බැලුම් ගල

Loading...

Monday, February 18, 2013

කමලක්කා



                         හැමෝම අක්ක කිය කිය හිටියට කමලක්කට අපෙ අම්මට වඩා වයසයි. අලුතෙන් රස්සාවකට ගිහාම අපිට ඕන දේවල් කරන්න බැ නෙ. මටත් එයා කමලක්කම වෙච්චි. එහෙ තේ හැදිල්ලේ ඉඳන් ටෙලිෆෝන් ඔපරේටර් තනතුර දක්වම වැඩ බැලුව හින්දමද කොහෙද කමලක්ක මට කථාකරේ නමින්. මටත් ගානක් නැ. ආය මම එයාගෙ නම්බු නාම ගන්න ගියා නෙවෙයි නෙ. 

කමලක්කට දවසක් ගැස්ට්‍රයිටිස් වැඩි වුනා. එහෙමය කියලා කියාගෙන වැඩට ආවෙ එකොලහට විතර.මූණ බෙරි කරගෙන එහාට යනවා මෙහාට යනවා

එයැ‍යිගෙ අක්කලා,නගාලා, අයියලා බර ගානක් දොස්තරලා හිටියා. අපෙ අක්කා ආයුර්වේද වෛද්‍යවරියක් වෙච්ච වග දැනගත්ත දා ඉඳන් කමලක්කගෙ පුරාජේරුව වැඩි වෙච්චි. ජෙනරල් හොස්පිටල් එකේම කමලක්කගෙ නංගිලා දෙන්නෙක් හිටියා දොස්තරලා.  

දැන් කමලක්කා බෙරි මූණෙන් එහාට යනවා. මෙහාට යනවා. ශික්! ගානවා. අපෙ අක්කා හදලා දුන්න පොඩි ආයුර්වේද ප්‍රථමාධාර ටිකකුත් බැග් එකේ තිබ්බ හින්දම මෙහෙම අහන්න වෙච්චි.

"කමලක්කට ඕන නම් ආයුර්වේද බෙහෙත් කුඩක් තියෙනවා. තේ හැන්දක් කෝපි වාගෙ වක්කරලා බොන්න ඕන. දෙන්නද?"

බෙරි මූණ දෙබෙරි වුණා,

"එපා. මල්ලි බෙහෙත් ගෙනත් දුන්නා. අමතක වුණානෙ ගේන්න.අප්පිරියයි මට සිංහල බේත්. ...ම්... එක්කොත් අමාරුවෙන්වත් බොන්නම්. අමාරුයි හොඳටම. "

මලකුණක් වාගෙ බෙහෙත් පැකට් එක ඇඟිලි දෙකකින් එල්ලගෙන, බිමට පාත් වෙච්ච නිකට උස්ස උස්ස හීටරේ ගාවට ආව කමලක්ක විනාඩි පහකට පස්සෙ එද්දි බෙරිය අඩු වෙලා තිබ්බා.

 "නැති කමට බිව්වා. තාම බඩ දඟලනවා. පුදුම ගඳක් නෙ අනේ. ඒ මදිවට තිත්ත....අප්පා! ආයෙ නම් බෙහෙත් ටික අමතක කරන්නෙ නැ මොනවා වුණත්" 

බෙහෙත් පැකට් එක ගෙනත් තියලා එයා යන්න ගියා . මම මගෙ වැඩ . දවල්ට කාලා එහෙම ඉද්දි මෙන්න  ආයෙමත් මගෙ මේසෙ ගාව. 

"මේ අර බෙහෙතට අඩු වුනා නෙ. ආයෙමත් මට ටිකක් දෙනවද?"
මම පැකට් එකම මේසෙ උඩින් තිබ්බා.  

"ආයෙ කොයි වෙලේ වැඩි වෙයිද දන්නෙ නැ නෙ. මම චුට්ටක් අරන් තියා ගන්නම්" 
අඩියෙ කුඩු ඩිංගිත්තක් ඉතුරු වෙන්න ඇරලා කමලක්කා ඔක්කොම බෙහෙත් ටික පත්තර කොලේකට හලාගත්තා.




Tuesday, October 9, 2012

කවිය අවිය විය 2 - නාට්ටිය කතා

කවි ලිවිල්ලේ නූතනය ගැන කතා කරද්දි ඔන්න ෆේස්බුක් එනවා.මේ වෙද්දි නම් ඒක නූතනයට අයිතියි කියන්න බැහැ තමයි.අපේ ජනතාව ෆේස් බුක් එකේ කවි ලියනවා.කතා ලියනවා.තාප්පවල පින්තූරඅලෝ ගන්නවා.සමහරු නම් චැට් කරනවා.පෙම් කරනවා. (කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා !)චැට් එක හරහා තව තව වැඩත් කරගන්නවා.

