පැංචා කාලේ සිටම මා වැඩියෙන්ම කැමැත්තෙන් සිටියේ තනියෙන් ඉන්නටය.ආච්චීත් සීයාත් මගේ ඒ කැමැත්තට ගරු කරමින් මා වටා වැට කඩුළු බැඳීමෙන් වැලකී සිටි බව අදටත් මතකය.ඒත් රෝස මලක් මෙන් උපන්නත් රණ්ඩු කෙක්කක් වූ නගාත්,පැටි වියේ බබා මෙන් හිට උන් හිටි ගමන් අයියා පාට් දමන්නට වූ මලයාත් නිසා කුඩා කාලයේදීම මට ඒ වරම අහිමි විය.අක්කා ලෙස උන් දෙන්නා බලා කියා ගැනීමේ වගකීම මගේ කර මත පැටවුණේ එක දෙක වසරේ උන් කාලයේදීම ය.
මහගෙදර නොහොත් සීයලාගේ ගෙදර උන් කාලය මගේ ජීවිතයේ ලස්සනම කාලය බැව් මා මීට පෙර පෝස්ටුවකින්ද කියූ වග මතකය.ඒ කාලයේ අර මාර පුත්‍රයන් දෙදෙනා උන්නේද නැත.මගේ සහයට ඩැනියල් වී හිටියේ එහා ගෙදර වාසීන් වූ රංගයියා සහ රනිල් අයියාය.මගේ සම වයසේම වුවත් රනිල් "අයියා " වීමට වැඩි කැමැත්තක් දැක්වූයෙන් මට වැඩි වැඩක් නොවීය.සෙල්ලම් ගෙයක් දැම්මත් වතුර ගෙන ඒම ඇතුළු කුදු මහත් කටයුතු සියල්ල ඉටු කළේ රනිල් අයියාය.මල් කඩා දුන්නේ,කොට්ටම්බා තැලුවේ,පිනිජම්බු ඇහිලුවේ ඒ දෙදෙනාය.මට තිබුනේ ජනෙල් ආරුක්කුවට වී කකුල් පද්ද පද්දා ඉන්නට ය.මගේ කෙළි ගති අඩු වී කොලුකම් ඉස්මතු වෙන්නට ගත්තේ උන් දෙන්නා නිසා විය යුතු බව අද මට සිතෙන්නේ ඒ නිසා ය.
හැම අළුත් අවුරුද්දකම සීයාට මසන සූට් එකෙන් කුඩා එකක් මා වෙනුවෙන් මසා දීම දන්නා කාලයේ සිටම සිදු වූවකි.අවුරුදු නැ ගමන් වලදී මා සියාගේ කුඩා අනුරුවක් වීම ගැන ආඩම්බරයෙන් පිපිරෙන්නට ආසන්නව සිටියේ මා පමණක් නොවිය යුතුය.සීයාද ඉන් අපමණ සතුටක් හා සුරතලයක් විඳින්නට ඇතැයි මට අද සිතේ.
දෙක තුන වසර වලදී මා ගුරුවරුන්ගේ විශේෂ අවදානයට යොමුවූ ටියුබ්ලයිට් මෙන් දීප්තිමත් සිස්යාවක් වූ බව සිහි කරන්නේ හද පිරි සතුටකිනි. ;) ඒ වාසනාවේ මහිමයට පන්තියේ සිටි ඇම්බැට්ටම කොල්ලන් මා ළඟට ගණන් අසා ගැනීමට,අකුරු රවුමට ලිවීම පුරුදු කරන්නට , බය කරන්නට දැමීම ගුරුතුමියන්ගේ පුරුද්දක් විය.ඇම්බැට්ට කොල්ලන් මට්ටු කරන්නට නම් මගේ ඉතිරි වී තිබූ කෙළි ගති වලින් වැඩි හරියක්ම කපා දැමිය යුතු බව මා අවබෝධ කර ගත්තේ ඒ කාලයේදීම ය.අන්තිමට සිස්සත්තේ පාස් වන විට ඉතිරිව තිබුණේ ඉතා සුළුතර කෙළි ගති කිහිපයක් පමණි.
