Monday, February 7, 2011

ඉබ්බෝ!

මං කොයි තරම් නම් උත්සහ කලාද කවි ලියන්න..පදයකට දෙකකට එහා යන්න බැරි වුණා කවදාවත්.ඉස්සර අපි එකතු වුණාම කවි පොත් හයියෙන් කියවනවා.එතනදි නං ඉස්සරහින්ම ඉන්නෙ මං.කැගහලා තාලෙට සමුද්රඝෝෂ විරිතෙන් කවි කියද්දි යාලුවෝ නිස්සද්දව අහගෙන ඉන්නවා.මම අහංකාර නොවුනට ආඩම්බරයි.ඇස් කොනින්වත් බලන්නෙ නැ එයා දිහා.එයත් දන්නවා උවමනාවෙන්ම නොබලා ඉන්න වග.එයා කවි කිව්වෙ නැ.ලස්සනට ලිව්ව.පොත් ගනන් ලිව්ව.

කවි-කවි-කවි

කැගහලා තාලෙට කියනන් පුලුවන් ජාතියෙ එව්වා.එයා ඉන්න තැන නොගැයුවට සමහර වෙලාවට ගෙදර කාමරේ දෙදරන්න කෑ ගහලා මම ඒවා කියවනවා.
එයාට කතා කරන්න පුළුවන් වුණා නම් මං දන්නවා එයා වැඩියෙන්ම කතා කරන්නෙ කවි ගැන.නාරදගෙ ඉඳන් ජයවර්දනට එනකල්ම .අපිට ව‍රු ගනන් පාක් එකේ බංකුවකට වෙලා කවි ගැන කතා කර කර ඉන්න තිබුණා.බංකුවකට වඩා සුදුසු හොර ගහක ,සපු ගහක මුලක් වගෙ තැනක්.එහෙම ඉන්න එක හරි මදි වගෙ නම් අපිට පුළුවන් නෙ එයාගෙ හරි මගෙ හරි යාළුවෙක්ව අඬ ගහ ගන්න.

අපි මුලින්ම මුණ ගැහුනෙ සරසවි උයනෙදි.රේල් පාර දෙපැත්තෙම ලෝක ප්රසිද්ධ කෙටිකතාකාරයගෙ ලංකා ගමනෙදි හිටවපු රබර් ගස් පෝලිමක් තිබ්බ මට හොඳටම මතකයි.කහපාට,රෝස පාට මල් පිපෙන රබර් ජාතියක්.දුලබ වර්ගයක් ලු.;)

ඒ මං නුවර ඉඳන් එන ගමන්.එයා නුවර අත ඇරලා එන ගමන්.රතු මල් කුඩයක් අරන් එයා පහසුවෙන් පල්ලම් බහිමින් ඉද්දි මම ඒ කන්දෙම අවසාන කොටස නගිමිනුයි.මගෙ මල් මල් කුඩෙත් එයාගෙ වගෙමයි.එයා නැවතිලා "අපි කුඩ දෙක මාරු කරගමුද ? "වගෙ බැල්මකින් මා දිහා බැලුවා.මං ගස්සලා අහක බලා ගත්ත වේගෙට ඔලුව සිග්නල් කනුවක හැප්පුනාද කොහෙද.සිහිය එද්දි කුඩ දෙකම ලෙඩ ඇඳ ළඟ කබඩ් එක උඩ තිබුණා.මට දීලා තිබුණෙ ඉබි ලේ.ඒව කලූඌඌ පාටයි.මට ගැලපෙන ලේ වර්ගෙකට තිබිලා තියෙන්නෙ එච්චරයි.

