Monday, January 30, 2012

බෞතික විද්යා විනෝදය නොහොත් "කෙල්ලන්ගේ" පොඩි පොඩි වීර ක්‍රියා


කොළු කතාවලට පස්සෙ කෙළි කතාවක් හැටියට අද තමයි හා හා පුරා කියලා යශ්ටි ගෙ කතාවක් ලියන්න හිතුනෙ .මෙච්චර කලකට පස්සෙ.මේ කතාව කියවන අයට මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන්.ඒත් ඔන්න ඔහේ ලියලා දානවා.මොකෝ මේ යන විදිහට අපෙ දරුවෙක්ට "පාසල් වියේ රස කතා " කියන කාලෙ එද්දි අපේ මෙමරිය ඒතරමටම යහපත් තත්වයෙන් තියෙයි කියලා දැන් දැන් තේරෙන නිසා මතු ආයෝජනයක් හැටියට. ඒ තරම් අපේ රටේ විශ්ව විද්‍යාල ක්‍රමය වෙලාවට කලාවට අපිව එළියට දානවනෙ.

ඔන්න අදාල කතාව මෙහෙමයි.අපි උසස් පෙළ කරන කාලේ අපටත් ඔය හැමෝටම වාගෙ දොරකඩ සිට ජීව විද්‍යාව උගන්න ගෙන එන මිස් කෙනෙකුයි,කණට නොඇසෙන ඇහැට නොපෙනෙන ඉගෙනුම් පිළිවෙලක් තිබ්බ ෆිසික්ස් මිස් කෙනෙකුයි,E සිට M දක්වා වෙච්ච බයෝ මැත්ස් ක්ලාස් ඔක්කොටොම එකවර උගන්නන්න පුළුවන් කෙමිස්ට්‍රි මිස් කෙනෙකුයි හිටියා.ෆිසික්ස් මිස් උගන්නන එව්ව ඇහෙන්නෙ ඉස්සරහ පෝලිමෙත් උපරිම දුරකට බෙල්ල දික්කරන්න පුළුවන් සත්වයෙක්ට නැත්නම් දෙන්නෙක්ට විතරයි.ඉතින් ආය අන්තිම පේලියේ හිටිය අපි ගැන කවර කතාද? මේ කතාවෙ කථා නායිකාව "යශ්ටි" දැන් ජ'පුර වෛද්‍ය පීඨෙ අවසන් වසරේ.ඉස්කෝලෙ කාලෙ තිබ්බ උන්මාද තත්වයේ හැටියට මනුස්සයා "සයිකැට්‍රිස්ට් "කෙනෙක් වෙයි කියන එක තමා අපේ ඒකායන අපේක්සාව.

මුන්දා ඒ දවස් වලත් කවුරුවත් කියන දෙයක් අහන යකෙක් නෙවෙයි..උන්න හිටි ගමන් පන්තියෙන් නැගිටලා ගිහින් ,ප්‍රින්සිපල් පන්තියට ඇවිත් හිටියත් සත පහකට ගනන් නොගෙන ,වෙව්ලමින් ඉන්න අපිව තවත් පිස්සු වට්ටමින් බබා වගේ වාඩි වෙන එක යෂ්ටිට සිම්පල්!කණට ඇහෙන්න කතා නොකරන,කැට් වෝක් එකෙන් ගමන් යන මේ අරුම පුදුම ස්ත්‍රී පරාණෙ ගැන දැඩි උනන්දුවෙන් පසු වුණ ගෝතයෙකුත් ඒ දවස්වල යෂ්ටිගෙ ෆිසික්ස් ටියුෂන් ක්ලාස් එකේ උන්නා.මගේ මේ අතිජාත මිත්‍ර පරානෙ පන්තියේ වැඩ ගැන සත පහක උනන්දුවක් නැතුවට මොකද ටියුෂන් ක්ලාස් වැඩ වලට උපරිම භක්තිය.දවසක් ළමයා ෆිසික්ස් මිස් පන්තියට එන්න කලින් එන්න කලින් මෙහෙම කියපි!

"හවසට හදාගෙන යන්න ෆිසික්ස් ගණන් 25ක් තියෙනවා.ඔයාට ඕන නම් ඉන්න.එහා පන්තියට ඉන්ග්ලිශ්! මිස් එන්නෙ නැහැ ලු..මම එහෙට වෙලා ගණන් හදනවා"

මොන දස වැඩ කළ පලපුරුද්ද තිබ්බත් දැන් මාව වෙව්ලනවා.මිස් බැරිවෙලාවත් ඇහුවොත් මම මොනවා කියන්නද?අනික රෙජිස්ටර් එකෙත් මාක් වෙලා ඉවරයි.සේරටම හපන් මිස්ට කේන්ති ගිහාම .මුණු මුණු ගගා ඉගැන්නුවට ගණ්ඨාරේ වාගේ බනින ටික පැය 2 ක්ම අහගෙන ඉන්න වෙනවනෙ.

