Saturday, May 14, 2011

Xy සිනමා! :)))))))))






ආය දෙපාරක් හිත හිත හිටියෙ නැහැ.දැම්ම සඳුදත් නිවාඩු.කැන්සල් කර ගත්තා ඉරිදා උදේ රාජකාරියත්.ඕං අමා නිදහස්.ඉරිදා දවස නිදා ගැනීමට සහ ප්‍රියතම විනෝදාංශය වෙච්ච්ච බලාගත් අත බලා සිටීමට.අස් පස් කිරිලි කීසිවක් නොමැත.අම්මගේ නැදැ ගමන සහ ගෙවල් බලන්නට යාම පසුවට සලකා බලනු ලැබේ.


සඳුදා ඉඳිආප්පෙ එන එකක් නැහැ. ඒ හින්දම එදා අස් පස් කිරිලි,රෙදි සේදීම්,මූණ කට හැඩ වැඩ කරගන්න කටයුතු සහ රාජකාරී කටයුතු වල මඟ හැරුණු තැන් පියවීම්.

ඊට පස්සෙ වෙසක්.සිල් ගන්න සැලස්ම ස්ථිරයි.

ඊටත් පහුවදා සැලසුම් රහිතයි.

අමා මේ දවස් වල සතුටින්.ඉස්සරට වඩා බොහොම.හීන් දුකකුත් නැතුවාම නෙවෙයි.ඉර හඳ තාරකා අතට ගන්න බැරි බව දන්නවා තමයි.ඒත් ඇහැට පේන දුරක තිබීමත් සතුටු වෙන්න කාරණාවක් නේද?:D

අපූරු වීඩියෝවක් දැක්ක පහුගිය දවසක.ඒක අපූරුයි කියන්නෙ අපූරුම අපූරුයි.:)))))))))))))බලන්නලාකෝ!

Sunday, May 8, 2011

"රිබන් ඉඳි ආප්පෙ"


ඉඳිකට්ටා

ඉඳිකට්ටෝපහාරය

ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?



ඉඳිකට්ටගෙ නම වෙනස් කළා ඕං...."රිබන් ඉඳිආප්පෙ".කොටයි මහතයි ඉස්සර නම්.දැන් පට්ට කෙට්ටුයි.මහත් වෙන්න දෙන්න හිතෙනවා හාදු දාහක්.;)


වීතරාගී ඉන්නෙ අදහා ගන්න බැරි තරමේ ප්‍රීති ප්‍රමෝදයක් සහ පශ්චත්තාපයක් සම්මිශ්‍රන මානසික තත්වෙක.බර පතල වැඩියි වගෙ පෙනුනත් ඒක එහෙමමයි.

පව් අප්ප මගෙ ඉඳිකට්ට.එයානම් ඉතින් මගෙ විතරනෙ.ඒත් මේ ඉඳිආප්පෙට අයිතිකාරයො ගොඩයි.සමහරුන්ට ඕනෙ අල හොදි.සමහරුන්ට සම්බෝල.සමහරුන්ට ඇඹුල් තියල්.තව අයට පොළොස් පැහි.ම්හ්හ්!ඔක්කොම හදන්නෙ ඉඳි ආප්පෙව ඉවර කරන්න.එහෙම වුණාම හරිද?.දුකම කාරනාව විහාර මහා දේවි වෙලා බිලි වෙන්න පුළුවන් තත්වෙක ඉන්නෙ මම විතරයි.බිලි වුණාමයි කියමුකෝ.ඒත් ඉඳිකට්ටව නැති වෙනකොට මට බලන් ඉන්න පුළුවන්ද.වීතරාගී කෙනෙක් මේ ලෝකෙට ආවෙ ඉඳි කට්ට නිසාමයි නෙ.

වීතරාගීගෙ හිතේ අස්සක හිටිය පිස්සු පූසා සහ තවත් චමත්කාරජනක කතාකාර ජනතාව එළියට ගත්තෙ ඉඳිකට්ටා.දුක නැති කරන මග කියල දුන්නෙ ඉඳි කට්ටා.ලෝකෙ නුදුටු ලස්සන පෙන්නන මැජික් කැමරාව ගෙනත් දුන්නෙත් ඉඳිකට්ටා.ඇයි වදේ අර දුක වාෂ්ප කරන හිනාව.සූහ්......ඔහොම අමතක කරන්නද අප්පා.මට බැ බැ බැ මයි ඕං.

දුරස්ත භාවයේ බලවත් කම ගැන මේ ළඟදි මං මහා දේශනයක් ඇහුවා.ඇත්ත.දුරස්ව ඉන්න තාක් අපට වස්තූන් සහ පුද්ගල චරිත ගැන නිකැලැල් ඇහැකින් බලන්න පුලුවන්.දුරින් ඉන්නම්.ඒත් ඇතකට යන්නෙ නැ කියලා පොරොන්දු වෙනවානම් විතරයි.

ඉඳිකට්ටෝ!මං තාමත් ආදරෙයි...... :-*

Tuesday, May 3, 2011

කහ පැහැති ප්‍රේමයක්!


