Tuesday, May 3, 2011

කහ පැහැති ප්‍රේමයක්!


මම ගස් ලබු ගහක් .කිරි තියෙන .මල් ගහක් වෙලා හිටපු කාලෙකුත් තිබුණා මට මතකයි.මල් ගහක් කිව්වෙ මල් ගස් ලබු .කාටවත් පල නැති ගහක්.දැන් දැන් හැමෝම පරිපූර්ණත්වය වනන්න උදාහරනෙට ගන්නෙ මාව.එහෙමයි.ලෝක ස්වාබාවය.නොහිතන දෙවල් හිමි වෙනවා.නොහිතන විදිහට සමහර දෙවල් අහිමි වෙනවා.මටය කියලා ඔය කතාන්දරේ අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නැ.වියයුතු විදිහටම දේවල් සිද්ද වුණා.
මල් පිපිච්ච කාලෙ වින්ද දුක් ගැහැට අමතක කරලා,හරියටම කිව්වොත් අමතක කරවලා ඇබිත්තන් ගෙඩියක් කඳ බදාගෙන හිටියා එක උදේක.සරසවියම නිදි.නිදි කිව්වෙ කාටවත් ඒක පෙනිලා නොතිබුණ නිසා.සුදුපාට,හරියටම කිව්වොත් රන්වන් කහ පාට.දවසින් දවස මාව වැලඳගෙන ම වැඩෙන්න පටන් ගත්තා.මට මාවම දැනෙන්න ගත්තා.ඉස්සර අහක බලන් ගිය හැඩ වැඩ කුරුල්ලෝ,කිරිල්ලියෝ මගෙ දිහා බලන්න ගත්තා.මම කවි ලිව්වා.රැයක් දවාලක් නැතුව.ඇඟෙන්ම උපන් දේකට කවි ලියන එක සිම්පල්!

මම එයාව පොෂණය කරනවා කියලා හැමෝම හිතුවත් හරියටම නම් එයයි මාව කවා පොවා ඇති දැඩි කරමින් හිටියෙ,සාමන්‍ය පිරිමියෙක් විදිහටම මම ඒ පුංචි ගස් ලබු ගෙඩිය ඉස්සරහ බබෙක් වෙමින් හිටියා විතරයි.දේශන,නිබන්දන,කලර්ස් නයිට්,ක්‍රීඩා උත්සව හැම දෙයක්ම පහු වුණා.ඒ හැම දෙයක්ම පහු කරගෙන කාලෙ විතරක් ඉදිරියටම.

හදිස්සියෙම උදේක වහින්න ගත්තා.එයා මට වාරු වෙලා අහස දිහා බලාගෙන හිටියා.වියයුතුයි කියල සම්මත කිසිම දෙයක් නොවී ම වැස්ස තුරල් කරා.එදා පටන් ගත්ත මහ වැස්ස ඉවරයක් වුණේ නැ.දවස් ගානක් එක දිගටම වැස්සා.මම තෙමී නොතෙමී එයා දිහාම බලන් උන්නා.වැස්ස ඉවරවෙද්දි මගෙ සන්තකේටම ඉතිරි වෙලා තිබ්බෙ එයා විතරයි.ගස් ලබු මලක ඉඳන් අනිත් හැම දෙයක්ම වැස්සට ගහගෙන ගිහින්.

දවසින් දවස එයා තව තවත් රන් වන් වෙමින් සහ "රන් බව" වට පිටාවට පෙන්වමින් වැඩුණා.මම ගසක් නොවී ඒ රන් වන් බව ම පමණක් බවට පත්වෙමින් හිටියා.ගසට පොත්ත සහ ජාඩියට මූඩිය.කොහොඹ කරවිල.

එකෝමත්තෙක දවසක "රන් බව" උපරිමේටම පත් කාලෙක ගහ වටේ කැරකුණ කුරුල්ලෙක් විහිළුවට වගේ හොටය කරකවා ඇ දෙස බලා තිබුණා.ගනන් කල නොහැකි දින ගනනකට පසු ඇය හිටියේ අවන්හලක.
..........................

නැ,ඔබ සිතුවා වැරදියි!

ඇය අවන්හලක රවුම් මේසයක් මත පලතුරු බීමක්(පපායා ජූස්) බවට පත් වී ....ඇය මම ම වූ කල ඒ මගේ ද ඉරණම නොවී තිබුණේ නැහැ.මමත් බෙරි වී ගිය ගස් ලබු ගෙඩිය පාගන්නට ඉඩ දී නිකන්ම නිකන් බලා සිටි බෙරි ළමයෙක් බවට පත් වී සිටියා.අදටත්,තවමත් බෙරිවුණු ඇගේ මුහුණ සහ හොටය කරකවා බැලූ කුරුල්ලා පිළිබඳ පහදාගත නොහැකි හැඟුමින් මම.ඇතැම් විට යසස් පිරි අවන්හලක ඇය මා සමඟ උන්නාට වඩා සතුටින්ද විය හැකියි.නිසැකවම එය එසේද විය යුතුයි! බෙරි වී මා පාමුලම වැටී කුණු වී ගියාට වඩා එය කොපමණ නම් හොඳද?සතුටුවෙන්නට මට ..........

6 comments:

  1. ලියලා තියන විදියට නම් මම ගොඩාක් කැමතියි... දිගටම මේ වගේ එවා දාන්න

    ReplyDelete
  2. ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
    ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා....

    ReplyDelete
  3. මේ ශෛලියට මම මාර ලයික්..

    ReplyDelete
  4. @Malith
    බොහොම ස්තුතියි යාලුවේ!උත්සාහ ගන්නම් උපරිමයෙන්......

    @අයිමෝ
    නගරේ වරදක්ද අපේ වරදක්ද ? ;)

    @පිණිබිඳු...
    අහා! ;) බොහොම තුති!අපේ සාතා නම් කියන්නේ මම ලිඅය්න්නෙ අන්ඩර දෙමල කියලා. :))))))

    ReplyDelete
  5. යාළුවෙක් විදිහට හරි නම් මම ඔයා එක්ක ගොඩාක් කතා කරන්න ඕනි කියල තමා මේ හැම පොස්ට් එකක් ම මට කියන්නෙ වීතේ,..ඒත් මට තෙරෙන්නෙ නැ මොනවා කියන්න ද කියල දැං..

    ReplyDelete
  6. ඒ මොනවද පැන්ඩෝ ඒ ? :O ;)

    ReplyDelete