මට හිතනන්වත් වෙලාවක් නොතියා යෂ්ටි පොත් ටිකත් උස්සගෙන එහා පන්තියට ගියා.මිසුත් පන්තියට ඇවිත් මුණු මුණුව පටන් ගත්තා.දෙකට කාලයි.ඉස්කෝලෙ ඇරෙන්න විනාඩි පහලවයි.මිස්ට යෂ්ටි ගැන ගානකුත්නැහැ.අමාරුවෙන් ගානක් හදලා ඔලුව උස්සපු මට හීන් දාඩිය දැම්මා.

"කුමාරි! මේ ඔයාගෙ ක්ලාස් එකේ ගර්ල් කෙනෙක් නේද?....."

හයියෝ!

එහා ක්ලාස් එකේ ඉන්ග්ලිශ් මිස් යශ්ටිගෙ අතින්ම අල්ලගෙන ඇවිත් අපේ ෆිසික්ස් මිස්ට බාර දෙන්න.

ඊට පස්සෙ වෙච්ච සන්තැසිය කියනන් ඕන නැ නෙ.දෙක හමාර වෙනකල් වැඩිපුර පැය භාගයක්ම දේශනාව අහගෙන ඉන්න වාසනාව අපට උදා වුණා.තිස් අටක් වූ පන්ති වාසී ජනතාව යෂ්ටිට පහුවදා දවසම සුබ පැතුවා.ආශිර්වාද කළා.ඒත් යශ්ටි නෙවෙයි එක දසමයක් සැලුනේ.

අන්තිමට බලද්දි වෙලා තිබ්බෙ මේකයි.එහා පන්තියෙ මිස් එන්නෙ නැහැ කියලා හදිස්සියෙම පීරියඩ් එක මැද්දේ ඇවිත් උගන්න්නන්න අරන්.රෝමේ ගියා නම් ගියා නම් හිටුකෝ ඒ විදිහට.අපේ උන්දා මිස්ව සත පහකට ගණන් නොගෙන ගණන් හදලා.මිස්ට යකා නැගලා නම අහලා රෙජිස්ටරෙත් චෙක් කරලා.එකම නම තියෙන අය කොහෙද පන්ති දෙකක.කණෙන් ඇදගෙන ඇවිත් අදාල තැනට දැම්මේ ඒකයි.

කැලේ මාරු කලට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගෙ තාමත් යස්ටිගෙ පරණ ගති එහෙමමයි.අදාල තත්වෙ දන්න නිසා අපි ඉවසගෙන හිටියට නොදන්න කථිකාචාර්ය මහාචාර්ය වරු එහෙම නැහැ.මුන්දා ෆයිනල් වෙනකල් ආව ගමන ම විජයග්‍රහණයක් කියාලා තමයි අපට කියන්න තියෙන්නෙ.

එහෙනම් ජය වේවා යශ්ටි! :)

ප.ලි>මේ කතාව මීට කලින් බුකියෙ ෆෝරමේක පල කොළා.කියවපු ඇත්තෝ සමාව බජනය කරත්වා!
;)

14 comments:

  1. මෙම කතාවට ඔබ සේවා ස්ථානයේ කැන්ටිමේ ලැබුන ප්‍රතිචාරය කෙසේ වූයේද?

    යහපත් ප්‍රතිචාර දැක්වූ අයගෙන් කාන්තා හා පිරිමි අනුපාතය කෙසේද?


    සියලු පාසල් මිශ්‍ර පාසල් විය යුතුයි යන්න මගේ හැඟුමයි...

    ReplyDelete
    Replies
    1. අවාසනාවට ඇත්ත කතාව.මා සේවා ස්ථානයේ කැන්ටිමක් නැත!:)))))))

      Delete
  2. මම නම් මේ කතාව බුකියෙන් කියවලා නෑ.
    පවු නේද යෂ්ඨි !!!

    ReplyDelete
    Replies
    1. ඒකා නම් පව් නැහැ.මිස් ඔය කතාව යෂ්ටිගෙ අම්මට කියලා දෙදවසක් විතර අර දඩෝරියන් බත් ගෙඩිය අපට වැරදුණා.පව් අපි! :(

      Delete
  3. අය්යෝ වැඩේ කාගේනනේ එන්ග්ලිෂ් මිස් ආපු වෙලාවේ ඊටත් එහා පන්තියට පනින්නනේ තිබ්බේ ..
    අත්දැකීමෙන් කියන්නේ ..

    ReplyDelete
    Replies
    1. මතක හැටියට ඊට එහා පැත්තෙ තිබ්බෙ ප්‍රින්සිපල් ඔපීසිය !හිකිz ය!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. යෂ්ඨි මරු නම.....

    ReplyDelete
  6. විතරාගිගෙ ලියන ඉස්ටයිල් එක වෙනස් වෙලානෙ අප්පා. කාලෙකින් මේ පැත්තෙ ආවෙ.

    ReplyDelete
    Replies
    1. අයියෝ!ඒක නරක් වෙලාද? :(

      Delete
  7. අයියෝ!ඒක නරක් වෙලාද? :(

    ReplyDelete