උදා:ඉස්කෝලෙට ගවුම් ඇඳීම,තෙල් ගා කොන්ඩය පීරීම,කොල්ලෙක්ට පැන්සලෙන් අනින්නට යන විට දෙපාරක් විතරක් හිතීම
අපේ ගේ ළඟම ඇනෙක්සියක පදිංචිව සිටි සුරංගයා ඒ කාලයේ සිටම මට ඇල්ලුවේ නැති කාරණාවක් තිබුණි.ඒ මම කළුවරට බය බවත් ,හයියෙන් කැ ගසාගෙන ඇඟට පැන්න විට මම බය වී කැ ගසන බවත් උන්දා දැන සිටි නිසා ය.එකමත් එක දවසක අපේ දොර් උලුවස්සේ එල්ලි සිට ඇඟට පැන්න දවසේ මම සුරංගව පන්නා ගෙන ගොස් අතට අසු වුණ පොල් කෝම්බයකින් දමා ගැසුවේ ඔළුව පලන්නට නොවුණත් ඒක වෙන්නට නියමව තිබුණේ එහෙම ය.සුරංගගේ අම්මා තකහනියේ විත් අම්මාට ගතු කීවේ මා නම් ළමාගති ගැවිලාවත් නැති යක්ස කෙල්ලක බව කියමිනි.අම්මා මට කිසිවක් නොකීවත් එදා නම් මට ඇත්තටම බය හිතුණේ සුරංගයා මැරෙයිම කියා හිතුණ නිසා ය.අදත් සුරංග පාරක තොටක මුණ ගැසුණු විට මට උන්දාගේ මූණට පෙර නලලේ කැළල දැක බකස් ගා හිනා යන්නේ ඇයිද මන්දා ය.;)
බාලිකාවකට ගියත් මගේ ඒ ගති එහෙම්මම විය.හත අට පන්තිවලදී අහම්බෙන් නිවාසාන්තර නාට්ටියකට සහභාගී වීමෙන් පටන් ගත් ගමන සමස්ත ලංකා ,අන්තර් පාසල් මට්ටමට ගියත් ඒ කිසිම දවසක මට ගැහැණු චරිතයක් රඟ පැමේ අවස්ථාවක් උදා නොවීම වාසනාවක්ද අවාසනාවක්දැයි කීමට නොදනිමි.එක එක සංගම් දහ පහළවක සිට කොළඹ පහේ සිට දාහතර දක්වා ඉස්කෝලවල කොල්ලන් සමඟ හැප්පෙද්දී,වාද කරද්දී,කවදාවත් සැක සාන්කාවක්,බයක් ඇති නොවුනේ ඒ පරිචය නිසා විය යුතු ය.
උසස්පෙළ ආරම්භ කළ කාලයේ දෙයියාගේ හවස පන්ති යාම ඇරඹීම නිසා ගමන් සගයෙක්ගේ වුවමනාව තදබල විය.අම්මාටත් අප්පච්චීටත් මගේ නැට්ටමෙන් එලවන්නට කාලයක් නොවූ බව දැන වුන් මට අලයාගේ සමාගමය අති මහත් සහනයක් විය.පැල් බැඳගෙන පෙම් කරන්නට කෙල්ලක් උන් නිසා ඒ අතින්ද කරදරයක් වූයේ නැත.යන එන මග තොට සැබැ සහෝදර සමාගමයෙන් මා පරිස්සම් කල අලයා සිහි වන විට අදටත් නෙතට පහදා ගත නොහැකි කඳුළක් මතු වන්නේ නිරායාසයෙනි.මේ ජීවිත කාලය තුල මට හමු වූ සැබැ මිතුරන් කිහිප දෙනා අතර උන්දා ඉහලින්ම ඉන්නා බව අදත් සිහි කරන්නේ දැඩි ලෙංගතුකමකිනි.(හා,,,,හා..... බැහැපන්!මුරුංගා අතු හයිය නැත.)
