට හොඳටම බය වුණා නෙ.
ඉතින් අන්තිමටම අපි තීරණය කලා නොපසුබට වීර්යයෙන් තව දුරටත් මේ කවි ලිවිල්ල කරලා,ලෝක වාර්තාවක් තියල ගිනස් පොතට නම දාගෙන,ඔස්ට්‍රියාවෙ පදිංචියට ගිහින් කිරි හර්ක් පට්ටියකුයි තණකොල වත්තකුයි සල්ලිවලට අරන් යෝගට් කඩයක් දාගන්න.එත් නරක වෙලාව.අන්තිම දවසෙ වැස්සට තෙමිලා ඉඳිකට්ට තෙමිල මලකඩ කන්න ගත්ත නිසා අපිට වැඩෙ අත අරින්න වුණා.වැස්සට වඩා මිනිහා බය වෙලා.
හෙහ්!
කිරිපට්ටියෙම තනියම කිරි දොවන්න වෙයි කියලා.!
Subscribe to:
Post Comments (Atom)
ඒත් ඉඳිකට්ට දිගටම මලකඩ කන්නෙ නැ කියල මම දන්නව..යොධ පාලනෙ තියෙන කං ඉඳිකට්ට ඔය පුන්චි හිත අස්සෙ ඉදන් යෝදය එක්ක එකට එක ඉන්න හදයි.
ReplyDelete,
ReplyDeleteබලමු නේද පැන්ඩො!