ළඟදි අපේ එකෙක්ට නාට්ටිය උණක් ගැහුවා තදේට.මිනිහට ඕන වෙනවා මේ කතන්දර ඔක්කොම එක්ක කතාවක් ලියාගන්න.හය හමාරට විතර පාන් රාත්තලකුයි සීනි කෙහෙල් ඇවරියකුයි අරන් මනුස්සයා අපේ ගෙදර එන්නෙ කතාවට සැකිල්ල හදා ගන්න.අලගිය මුලගිය කතා බල්ලට දාලා ඔන්න එහෙනම් මම පටන් ගන්නවා කතාව .මොකද ඌට මගෙ කතා සැකිල්ල හරි ගියෙ නැ.නාට්ටියත් එතනම නිමි. මුළින්ම කියනවා මේක කතාන්දර බීජයක් විතරෝමයි කියලා.කැමති අය ඒක පිළිගන්නවට වඩා අකමැති ඇත්තො නොපිළි ගන්නවා නම් අපෙ අකමැත්තක් නැ ඕං!

දන්න කියන මහජනයෙක් හිටියා.මිනිහට ඕන වුණා ටිකක් ප්‍රසිද්ධ වෙන්න.ඕකට මාර්ගෙකුත් පාදගන්න එපැයි.මිනිහා පටන් ගත්තා කවි ලියන්න.මිනිහගෙ නිර්වචනෙට අනුව එව්ව කවිම නෙවෙයි. සිතිවිලි.හැබැයි එව්ව එල්ලනෙ බුකියෙ කවි එල්ලන ගෲප් වල.ඔහොම යද්දි කවිය හැබැවටම අවිය කරගන්න ක්‍රමෙත් මිනිහට අහු වෙනවා.මිනිහට දැන් හෙනම කික්.ඇයි මේක හෙන ආතල් වැඩේ නෙ.ජීවිතේට කෙල්ලෙක් මූණ දිහා නොබලපු එකාට"රෂ්මි අයියා" කියාගෙන එක පොකුරට කෙලි පැටික්කියො බැල්ම හෙලනකොට.

නිකන් උන්න මට අහල ගියත් මොකද කියලා සැනසෙන ජාතියෙ එකෙක් එහෙම නෙවේ අපේ මිනිහා.මිනිහට් ඕන වෙනවා "බුකියෙ ජනප්‍රිය" ගීත රචකාවියක් එක්ක පැටලෙන්න.අනේ ගඩා ගෙඩි කඩ කඩා හිටිය එකා රත්තරන් බිජු අහුලන්න පෙම් ගීත රචනා කරනවා.වැලපෙන ඉස්ටේටස් දානවා .එක විකාරයයි.

ජනපද කළ්‍යාණි දැක්කම නන්ද කුමාරයා කුලප්පු වුණාට හපන් මේකා.දැන් ලමිස්සිත් ටික ටික ලකුණ එක දෙක විසි කරනවා.කතාවෙ අවසානෙ කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.අන්තිමට ලමිස්සි හා කියන්න ඔන්න මෙන්න ඉද්දි අපේ මිනිහ පටන් ගන්න ව්‍යාපාරෙට පොඩි මුදල් හදිස්සියක් එනවා ලක්ෂ දෙකක විතර.අතහිත දෙන්න ලමිස්සි ඉදිරිපත් වෙනවා.මැන් සල්ලි ගත්තට පස්සෙ ලමිස්සිට ටටා දාලා යන්න යනවා.

දැන් ඩබල නයි වයිරයි.කතාව ඉවරයි.දැන් ලමිස්සිගෙ කවි ලිවිල්ල ඉවරයි.ගීත රචනාවත් හමාරයි.ඒත් මිනිහානම් දැන් රජ බිස්නස් පොරක්.ගමන බිමන දඬු මොණරෙ.ළඟදීම තවත් මොනර පැටික්කියෙක් ඕකෙ එල්ලගෙන උන්දගෙත් දෙක තුනකට නොවිදියි කියන්ට කවුද කැට?

 කෙල්ලනි ප්‍රවේසමෙන්!