ඊට අමතරව මා වටා උන් සගයන්ගෙන් වැඩි පිරිසක් කොල්ලන් වුවත් ප්‍රේමයක් පටන්ගන්නට යෝධයා හමු වනතෙක්ම ඉන්නට සිදු වූයේ ඒ මගේ ඉරණමේ ලියවී තිබූ හැටියට වෙතැයි විස්වාස කරමි.යෝධයා පවා පෙම්බරා නොවී මිතුරු වෙසින්ම උන්නා නම් මීට වඩා හොඳ විය හැකි බව නොකිව හැක්කේ කාටද?
කතාව එහෙමය.අදටත් මගේ මිතුරන්ගෙන් වැඩි පිරිස කොළුවන් වීමේ රහස ඕකය.ඒ ඇර වෙන නැහැදුණු කමක් නොවේය.මේ ඔක්කෝම කීවේ පම්පෝරියකට එහෙම නොවේය.දුකට ය.බලන කියවන අයට මොනවා හිතෙනවාද දන්නේද නැත.අම්මා අප්පා හොඳින් තේරුම් ගත් ඒ සත්‍යය වෙනත් අය වරදවා වටහා ගත් එකට දුකය!
අප්‍රමාණ දුක ය.
අම්බානක දුක ය!

කතාවත් එක්ක මගේ නංගිව මැවිලා පේනවා! මායි මල්ලියි එක්ක හැදිලා අපි දෙන්නගෙම කොලුකම් එකතු වෙලයි ඒකිට ගිහින් තියෙන්නෙ! :)
ReplyDeleteනගාව මම මතක් කොළා කියන්ට සබීත්! :)
ReplyDeleteහප්පේ අපේ පැත්තෙත් හිටියා ඔය වගේ කෙලිකොල්ලෙක් මාව චොපර් එකෙනුත් හැප්පුවා පොඩි කාලේ..පස්සෙ ඒ කෙල්ල ආමි එකට ගියා...
ReplyDeleteහිත හොඳ කෙල්ලෙක් වෙන්ටැති මොනා වුණත්??????? ;)
Deleteදැන් උඹේ මේ යෝධයා වෙච්චි පෙම්බරා එදා මට උඹත් එක්ක ඉන්නැත්ත්දී හම්බ වෙච්චි එකාමද?
ReplyDeleteඅපේ නංගිත් පොඩි කාලේ ඔය වගේ බන් . .
ගමේ කොල්ලෝ ඒකිට ගූ බයයි . . හික්ස්
අයියෝ දුකායියෙ සල්ලි!ලොල්!ඒ මොකාද ඒ???????? ලොල්! :D
Deleteමම කියන්නෙත් ඉඳිකට්ටා ගැන තමා බොලන් . .
Deleteඒකා මගෙ බාල සහෝදරයා නෙව.ඔය බලහල්ලකො ඉතින්.මේ කතාව කියවලවත් හිතා ගන්න බැරි හැටි.......ඌ දැක්කම යෝධයෙක් කියන්ට පුළුවන්ද අප්පා ඇස් තියෙන එකෙක්ට...... ;)
Deleteකවුද බන් දන්නේ . . හික්ස් . . සමාවෙන්ට ඈ . ..
Deleteදැන් ඉතින් මෙවුවා තමන්ගේ දරුවෙක්ට බලා කියාගන්න තිබ්බා නම් තමා හොද !!!
ReplyDeleteඅර මොකද බොලේ ඒ??? :O
Deleteහප්පා.... යෝදයම තමා මැච්වෙන්නෙ.
ReplyDeleteඉඳිකට්ටට මේ ඩයල්එක ආම්බාන් කරගන්නව සුම්මා.... :)
හම්මේ ඇති යන්තම්!මං ඒත් බැලුවා සැම් මා එක්ක තරහ වෙලාද කියලා.......:)
Deleteමේ ........එන්න එපා "රෝන්ග් ටෝක්ස්" දෙන්න හරිය.අර කොල්ලන්ට ඇන්න පැන්සල තාම මා ගාව තියෙනෝ.....!!!!!!! ;)