Tuesday, November 16, 2010

ඉතින් කම් නෑ බැස ගියත් සඳ......

උත්තම පුරුෂය වෙනස් කරන්න වැඩියෙන්ම දායක වුණේ කව්ද කියල කවුරු හරි ඇහුවොත් දෙන්න උත්තරයක් දැන් මගෙ ළඟ තියෙනවා.පැනපු ගමන් මෝඩ විදිහට හිතන්න එපා මං ප්‍රේමෙන් වෙලිලා කියලා.අහවල් ප්‍රේමද?මේක ඇවිල්ලා ඉන්ද්‍රජාලික හමුවීමක්.මැජික් එකක් වගෙ දෙයක් කිව්වත් වරදක් නෑ.
මැජික් වල ඇති දෙයක් නෑ කියල දන්නවනෙ කවුරුත්.ඇල්ලන්න බෑ.ඇල්ලුවට හපන්න බෑ.අසාමාන්‍ය වටිනකමක් දීල මේ ඉන්ද්‍රජාලික හැඟීම් ගොන්න පුම්බන්න මම කැමති නැ.ඒත් සාමන්‍ය විදිහට මේකට ප්‍රතිචාර දක්වන්නත් මට තේරෙන්නෙ නෑ.මෝඩ වීතරාගී.

ඉඳිකට්ටා සංකල්පෙ ඇතුලෙ මොන මොන සෙල්ලම් දැම්මත් ඒකෙන් පිටට ක්‍රියාත්මක වෙන්න මට හැකියාවක්වත් ඕනකමක්වත් නෑ කියලා කවුරුත් දන්නවනෙ.නොවෙනවාම නෙවි.පලක් නැති දේට වෙහෙසිලා පලක් නැ කියල මට අපෙ ඉඳිකට්ට කියල දීල තියෙනවා.මම ඉඳිකට්ටට ආදරේ.ඒක වෙනම දෙයක්.ඒත් බදා වැලඳ සිප සනසන්න ගියොත් ඔය ආදරය වගෙ එක කුඩේ කුඩු වෙන වගත් දන්න නිසා මම ඉවසනවා.පාලනයක් නෙවී.අවබෝදෙන් දරා ගැනීමක්.ඒකත් හරියටම කියල දුන්නෙ ඉඳිකට්ටා සංකල්පෙ ඉගෙන ගනිද්දි තමයි.

හ්ම්ම්...මගේ විකාර කියවීමෙන් කාටවත් සෙතක් වෙන්නෙ නෑ.

එක දවසක් ඔන්න මෙහෙම වැඩක් වුණා.පොරොන්දු දේශයේ ඉඳන් ආව හුළඟක් එක්ක අමනාපෙන් හිටය කුමාරිකාවක් හිටියා.කුමාරයෙක් නොහිටිය නිසා කුමාරිගෙ කතාව බොහොම ලස්සනට ගලාගෙන ගියා.පොරොන්දු දේශය තමන්ගෙ පාඩුවෙ හිටියා.දවසක් මේ කුමාරිට යෝනක දේශයෙන් ආව කුමාරයෙක් මුණ ගැහුණා.කුමාරය හැඩකාර වුණේ නෑ.ඒත් බොහොම සියුමැලි කාරුණික හදවතක් තිබ්බ කෙනෙක්.ප්‍රේමයක් නොවන හැඟීමක් විතරයි උපදවාගන්න පුලුවන් උපරිම තලයේ බැඳීමක් ඇති වුනත්. අම්‍රිත! කුමාරයගෙ නම. අපේ කුමාරි වගෙම මේ කුමාරයත් පොරොන්දු දේශයෙ සුළඟ නිසා කැලඹීමකින් හිටියෙ.ඉතින් දෙන්න මිත්‍රයෝ වුණා.අත් පටලාගෙන යන තරමට.ආදර කතා කියල ඇස් රතු වෙන තරමට,.දුරස් වෙන්න වුණොත් කඳුලක් දෙකක් වැටෙන තරමට.ඒත් ඇත්තමයි ප්‍රේමයක් තිබුණෙ නෑ.එහෙම මිත්‍රකම් පවතින්න පුලුවන්ද කියලා වීතරාගීට තහවුරු කරන්න බෑ.සහතික වෙන්නත් බෑ හැබැයි ඕං.

කොහොමින් කොහොමින් හරි පොරොන්දු දේශය මහා සුළි කුණාටුවක් එවනවා කතන්දරේ තිබිය යුතු විදිහටම.ගස් අඹරවන විදිහටම ජිවිත අඹරවලා පොඩිපට්ටම් කරලා දාන.(ඔන්න මේ වෙලාවෙත් මට ඉඳිකට්ටා මතක් වෙනවා.කලින් අහපු දෙයක් ලියවෙද්දි මට ඉඳිකට්ටව මතක් වෙන එක දැන් පුරුද්දක් වෙලා)අපේ කථානායිකාව අසරණ වෙනවා.මතක වස්ත්‍ර දෙන්නවත් ඉඩක් ලැබෙන්නෙ නෑ.මිත්‍රයා රාජධානියකට පියෑඹුව වග කුමාරි දැන ගන්නවා.පලායමක් නෙවේ වෙන්න ඇති.ඒත් කලගුණ පිණිස වචනයක් වත් කියා ගන්න බැරි වීම.මොන තරම් වේදනාවක්ද?මට හිතා ගන්න බෑ,ඔබට පුලුවන් වෙයි සමහරවිට!

ඉඳි කට්ටෝ!මම ආදරෙයි!මෙහෙම කියන්නෙ කවදාවත් හැබැවින් කියන්න හිතකවත් නැති නිසා. :) කවදාවත්ම කියාගන්න උවමනාවක් "නැතිකරගෙන"ඉන්න නිසා.ඉඳිකට්ටා උඩට යන්න ඕන.ආදරේ කරන්න ඕන.සතුටින් ඉන්න ඕන.ඒත් මාත් එක්ක නෙවී.ඉතිහාසෙ මතක් කරලා එදාට දුක් නොවෙන්නයි මේ කියන්නෙ.

ඉඳිකට්ටෝ මම ආදරෙයි!

සිනා පිපෙන
නෙත
කඳුළු
බිඳක් ලෙස
සැඟව
මතු නොවී
ඉන්ටයි!

6 comments:

  1. ඉඳිකට්ටෝ ...
    ඉඳිකට්ට හරිම වාසනාවන්ති .

    චිතරාගී ඇත්තටම මෙහෙම අය ඉන්නව ද?

    ReplyDelete
  2. ඉඳිකට්ට නෙවි.
    වීතරාගී නේද වාසනාවන්ත?
    ස්තුතියි වත්!

    ReplyDelete
  3. නැ නැ මං නම් හිතන්නේ ඉදිකට්ටා තමයි වාසනාවන්ති කියලා. කොහොම උනත් විතරාගී ගේ ලස්සන සිතුවිල්ලක් !!! ඉස් ඉස්සෙල්ලම තමයි මං මේ පැත්තට ආවේ. දිගටම එන්න ඕනේ කියලා හිතෙනවා.

    ReplyDelete
  4. ස්තුතියි මධුරංග!ආයෙත් එන්න. :)

    ReplyDelete
  5. මේ කෑල්ල තමා සාතන්ගෙ හිතට ඇල්ලුවෙ..
    "කුමාරයෙක් නොහිටිය නිසා කුමාරිගෙ කතාව බොහොම ලස්සනට ගලාගෙන ගියා."

    :))

    ReplyDelete
  6. ඕක ඉතින් ගොඩක් කතා වලට අදාලයි සාතන්! :)

    ReplyDelete