කවි අවිය සමහර වෙලාවට කොයි අවියටත් වඩා භයානක වෙන්න පුළුවන්! විසේසෙන් 'රෂ්මි" අයියලා වාගේ කවි මරුවො අතට ගිහාම.

ප.ලි:අර නාට්ටිය සැකිල්ල හදන්න අපේ දිහා ආව එකා මේ දවස් වල පොත් පරිවර්තන කෙරුවාවකට අත ගහලා. ඒක වාසීයි ලු නාට්ටිය කෙරුවාවට වඩා.

Friday, September 21, 2012

කවිය අවිය විය!

      

 දැන් කවි වලට කිසි "ඩිමාන්ඩ්" එකක් නැහැ.ඉස්සර වගේ නෙවෙයි.දැන් පත්තර වලිනුත් කවි පිටු අයින් කරලා.එන්න එන්නම ඉල්ලුම වැඩි වෙන්නෙ කතාන්දර වලට.මිනිස්සු කැමතියි කෙටි බරපතල කවි වලට වඩා අලගිය මුලගිය විස්තර දාලා ලියපු කතාන්දර වලට.

කොහොමත් අපි ඉස්සර ඉඳලම කතන්දරවලට ලැදි ජාතියක් ලු නේ.ඒත් එහෙමම කියන්නත් බැහැ.මිනිස්සු කැටපත් පවුරේ කතා ලිව්වෙ නැ නෙ.ඒක නම් එක්කො මහන්සිය හින්දා වෙච්ච එකක් වෙන්ට ඇති .අර මහ පර්වතේ නැගලා නැගලා අසිරිමත් ආලකමන්දාව දැකලා නොලියා යන්ට බැරිකමට ලියපුවා වෙන්ටත් ඇති.රජ්ජුරුවන්ට මොනවා හිතෙන්න ඇද්ද?,මහේසිකාවො කොහොම ඉන්ට ඇද්ද?පිදුරංගල වඳින්ට යන්ට ඒ මහේසිකාවො කොහොම සූදානම් වෙන්ට ඇද්ද? ආදී වසයෙන් නෙක නෙක කතා හිතේ මැවිච්ච පලියට ඕක එක පාරටම ලියා ගන්ටත් බැරි වෙන්ට ඇති.ලේසියට කුරුට්ටක් කොටලා යන්න ඇති.කොයික කොහොම වුණත්එහෙම බැලුවම කවිය කියන්නෙ කතාන්දර දහසකින් කියන්ට බැරි දේවල් කියන්ට පුළුවන් මාධ්‍යක් කිව්වට වරදක් වෙන්නෙ නැහැ.
   
අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනේ ගොඩගේ මැදුරේ අර ඉස්ටේජ් එක උඩ තියෙන "ස්ටෝල්" එකේ බිත්තියක ලංකාවේ සාහිත්‍ය විකාශනය වෙච්ච හැටි ගැන විස්තරයක් ඩිජිටල් බැනරයක් හැටියට එල්ල්ලලා තිබ්බා.හරි හමනකට කියව ගන්න බැරි වුණේ රැ බෝවෙලා හින්දා අපි කාටත් එතනින් ඉක්මනට පිටවීමේ තදියමක් තිබ්බ හින්දා.ඒක හරියට කියව ගත්තා නම් මේ කතාව මීට වඩා ගැඹුරට විස්තර කරලා කියන්න තිබ්බා.

ආයෙමත් සීගිරි කුරුටු ගී වලට.ඉනාමළු කෝරලේ විතරක් නෙවෙයි හතර දිබ්බාගෙන්ම ආව මිනිස්සු මේ අසිරිමත් නිර්මාණේ දැකලා ,කලාගාරයක් නැරඹීමෙන් ලද ආශ්වාදය කවියක් බවට හරවලා ඉතිරි කරලා යාවි කියලා හිතන්න තරම් කැටපත් පවුර එතන පිහිටවපු කාෂ්‍යප රජතුමා හෝ අදාල ගෘහ නිර්මාණශිල්පියා මොන තරම් රසවතෙක් වෙන්න ඇතිද?ජීවිතය පරදුවට තියලා අවම පහසුකම් යටතේ මීටර් දෙසීයකට ආසන්න උස් පර්වතය තරණය කරන්න බාල මහළු වෙනසක් නැතුව ඇදී ආව මිනිස්සු මොන තරම් රසකාමියො වෙන්න ඇද්ද?