ඉබ්බෝ ඇති කරන ,බලා හදා ගන්න ආසාව නවත්තගන්න බැරි තත්වෙකට ආවෙ ඊට පස්සෙ.එයා මට ඉබ්බො ඇති කරන තැන් ගැන ඔත්තු කීපයක් දීලා තිබුණා.විවේක ඇති හැම වෙලාවකම මට ඕන වුනේ එයා එක්ක එකතු වෙලා ඉබ්බන්ට කෑම දාන්න.සමහරදාට බනිස් කිලෝ දෙකක් විතර අපි ඉබ්බන්ට දෙනවා.ඉබ්බො කං කුං වලට කැමතියි කියලා එයා කොහෙන්දෝ හොයාගෙන තිබුණා.මම එදා ඉඳන් කං කුං කෑම නැවැත්තුවා.

ඔහොම පර්යේෂණ සහ සොයා ගැනීම් ගණනාවකට පස්සෙ ක්‍රමයෙන් දියුණු වෙලා අපට අන්තිමට පුළුවන් වුණා රහසිගත කැස්බැ වගා මධ්‍යස්ථානයක් පටන් ගන්න.අපිට යාලුවෝ ගොඩක් ලැබුණා මේ වැඩේ නිසා.එයා ඉබ්බෝ ගැන කවි ලිවිල්ල නවත්තලා කැස්බැවො ගැන ලියන්න පටන් ගත්තා."කැස්බෑවී" කියල පොතකුත් ගැහුවා.ඒකෙන් මම තේරුම් ගත්ත අපි දෙන්න ගොඩක් සමානයි කියලා.කොහොමත් ලියන්න බැරි වුණත් මම කවි වලට කැමතියි.එයත් ගයන්න බැරි වුණත් මගෙ ගැයුමට කැමති බව පෙන්නලා තියෙනව.කොහොමත් මට ගයන්න පුලුවන් .මට මම ගැන විස්වාසයි.

ඒකට කියන්නෙ ආත්මාභිමානෙ කියලා.මං ජාතිකාභිමානෙ ගැන කියවෙන නන්දගෙ ගීත කිහිපයක් එයාගෙ fb wall post හැටියට දැම්මා.එයා පහුවදාම ප්රතභාකරන් තවමත් ජීවමාන බව පෙන්වන්න හදපු ව්යාගජ රූප සහිත ඊමේල් තොගයක්ම එවලා තිබුණා.මං එයාට ආදරෙයි කියලා මට හරියටම හිතුනෙ එදා.
අපි පන්සල් ගැනත් හුඟක් විස්තර හෙව්ව.විශේෂෙන් පොකුණු තියෙන පන්සල්.පුරාණ රජමහා විහාර වගේ එව්වා.සමහර පන්සල් වල අවුරුදු සිය ගණනක් පරණ ඉබ්බො හිටියා.ඉබ්බො කිව්වට ඉබ්බොම නෙවී.ඉබි කටු.මං ඒවට පුදුම විදිහට බැඳිලා හිටියෙ.මේ දවස්වලම තමයි එයාගෙ හැසිරීමෙ මාව නුරුස්සන පාටක් පේන්න ගත්තෙ.

"ඔයා........
ඔයා පසුගාමී
ඔයා පසුගාමී මානසික බලවේග වලට ආවඩන්නියක්!"

ලා රෝස පාට චූටි කොලේක ලියලා මට දුන්නා.ඒක තමා එයා මං ගැන ලිව්ව පලවෙනි කවිය.මට දැනුන සතුට කියා ගනන් බැරි වුණා.කිව්වට තේරුමකුත් නැ නෙ.අනික මට කවි ලියන්නත් බැ නෙ.කවියකට වාක්‍ය රචනාවකින් ප්‍රතිප්‍රේමය පෙන්නන්නත් මට හිතුනෙ නැ.කලින්ම කිව්වනෙ .ආඩම්බරකමට මම හිනා වෙලා නිහඬවම සතුට දරා ගත්තා.ඔය වගේ නොතේරෙන කවි කීපයක්ම එයා සැරින් සැරේ මට දීල තිබුණා.මම එව්වා ඒ දවස් වල කියවමින් හිටි "The island of blue dolphiins "පොත ඇතුලෙ දාලා අරන් තිබ්බා.

