Thursday, April 10, 2014

ආයෙ ආයෙත් ආයෙමත්.......

    විශේෂ ප්‍රාර්ථනා බලාපොරොත්තු රහිතව ජීවත් වෙන එක එක අතකින් අවදානමක්.තවත් අතකට අමුතුම ආතල් එකක්.තවත් වෙලාවකට මහා වේදනාවක්.මම වේදනවට අකමැතියි.ඒ නිසා උත්සාහය නිතරම අර ආතල් කොටස ඇතුලෙ ජීවත් වෙන්න. ඒත් ලෝකයා තමයි ඇණේ...

කසාදයක් ඉවරවුණාට පස්සෙ කල්පනාව හැරවෙන්නෙ දරුවෙක්  දිහාට.


ප්‍රේමයකදි ඊළඟ බරපතලම කාරණාව විවාහෙ.විවාහයක් ගැන ඉලක්කයක් නැතුව ප්‍රේම කරන්න කාට හරි පුළුවන්ද? කසාදය කිව්වෙ ලේඛණගත විවාහයම නෙමෙයි.එකට ජීවත් වීම. ඔබට පුළුවන්ද? මට නම් එහෙම බැඳීමක් ගැන හිතා ගන්න අමාරුයි. උපරිම ප්‍රේමණීය මොහොතකට පස්සෙ කබි කුෂි කබි ගම් කියලා ටටා දාල යන්න මට නම් අමාරුයි. අනේ මන්දා ඉතින් නේද?


කොහොමද ඉතින් ජීවිතේ. ආපහු මගෙනුත් ඒ ප්‍රශ්ණෙම අහන්න නම් එපා.


මම අමුතුවෙන් මොනවා කියන්නද?


මගෙ කාර්යාල කාමරේ ඉස්සරහ විදුලි ලාම්පු ආවරනෙ ඇතුලෙ කිරිල්ලි කොහොම හරි කූඩුව හදා ගත්තා.සති ගානක් තිස්සෙ  හතර පස්පොලකම උත්සාහ කලාට හරිගියෙ මෙතන විතරයි. ගෙජ්ජි කුමාරිත් කුරුමානම් අල්ල අල්ල හිටියෙ.


මිදුලෙ තියෙන මැටි කලේක හිටිය පොල්කිචි පවුලෙන් පාඩමක් ඉගෙනගෙන තිබ්බ නිසා ගෙජ්ජි කුමාඑරි මෙයාලට එච්චරම කරදර කරන්න ගියෙ නැහැ.


කාලෙ ගෙවිලා. වීතරාගීට දැන් අවුරුදු හතරකට වැඩියි.පැන්ඩො ඔයාල එහෙම කොහෙද?


ඔන්න මමත් පොතක් ලිව්ව.සතුට කියන්නෙ එහෙම දේකට වෙන්න ඇති. ගෙජ්ජි කුමාරි ගැන කවියක් ලියනවා ඊළඟ පොතට.

ආ..........කලහාරි කාන්තාරෙ රත්‍රන් නිධියට සුබ උපන්දිනයක් වේවා! ;)