Sunday, February 13, 2011

සඳ මල් වරුසාව


මල් පියල්ලක් නොවට
අඳුරු නිම්නයෙ රුවට
නොව ලබැඳිවම පෙමට
සඳක මල් වැසි විසුල

හොවා ඇකයේ පෙමින
මුදුව කෙහෙරැළි අතර
දුවා අතැඟිළි තුඩින
සෙනේ ඇතිරූ මහිම

නොමැති වත්සුණු සුවඳ
කැහැටු අතැඟිළි සිඹින
මතක සුණු හැඩි කෙරුව
යහන නිදනා තනිව

සුවඳ අරගෙන දුරට
ඔබ ඉගිල ගිය පසුව
පහන් කණුවෙන් ගලන
මුඩු එළිය කුමට මට

8 comments:

  1. add ur Blog http://syndi.lankablogger.info/

    ReplyDelete
  2. දුහුළු මල් පියල්ලක්
    වගේ රිංගා හිතට
    ආදරේ මේ තරම්
    බරක් වූයේ කොහොම

    ReplyDelete
  3. බුදු අම්මෝ, ඔයා නං හරිම සිරා පොරක්(පොරියක්) වගෙයි. "සිරා" කියන්නෙ, මගෙ නං නම විතරයි. අර විතරාගී කතාව - ඔය ක්ෂේත්‍රයේ ඉන්න අය අතර වැඩියි කියල මං අහල තියනව - දෙවේලෙ දකින කුකුලාගෙ කරමලේ සුදු හන්දා වෙන්ටෑ.

    කතා ටික කියවන්න ගත්තා. දැනටම කරකවලා අතැරල වගේ ඉන්නෙ. සාමාන්‍යපෙළ කෙමිස්ට්‍රි වත් නොකරපු එකෙක් නං එව්ව තෙරුං ගන්නව බොරු. කෙමිස්ට්‍රි -අහා ,ඒ දවස්වල නින්ද යනව හොර නං , අමරදේවගෙ සිංදුවක් අහනව, නැත්නං කෙමිස්ට්‍රි පොත බලන්න ගන්නව.

    අර මගගෙදර කතා සැට් එක හරි ලස්සනයි. ගූගල් මැප් වලින් ලංකාවට යන අපි වගේ අයට, හිතෙන් වත් සුපුරුදු ගැමි පරසරයට යන්න උදව් කලාට බොහොම පිං.

    ReplyDelete
  4. ඔය "getting your message across " කියන එක ලේසි පහසු කෙලියක් නෙමෙයි.
    මෙන්න "ඉඳිකට්ටා" ගැන මං අහල තියෙන කතාවල්.

    එක දවසක් අන්ධයෙක් පාරෙ ඇවිදගෙන එනවලු. ඒ පැත්තෙම අනිත් අතට හාමදුරුනමක් බිම බලාගෙන වඩිනවලු. හැප්පුනාලු දෙන්නව:
    අන්ධයා: කව්ද යකෝ හැප්පෙන්නෙ. ඇස් පොට්ට වෙලාද?
    හාමුදුරුවෝ: පිංවත, මම මහණ කෙනක්මි.
    අන්ධයා: හුටා. ඉඳිකට්ට ඇනුණා නං, බඩුම තමා.

    තේරෙනව නේද මහණ -මහන දෙකේ වෙනස. මං මේ වැල්වටාරං ඔක්කොම කිව්වෙ, මං මේ ලිපි වලට කැමති නිසා, ඒත් පොඩ්ඩක් සැර බාල කරල ලිව්වොත් හොඳයි කියල කියන්නයි. සුවඳ "සබන්" ගැන කතාවක් පස්සෙ කියන්නම්.

    ReplyDelete
  5. ම්...................................................................................................................................................................................!

    ReplyDelete
  6. සියලුම කතාන්දර වලට බොහොම ස්තුතියි යාලුවනේ!
    :)))

    ReplyDelete
  7. @පිනිබිඳු
    ආදරේ මල් පියලි
    හත අටක් වත් නොවේ
    බරම නටු පොලව හාරා
    පසට හාද වේ

    ReplyDelete
  8. charmiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii?????

    ReplyDelete