මම ගස් ලබු ගහක් .කිරි තියෙන .මල් ගහක් වෙලා හිටපු කාලෙකුත් තිබුණා මට මතකයි.මල් ගහක් කිව්වෙ මල් ගස් ලබු .කාටවත් පල නැති ගහක්.දැන් දැන් හැමෝම පරිපූර්ණත්වය වනන්න උදාහරනෙට ගන්නෙ මාව.එහෙමයි.ලෝක ස්වාබාවය.නොහිතන දෙවල් හිමි වෙනවා.නොහිතන විදිහට සමහර දෙවල් අහිමි වෙනවා.මටය කියලා ඔය කතාන්දරේ අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නැ.වියයුතු විදිහටම දේවල් සිද්ද වුණා.
මල් පිපිච්ච කාලෙ වින්ද දුක් ගැහැට අමතක කරලා,හරියටම කිව්වොත් අමතක කරවලා ඇබිත්තන් ගෙඩියක් කඳ බදාගෙන හිටියා එක උදේක.සරසවියම නිදි.නිදි කිව්වෙ කාටවත් ඒක පෙනිලා නොතිබුණ නිසා.සුදුපාට,හරියටම කිව්වොත් රන්වන් කහ පාට.දවසින් දවස මාව වැලඳගෙන ම වැඩෙන්න පටන් ගත්තා.මට මාවම දැනෙන්න ගත්තා.ඉස්සර අහක බලන් ගිය හැඩ වැඩ කුරුල්ලෝ,කිරිල්ලියෝ මගෙ දිහා බලන්න ගත්තා.මම කවි ලිව්වා.රැයක් දවාලක් නැතුව.ඇඟෙන්ම උපන් දේකට කවි ලියන එක සිම්පල්!

මම එයාව පොෂණය කරනවා කියලා හැමෝම හිතුවත් හරියටම නම් එයයි මාව කවා පොවා ඇති දැඩි කරමින් හිටියෙ,සාමන්‍ය පිරිමියෙක් විදිහටම මම ඒ පුංචි ගස් ලබු ගෙඩිය ඉස්සරහ බබෙක් වෙමින් හිටියා විතරයි.දේශන,නිබන්දන,කලර්ස් නයිට්,ක්‍රීඩා උත්සව හැම දෙයක්ම පහු වුණා.ඒ හැම දෙයක්ම පහු කරගෙන කාලෙ විතරක් ඉදිරියටම.

හදිස්සියෙම උදේක වහින්න ගත්තා.එයා මට වාරු වෙලා අහස දිහා බලාගෙන හිටියා.වියයුතුයි කියල සම්මත කිසිම දෙයක් නොවී ම වැස්ස තුරල් කරා.එදා පටන් ගත්ත මහ වැස්ස ඉවරයක් වුණේ නැ.දවස් ගානක් එක දිගටම වැස්සා.මම තෙමී නොතෙමී එයා දිහාම බලන් උන්නා.වැස්ස ඉවරවෙද්දි මගෙ සන්තකේටම ඉතිරි වෙලා තිබ්බෙ එයා විතරයි.ගස් ලබු මලක ඉඳන් අනිත් හැම දෙයක්ම වැස්සට ගහගෙන ගිහින්.

දවසින් දවස එයා තව තවත් රන් වන් වෙමින් සහ "රන් බව" වට පිටාවට පෙන්වමින් වැඩුණා.මම ගසක් නොවී ඒ රන් වන් බව ම පමණක් බවට පත්වෙමින් හිටියා.ගසට පොත්ත සහ ජාඩියට මූඩිය.කොහොඹ කරවිල.

එකෝමත්තෙක දවසක "රන් බව" උපරිමේටම පත් කාලෙක ගහ වටේ කැරකුණ කුරුල්ලෙක් විහිළුවට වගේ හොටය කරකවා ඇ දෙස බලා තිබුණා.ගනන් කල නොහැකි දින ගනනකට පසු ඇය හිටියේ අවන්හලක.
..........................

නැ,ඔබ සිතුවා වැරදියි!

ඇය අවන්හලක රවුම් මේසයක් මත පලතුරු බීමක්(පපායා ජූස්) බවට පත් වී ....ඇය මම ම වූ කල ඒ මගේ ද ඉරණම නොවී තිබුණේ නැහැ.මමත් බෙරි වී ගිය ගස් ලබු ගෙඩිය පාගන්නට ඉඩ දී නිකන්ම නිකන් බලා සිටි බෙරි ළමයෙක් බවට පත් වී සිටියා.අදටත්,තවමත් බෙරිවුණු ඇගේ මුහුණ සහ හොටය කරකවා බැලූ කුරුල්ලා පිළිබඳ පහදාගත නොහැකි හැඟුමින් මම.ඇතැම් විට යසස් පිරි අවන්හලක ඇය මා සමඟ උන්නාට වඩා සතුටින්ද විය හැකියි.නිසැකවම එය එසේද විය යුතුයි! බෙරි වී මා පාමුලම වැටී කුණු වී ගියාට වඩා එය කොපමණ නම් හොඳද?සතුටුවෙන්නට මට ..........