Friday, November 12, 2010

ඇය. වීතරාගී ඔහු:යෝදයා


නමක් ගමක් නොතිබුනත් ඒ ආරාධනා පත්‍රෙ තිබුණෙ මගෙ මේසෙ උඩ.මේසෙ අයිති මට.එහෙනම් මේකත් අයිති වෙන්න ඕන මට.වෙහෙසකර ශල්‍යකර්ම දෙකකට පස්සෙ විවේකයක් ගන්න හිතාගෙනයි මම ආවෙ.එකක් වෙඩිඋණ්ඩෙකට තුවාල වෙච්ච හදවතක්.ශරීරය බේර ගන්නවද හදවත බේර ගන්නවද.?මට වැදගත් වුනේ හදවත.ඒත් ශල්‍ය කර්මය පටන් ගන්න කලින්ම හදවත නැවතිලා තිබුණා යථා තත්වයට ගන්න බැරි තරමට.පහසුවෙන් ලාබදායී මරණයක්.අවම ශාරීරික පීඩාවන් සහිතව.මෘත දේහය ලස්සනට තියේවි.
අනිත් එක මස්තිෂ්ක අර්බුදයක්.brain tumorඑකක්.මිනිත්තු කිහිපයක පමාවට නැති වෙන්න තිබුණ ජීවිතයක් අපි බේර ගත්තා.ශල්‍යාගාරෙන් පිටවෙද්දි බඩතඩි මුදලාලිගෙ හාමිනේ කඳුළු පිහගන්නවා මම දැක්කා ."තව පැය භාගෙකින් වාට්ටුවට දානවා"සහායක් හෙදිය එහෙම කිව්වම ඇගේ මූණ වෙනස් වුණා.කඳුලු වේලිලා ඇස් දෙක එළියට පනින්න වගෙ.
මේසෙ ළඟ පුටුවට වැටුණු මං ආරාධනාව කියවන්න ගත්තා.දෙයියනේ.මේක වෙන්න පුළුවන්ද?හැමදාම සිද්ධ නොවේවා කියලා පතපු විවාහෙ.පරමාදර්ශී ප්‍රේමෙ අවසානය.කඳුළු කැට දෙකක් ඇස්දෙකෙන් පැනලා රන්වන් පෑනෙන් ලියවුණු මුතු අකුරු බොඳ කලා.මේ අකුරු කාගෙ වෙන්න පුලුවන්ද?මනාලියගෙ මව් තුමියගෙ?මනාලියගෙ නම් නෙවී.
"යෝදයා ආදරේ කරන්න නම් අපූරුයි,ඒත් කසාද බැඳ ගන්න නම්???මංදා"
කිරලි කියපු කතාව මට මතක් වුණා.
බඩ තඩි මුදලාලිගෙ හාමිනේගෙ මූණෙ තිබ්බ කළුව මට ආයෙ මතක් වුණා.ජීවිතේ වෙහෙසකරයි තමයි.ඒත් අනාගත බිම් කඩ පුරාවටම පතොක් වගාවක් දාන්න ඉඩ දෙන්න පුළුවන්ද?මලක් පිපුණත් කාටවත් නොපෙනෙන කාන්තාර ඉඩමක් ????හිනාවුණත් අහසෙන් කල්පෙකට තෙතමනයක් නොලැබෙන වග දැන දැනම?

මම මොකද කරන්නෙ ඉඳිකට්ටෝ?

ඇය. වීතරාගී
ඔහු:යෝදයා
----------------------------------------
...............................................................
**********************************
----------------------------------------------
-----------------------------------------
?=)(/&%$"£$%&/()=?^?=)(/&%$£"£$%&/()=

3 comments:

  1. පරමාදර්ශී ප්‍රෙමය ගැන සතුටින් ආපස්සට හැරි බල බලා දැනට සතුටු වෙන්න,,,,ඉදිරිය ගැන අදහස් එන හැටියට කියන්නම්..
    මීට ඉඳි කට්ටාගෙ යාළුවා

    ReplyDelete
  2. ඔය සරුසාරෙට පේන ගොඩක් උයන් පතොක් තමා.
    ඩ්‍රැගන් පෲට් කියන්නෙත් පතොක් ජාතියක්ලුනේ.
    (/()=?^?=)(/&%$£" කියලා තිබුනේ බොන්ඩත් දෙනවා කියල නේද?)
    - යෝදයගේ යාලුවෙක්.

    ReplyDelete
  3. ස්තුතියි පැන්ඩො!
    @චර්මි
    ඒකත් එහෙම තමයි,කොයි උයනත් එක වග දන්න නිසාම තමයි උයන්ගත වෙන්න හිත හදා ගන්න අමාරු :)බොන්ඩත් දෙනවා!!!;))))ඔයාටත් ස්තුතියි!
    එන්නම ඕන දෙන්නම

    ReplyDelete