සඳ මල් වරුසාව
මල් පියල්ලක් නොවට
අඳුරු නිම්නයෙ රුවට
නොව ලබැඳිවම පෙමට
සඳක මල් වැසි විසුල
හොවා ඇකයේ පෙමින
මුදුව කෙහෙරැළි අතර
දුවා අතැඟිළි තුඩින
සෙනේ ඇතිරූ මහිම
නොමැති වත්සුණු සුවඳ
කැහැටු අතැඟිළි සිඹින
මතක සුණු හැඩි කෙරුව
යහන නිදනා තනිව
සුවඳ අරගෙන දුරට
ඔබ ඉගිල ගිය පසුව
පහන් කණුවෙන් ගලන
මුඩු එළිය කුමට මට
add ur Blog http://syndi.lankablogger.info/
ReplyDeleteදුහුළු මල් පියල්ලක්
ReplyDeleteවගේ රිංගා හිතට
ආදරේ මේ තරම්
බරක් වූයේ කොහොම
බුදු අම්මෝ, ඔයා නං හරිම සිරා පොරක්(පොරියක්) වගෙයි. "සිරා" කියන්නෙ, මගෙ නං නම විතරයි. අර විතරාගී කතාව - ඔය ක්ෂේත්රයේ ඉන්න අය අතර වැඩියි කියල මං අහල තියනව - දෙවේලෙ දකින කුකුලාගෙ කරමලේ සුදු හන්දා වෙන්ටෑ.
ReplyDeleteකතා ටික කියවන්න ගත්තා. දැනටම කරකවලා අතැරල වගේ ඉන්නෙ. සාමාන්‍යපෙළ කෙමිස්ට්‍රි වත් නොකරපු එකෙක් නං එව්ව තෙරුං ගන්නව බොරු. කෙමිස්ට්‍රි -අහා ,ඒ දවස්වල නින්ද යනව හොර නං , අමරදේවගෙ සිංදුවක් අහනව, නැත්නං කෙමිස්ට්‍රි පොත බලන්න ගන්නව.
අර මගගෙදර කතා සැට් එක හරි ලස්සනයි. ගූගල් මැප් වලින් ලංකාවට යන අපි වගේ අයට, හිතෙන් වත් සුපුරුදු ගැමි පරසරයට යන්න උදව් කලාට බොහොම පිං.
ඔය "getting your message across " කියන එක ලේසි පහසු කෙලියක් නෙමෙයි.
ReplyDeleteමෙන්න "ඉඳිකට්ටා" ගැන මං අහල තියෙන කතාවල්.
එක දවසක් අන්ධයෙක් පාරෙ ඇවිදගෙන එනවලු. ඒ පැත්තෙම අනිත් අතට හාමදුරුනමක් බිම බලාගෙන වඩිනවලු. හැප්පුනාලු දෙන්නව:
අන්ධයා: කව්ද යකෝ හැප්පෙන්නෙ. ඇස් පොට්ට වෙලාද?
හාමුදුරුවෝ: පිංවත, මම මහණ කෙනක්මි.
අන්ධයා: හුටා. ඉඳිකට්ට ඇනුණා නං, බඩුම තමා.
තේරෙනව නේද මහණ -මහන දෙකේ වෙනස. මං මේ වැල්වටාරං ඔක්කොම කිව්වෙ, මං මේ ලිපි වලට කැමති නිසා, ඒත් පොඩ්ඩක් සැර බාල කරල ලිව්වොත් හොඳයි කියල කියන්නයි. සුවඳ "සබන්" ගැන කතාවක් පස්සෙ කියන්නම්.
ම්...................................................................................................................................................................................!
ReplyDeleteසියලුම කතාන්දර වලට බොහොම ස්තුතියි යාලුවනේ!
ReplyDelete:)))
@පිනිබිඳු
ReplyDeleteආදරේ මල් පියලි
හත අටක් වත් නොවේ
බරම නටු පොලව හාරා
පසට හාද වේ
charmiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii?????
ReplyDelete