දවසක් මට එයාටත් නොදන්වා හදිස්සියෙම කැස්බැ කොටුවට යන්න වුණා.මෙන්න මම යද්දි එයා ඉන්නවා කලපුව ළඟ ලොකු වී ලාහක් වගෙ පෙට්ටියකුත් තියාන.පෙට්ටියට අත දදා මොනවදෝ අරන් වතුරට විසි කරනවා.මං එහා පැත්තෙ තිබුණ අඳුරණ වැටකේ ගහකට මුවා වෙලා බලාන හිටියා.

දෙයියෝ සාක්කි!

මේ මනුස්සයා මෝරන්න දාලා තිබුණ කැස්බැ බිත්තර එක එක අරන් මුහුදට විසි කරනවා.මට කේන්තිය ඉහිලුම් නැතුව ගියා.අසිහියෙන් වගෙ දුවගෙන ගිහින් අතේ තිබ්බ රතු මල් කුඩෙන් ගහල ගහල කලපුවට තල්ලු කරලා මම ගෙදර ආවා.

පසුගාමී බලවේගය!-බම්බුව!

ඉබ්බො දැකලා පටන් ගන්න වැඩ අසුබයි ලු.අම්මා ඉස්සර නිතරම කියනවා.අන්තිමටම ඉබිකටු බලන්න ගිය රජමහ විහාරෙ මලුවකට වෙලා පැය ගානක් අඬලා අඬලා මම හිත හදා ගත්තා.ඊට පස්සෙ කවදාවත් මං සමුද්‍රඝෝෂ විරිතෙන් කවි කිව්වෙ නැ.

9 comments:

  1. මගෙ ඔලුව තෝන්තු වෙලා වගේ. අනේ තේරෙනව අඩුයිනෙ. ඒත් මොකක් හරි ලොකු අරුතක් මේ නොතේරීම ඇතුලෙ තියෙන වග විතරක් නම් තේරෙනවා.

    ReplyDelete
  2. ?????????????????????????????????????

    ReplyDelete
  3. mulu blog 1kema melomagulak mata therenne neththe ai anee?

    ReplyDelete
  4. ඇයි එයා බිත්තර මුහුදට විසි කලේ... මට හිතාගන්න බෑ.... ඒ හේතුවට ඔය දෙන්න වෙන්වෙන්න තරම් බලපෑවේ කොහොමද....

    ReplyDelete
  5. එයා බය වෙන්න ඇති මට ඉතිහාසෙ අමතක වෙයි කියලා.ඒ එක්කම මට ඉතිහාසෙ අමතක කරනන් උදව් කරන්න ඕන කියලත් එයාට හිතෙන්න ඇති නචී! :)

    ReplyDelete
  6. නියමයි. හොඳට රසවින්දා.

    මේකනෙ ලොක්කී, වැඩේ. අපි එක එක්කෙනාගෙක කැපෑකුටි එක වගෙ නෑනෙ. හරිද මන්දා?අර නැග්ග කන්ද -පේරා ෆයිනල් ඉයර්. මට කෙලෙව්වෙ රතුමල් කූඩෙ -ම්හු..මීටර් වෙන්නෙම නෑ. ව්‍යංගය මං ඉතා අගේ කරන දෙයක්. ඒත් බුදු නෝනෝ, අපිව මෙච්චරම අමාරුවෙ දාන්න එපෝ.

    ReplyDelete
  7. @siribiris
    මේකනෙ ලොක්කෝ...මේක ඇත්තටම කියනවා නම් ආත්ම ප්‍රකාශනයක් වගෙ එකක්.ඒකෙන් ඔයාලා අපහසුතාවයට පත් වුනා නම් මට සමා වෙන්ටා ඕන......මේඅ කාරනා හිතට ගත්තා එහෙනම් ඕන් තදටම..... :))
    මේ පැත්තෙ ආවාට ස්තුතියි යාලුවේ...

    ReplyDelete
  8. මටත් ඉන්න්නවා ඔය වගේ ආච්චි කෙනෙකුයි සියා කෙනෙකුයි

    ReplyDelete