 සීගිරි ගී ලියන්න සීගිරි රසවතුන්ට ලැබුණ හොඳම උත්තේජකය වෙන්නෙ අවට සොබා සිරිය හා එක් වෙච්ච සීගිරි බිතුසිතුවම් නෙ.හයසිය අසූවක් විතර වුණ මේ සීගිරි ගීත සමකාලීන අනෙකුත් සාහිත්‍ය නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස් බවකුයි බෙල් මහත්තයයි,පරණවිතාන මහත්තයයි කියන්නෙ.ඇත්ත!කවුරු මොනවා කිව්වත් කවියා තමයි මම විශ්වාස කරන හැටියට කාලයට සාපේක්ෂව භාෂාව සහ චින්තනය එක්ක පෙරලිකාරකම් දක්වන නිර්මාණ කරුවො අතරින් ඉස්සරහින්ම ඉන්නෙ.


 ජයවේවා! කවියට සහ සියළුම කවියන්ට!

ඉතිරිය පසුවට....... 

Wednesday, September 19, 2012

මිතුරු මැතිණියකට....

අනන්තාකාශයෙද ඔබ
පොළොවට තවත් නොබැසම
දුම් දූලි තැවරෙති'යි
දිලිඳු කිළි කුණු දැවටෙති'යි

මැති මෙහෙසුරන් හඳුනන
උච්ඡාසනම හොබවන
මැතිණිය මෙහෙව් කැළඹුම
කුමට මෙ'අප චූලයන් දැක 

ලියන්නට පද දහසක්
මැතිඳුනගෙ ආසිරිවාදෙන්
දිගාසිරි බෝ වේවා!
යෙහෙන කල ගත වේවා!

ආචාරි, මහාචාරී
සිසුන් නොකර වනචාරී
ගැමුණු පරපුරක කාරී
අනුව යව මැතිණියනි බේරී

Thursday, May 24, 2012

මහත්තුරුන්ලා!




හිතේ අමාරුවටයි ආයිබෝං!
වෙන රුදාවකට හෙම නෙවී
ලිව්වා තමයි  වංහුං
වැහුං ඇරියේ නැහැ මෙතුවක් කාගෙවත්

හීනා දී මූනිච්චාවට

අක්කියෝ නංගියෝ කිව්වට
ඉස්තරම්ම වචනෙන් ලිව්වේ මොකෑ
වදාපු අම්මලාට රිදෙන තරම

‍තම තම නැණ පමණ ගැන

තමුන් වගකිවයුතු වෙන
අනුන්ගේ බුලත් පයියෙන්
දුං කොළේ අපට මක්කට

ඩිංගිරි අම්මාගෙ හිට

පානම් පත්තුව උම්මත්තක කළ
ලියන කියන උන්දලාට
සෝලි මිස නම්බු නොදුන්කොට

තරහක් නැ ආයිබෝං

ඇබිත්තං දුකක් මිහ
නිමිත්ත නාක වුණේ
ලිවිල්ලට විතරෝම විතරද?????


සැ.යු. වදින තැනකට වදින්ට කීයලා ය! අහක යන නයි නොමනා තැං ඔල නොදමා ගන්ට ය!






Friday, May 18, 2012

සර්පයා වෙතටයි!

පහුගිය ටිකේම වැඩකට ඇති වැඩක් කෙරුනෙම නැති තරම්.අළුත් රස්සාවකට ගියා.බිසීවෙන්න කිසිම උවමනාවක්  සහ කැමැත්තක් කවදාවත් නොතිබ්බ හින්දම වැඩි වැඩක් කලේ නැහැ.ළඟින්ම ඉන්න යාළුවෝ චරු චුරු ගෑවා



."ඇයි යකෝ!ඔය දන්න කියන දේවල් වලින් රටට ලෝකෙට වැඩක් වෙන්න යමක් ලියපන්කෝ"


"ලියන්න පුළුවන් එකේ පත්තරේට ආටිකල් දෙක තුනක්වත් ලියපියකෝ"


"කවි පොත ගැන අදහස හිතපන්..."


"කෝ බන් අර බ්ලොග් එක.ඒකට හෙන ගහලද..?"   
සහ බ්ලා!බ්ලා!
ටික දවසකින් උන්ටම තේරුම් ගිහාම සද්දෙ වහ ගත්තා.උන්දලාට නොකිව්වට මේ දවස්වල මම පාවිච්චි කරන්නෙ හෂිත අයියගෙ තියරිය.

