Monday, April 5, 2010

ඉඳිකට්ටා

ඉඳිකට්ටා අතේ ඇමිනුනා.ගලාගෙන ගියේ ලේ නෙවියි.ඇනිමියා.වතුරපාට.ධාරාවට එරෙහි ප්රේතිරෝධය දුන්නෙ දබර ඇඟිල්ලා.මල් මල් ලේන්සුව,ප්රේමයට නව අරුතක්.අලුත් හීනයට කල එලියක්.උදලු ගාගෙන ගියා පලාතම.කොලපාට හේදෙන්න.දූවිල්ල ගහගෙන යන්න බොර ඇස් වරුසාව.හිත දූවගෙන ගිහින් මූණ ඔබා ගත්ත කවි උරේ.එදා වගේම ඇඟිලි දැවටුනා කිටිකිටියේ.භක්තිමත් හැඟීමක්.වෙන මොකුත්ම නැහැ.ඇඟිලි පැටලුනු තැන ප්රේමය තිබුනද ?මට මතක නෑ අප්පා.

වෙස්සන්තර ඇයි මන්ද්රී දන් දුන්නෙ.අයෙත් දරුවො හදන්න ,උන්ට කවන්න ,මොන තරම් කරදරද? මන්ද්රී හිටියොත් මේ චක්රේ එහෙමමයි,(එහෙනම් ඇඬුවෙ..ආහ්හ්!මේ ඇහට රොඩ්ඩක් ගියා..උදලු ගෑවට පස්සෙ දූවිල්ල.)මම මන්ද්රී වුනා නම් යන්නේ නෑ.ඒ වුනා නම් නේ.කවදාවත් වෙන්නේ නෑ.විස්වාසද හොඳටම??,මේ මල රතු පාට වුනා නම් තමා හොඳ...නැත්නම් හරි අතාත්විකයි.එහෙමද?මම මැහුවේ.මට ඔය පොඩි පොඩි මැහිලි පුලුවන්.ගොතන්නත් පුලුවන්.රේන්ද ගොතන්න ටිකක් දන්නවා.නිදන්න තමා කැමතිම....හි හි........!!

ඔන්න අහිතක් හිතන්න ඔට්ටු නෑ හරිද?


එපා බැඳෙන්න.දුර බලන්න .ලඟ නොබලන්න.වයිර නොකරන්න.

එහෙනම් මම ප්රේම කරන්නම්.දිගටෝම.......ඉහලට පහලට.......ඉහලට පහලට.....

නාස් පුඩු අතරින් ඇතුලට,,,,,,හෙමිහිට හෙමිහිට එලියට....ආයේත් ඇතුලට,,,,,,,එලියට........

ආදරේ පාට රතු.රතු රෝස,රතු ලේ..රතු හදවත්,රතු වද මල්....(වද කරදර ),රතු කඳුලු,

මම කැමතියි රතු පාටට,,මට ඇනීමියා,

ෆෙරස් ,ෆෙරික්, යකඩ හිතක්....

තමන් ගැන හිතන්න.තමන්ට ආදරේ වෙන්න,

ආ...අර යනව නේද??එයාට හතිය..ඇස්ත්මා මැරෙන්නම ගියා.බෙහෙතක් ගත්තේ නෑ.,පතපු ආදරේ ලැබුනෙත් නෑ.

ඉතින් ඉතින්??...ඉතින් මොකුත් නෑ.දැන් යසට ඉන්නවා.

ම්හ්!

5 comments:

  1. අමුතුම බ්ලොග් එකක්.හොදට ලියල තියනවා.බූට් එකක් වැදිල වගේ පේන්නෙනං.

    පොඩි පොයින්ට් මියුටේෂන් එකක් කොරගත්තනං ඇනීමියාව සිකල් සෙල් වර්ගයේ එකක් කරගන්න තිබුනා!! :)

    word verification අයින් කරගත්තනං ‍කොමෙන්ටු දාන්න ලේසියි සහෝදරී!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. sickel cell වුනොත් තත්වෙ තවත් බරපතල වෙනවනෙ පූසො.;)

    "word verification අයින් කරගත්තනං ‍කොමෙන්ටු දාන්න ලේසියි සහෝදරී! "

    තාම අලුත්,දැනුම මදි සහෝදරයා!

    ReplyDelete
  4. "ඉතින් ඉතින්??...ඉතින් මොකුත් නෑ.දැන් යසට ඉන්නවා." එච්චරයි වෙන්න ඕනි...හැමදෙම මොකක් වුනත් යස අපුරුවට ඉන්න අමා ට පුලුවන් වෙයි

    ReplyDelete
  5. කවි හිත කවි බදින කං කිවිදියක් කවදාවත් තනි වෙන්නෙ නැ..ජීවිතෙ අතරමං වෙන්නෙත් නැ..ඔයාටත් තියෙන්නෙ ඒ වගෙ කවි හිතක් වෙන්ට ඕනා..

    ReplyDelete