Thursday, January 7, 2016

කාංසාමය මනෝ විභ්‍රමික පැරඩි සවුදම! ( :O :O :O )


"අප්පච්චි මේ බලන්නකෝ! මෙයා මදර්ස් ඩේ එකටත් විෂ් කරලා මැසේජ් එවලා!"






(හත්පාරක් කෝල් කලා. කතා නොකරන්න මම අහවල් වරදක් කෙරුවාය කියලද? බලාගම්මු! )

ලෝකේ හැම දෙයක්ම පවතින්නේ පැවැත්ම උදෙසා පමණමද? 

වීරයන් සහ වීරවරියන් ලෙස "වරදවා වටහාගත්"  චරිත පමණක් ම මේ ජීවිත ගමනේදී මුණ ගැහෙන එක සාමාන්‍ය සහ සරල කාරණාවක් ලෙස සලකලා හිත හදා ගත යුතුද?

ඒක පැවැත්ම උදෙසා පරමාදර්ශී චරිත සොයමින් වෙහෙසවෙන අපි වගේ බාල පෘතග්ජනයින්ගේ ෆැන්ටසිය කුඩු කරන්න මේ "සිස්ටම්" එකෙන්ම හදලා දෙන ඉන්ද්‍රජාලික මායාවක් වගේ කතාන්දරයක්ද?

ඒක ජනතා විමුක්ති පෙරමුණත් සමාජ ජාල වෙබ් අඩවි වලින් "පැරඩි අතවරයට" ලක්වීමට සමපාත කරන්න පුළුවන්ද?


වැඩක් නෑ සෑම්! වැඩක් නෑ ! වරක් දෙවරක් නෙවෙයි සිය දහස් ලක්ෂ වාරයක් කතා කලත් මේක ගැන මීට වඩා කියන්න දෙයක් නෑ. මේකෙන් මීට වඩා කොරන්න පුළුවන් කෙරුවාවකුත් නෑ. (ආව් අම්මා! එහෙම කිව්වම මූණෙ එන හිනාව! ) මහා පුරුසයො, මහ ඉස්තිරියාවො මෙගාස්ටාර්ලා වාගෙ කාගන්න කා ගැනිල්ල, බෙලි කපන්න දිය රෙදි මූට්ටු කිරිල්ල දැන් පැටන් එකක් වෙලාදා කොහෙදෝ.

"මක් කිව්ව? ලක්ෂ වාරයක්?? ඒක ගණිතමය තාර්කික පදනමක ඉඳලා කරපු ප්‍රකාශයක්ද නැත්නම් නිකන්ම නිකන් මෝඩ ගැමි ගෑණු ව්‍යවහාරයක්ද?"

 මම යෝජනා කරනවා මෝඩකම කියන එක සාපේක්ෂතාවාදයට අනුව බොරුවක් බව ඔප්පුවෙලා තියෙන නිසා ඔය යෝජනා සහ චෝදනා සම්ප්‍රප්ප්‍රලාප ගණයේ ලා නොසලකා හරින්න පුළුවන් බවට."

කැමති විදිහකට හිතා ගන්න එකයි. 

ජනවාරි අට ජයග්‍රාණෙ ආපසු හරවන්න ආවොත් මරාගෙන මැරෙනවා යකෝව්! 



No comments:

Post a Comment