"නංගියෙ!උඹට ලියන්න දෙයක් නැති වෙලාවට නොලියා ඉන්න එක තමයි හොඳම ...බලෙන් ලියන්න ගිහාම ඒක #######වෙනවා."

( අපි එහෙමයි.හැමෝම කියන එව්ව නෑහුවට කවුරු හරි කියන දේ අහනවා.)

කාලෙකට පස්සෙ අලුත් පෝස්ටුවක්ම නොවුණත් මේ ටික ලියන්න ඕන කියලා හිතුනේ චාමි සෑම් ගෙ ලලක්කා කියෙව්වට පස්සෙ.
හැමදාම ලියනවාමයි කියලා හිතාගෙන හිටියත් හැමදාම අමතක වෙන මේ කතාන්දර පොඩ්ඩවල් දෙක  කොහෙන් හරින් කටු ගාලා නොදැම්මොත් ඒක මගෙ හිතට හරි මදි වගේ.ඒකයි.එහෙම මිසක්ක මේක බ්ලොග් පෝස්ටුවක් එහෙම නෙවෙයි ඕං!
හරිය?

අපි දන්න කියන ගොබිලෙක් හිටියා.අවුරුදු දහ පහලහක ඉඳන් දන්නවා.එකට කනවා බොනවා යනවා එනවා.ගෙවල් වලින් පවා දන්නවා එකට වලබහින වග.ඕම ගිහින් ගිහින් අර උන්දායි අපේ කාණ්ඩෙම තව වනිතාවකුයි ප්‍රේමයක්ද මොකක්දෝ එකකින් වෙළුණා.වෙළුණා කිව්වෙ ඉතින් වෙළුණා තමා.

ටික දවසයි දස්ට කරගත්ත සර්ප ජෝඩුවක් වගේ දෙන්න දෙපැත්තට පැන්නා.එක එක අඩු පාඩු,නොගැලපිලි තියෙන්ට ඇති නෙ.දැන් තියෙන කොස්ස මුන් දෙන්නා එකාට එකා ජම්මාන්තර හතුරෝ වාගෙ හැසිරෙන එක.අපට ඉතින් ඕක හෙනම අවුල්.කියලා පිරිමහන්නත් බෑ.අනේ මන්දා.

පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි දෙන්නට දෙන්නා හිත්රිදෝ ගන්නවා.වනිතාව නම් මා එක්කම ආඩපාලි කිය කිය අඬලා හිත හදා ගන්නවා.අරුන්දා මක් කොරනවද දන්නෙ නෑ.ඒකා මේක කියවන වග දන්නවා.උඹේ හැසිරීම හිතා ගන්න බෑ.කරන දෙයක් මිනිස්සුන්ට තේරෙන විදිහකට කරපන් බන්.නැත්නම් අපිත් පැටලෙනවා.

ආහ්!කතා අංක දෙක.අපේ යාළු සෑම්.

බ්ලොග් කෙරුවාවෙන් අඳුන ගත්ත අදටත් නමක් ගමක් නොදන්න හොඳ හිත ඇති මිත්තරයෙක්.එහෙම කියන්නෙ විශේෂ හේතුවකට.පහු ගිය කාලේ මොකක්දෝ හුටපටයක් වෙලා වීතරාගී බ්ලොග එක පාරටම නොපෙනී ගියා.නැති බැරි වෙලාවෙ පිහිටටට කියලා උන්නේ සෑම් විතරයි. වෙච්ච සංගෙදිය කියලා මැසේජ් පොඩ්ඩක් මූණු පොතට දැම්මෙ යමක් කරයි කියලා හිතාගෙනම නෙවෙයි.ඒත් අපරාදෙ කියන්න බැහැ දවස් දෙකතුනකින් මගෙ බ්ලොග තිබ්බ විදිහටම හදලා මග අතටම ගෙනත් දීපි.මේ චූටි අකුරු ඩිංගිත්ත ඒ සෑම්ට ඉස්තුතියි කියන්න. ටැන්කිව් ඈ!!!!

( කසාද බඳිනවා කියලා හිටු කියලා ඉන්විටේෂන් එවන උන්දලාට.>>>>>>

යකුනේ ටිකක් හීන් සීරුවේ වැඩ කරපල්ලා.ලෝක විනාසෙ බොරුවක්.අපිත් ජීවත් වෙන්න එපැයි.හරි හමන් සර්පයෙක් දැකපු කාලයක් මතක නෑ.ඇයි වදේ "ඇතුලත්මුදලි මහත්තයගෙ පඩියෙන්" මීට වඩා සැපට ජීවත් වුණා නෙ.)


Saturday, March 17, 2012

ප්‍රේමාතුර


"අව් වැසි දෙකේදීම කාගේ හෝ හෙවණක් පතන බොළඳ හර්දය වස්තුවක් සහිතව ඉපදීම අතිශය වේදනාකාරී අත්දැකීමකි.එය වඩාත් අපහසු වන්නේ තනිව ජීවත්විය හැකි,අනුන්ගෙන් නොයැපෙන ස්වාධීන මිනිසුන් මැද ජීවත් වෙන විට ය.වචනයෙන් මේ දුර්වලතාවය මඳ වශයෙන් සමනය කළ හැකි වුවත් එය යම් කාලයකට හෝ සුවපත් කිරීමට නම් ප්‍රේමය මුසු හිතවත්කමෙන් ඇරඹී ක්‍රමයෙන් වැඩි දියුණු වන ලෙන්ගතුකමක් අවැසි වේ."

-වීතරාගී-

"උඹ දන්නවද අමා.උඹ වගේම ඉස්සර පොඩිම කාලෙ මම වැඩියෙන්ම කිට්ටු ආච්චිට.හුරතලේ කියන්නෙ මොකක්ද කියන එක හොඳටම දැනගෙන උන්නෙ ආච්චි.ඒ දවස්වල අම්මා මාව බලන්න එනවටවත් මම කැමති නැ.අම්මා ආදරේ කරන්න ඇති මට.ඒත ආදරේ පෙන්නන්නෙ හුරතලේ හරහා කියලා අම්මා නොදැන ඉන්න ඇති.අප්පච්චි නම් කොහොමත් දඩබ්බර ,සැර පරුෂ චරිතයක්.කොණ්ඩෙ පීරන්න ළඟට ගත්තත් මට කිසි හුරතලයක් පෙන්නුව වගක් මතක නැ.

ආච්චිටයි සීයටයි එච්චරම කිට්ටුවෙන් ඉඳීම ආදරේ පෙන්නන්න නොදැන උන්නත් උතුරා යන ආදරයක් මම ගැන හිතේ තිබ්බ අම්මට දරාගන්න බැරි වෙන්න ඇති.ඉරිසියාවක් වගේ දෙයක් නිසා වෙන්න ඇති අම්ම නිතරම ආච්චිගෙ වැරදිම කියමින් තේරෙන වයසට එනකොට මගේ හිත බීඳවන්න හදන්න ඇත්තේ.

ඊට පස්සෙ වුණේ මම අතරමං වුණ එක.නංගිලා දෙන්නා,මලයා අම්මගෙ ජීවිතේට එද්දි එයාට මාව අමතකම වුණා.ආච්චි සීයයිත් නැති වුණා.අප්පච්චිගෙ පුරුදු දඩබ්බර ,සැරපරුෂකම එක්ක මම පොත් පත් වලට කිට්ටු වුණා.ආදරේ කරන හැටි,කියා දෙන්න මිසක් ආදරය දෙන්න ඒ පොත්වලට පුළුවන් වුණේ නැ අමා!

.
.
.

එතනින් එහාට එන්නෙ මම කතාකරන්නම අකමැති ජීවිත පරිච්ඡේදයක්.අදටත් මම හොයන්නෙ අම්මගෙන් නොලැබුණු දාරක ස්නේහය වෙන්න ඇති.ආච්චි සීය ගාවින් මාව උදුරලා ගනිද්දි මට දෙන්න එයාලා ගාව ඉතුරු වෙලා තිබ්බ ආදරේ වෙන්න ඇති.අප්පච්චිට කවදාවත්ම දෙන්න අමතක වුණ ආදරේ වෙන්න ඇති.මේ හැම දෙයක්ම එක ප්‍රාණියෙක්ගෙන් බලාපොරොත්තු වෙන සාදාරණ නොවෙන්න පුළුවන්....ඇත්ත,මම පිළි ගන්නවා.

ඒත් උඹට පුළුවන් නම් මේ ප්‍රශ්ණෙට උත්තරයක් දීපන්!

මේ වේදනාවෙන් මිදෙන්න වෙන ක්‍රමයක් තියෙනවද??????????

උඹ දන්නෙත් ලොකු කතා කියන්න විතරයි අමා.! විසඳුම් කියලා ජාතියක් දන්නෙ නැ.!!!!!"