Saturday, September 3, 2011

නොකියමි...!


කොයි තරම් නම් කාලයක්
ඉන්න පුලුවන්ද?
රෝගී ප්‍රේමයක් එක්ක...
එක්කෝ මමත් රෝගීවෙලා
නැත්නම්?

කැමතියි මම
පහසුවෙන් ඉන්න
හුස්ම ගන්න
පහසුවෙන් ප්‍රේම කරන්න
සිප ගන්න සහ තවත් බොහෝ දේ....

ඔබ ළඟ සුවඳ තියෙනවා.ඒත් මල් නැහැ.වචන තියෙනවා .ඒත් කවි නැහැ.අපූරු මුහුණක්.ඒත් සිනා නැහැ.

මට මල් තියෙනවා .සුවඳ නැහැ,වියැකිලා බොහොම කල්.ඒත් සරසන්න පුළුවන් තවමත් ජීවිතයක්.එකක් ,දෙකක් ,තුනක්.මම එහෙම කරලා තියෙනවා.වැරදුනත් එහෙම කරන්න උත්සාහ කරලා තියෙනවා.අඩි දෙකයි දෙකේ පුංචි කුටියකට ප්‍රේමය පැය දෙකාමාරකට ගොණු කරන හැටි මම ප්‍රගුණ ක‍රලා තියෙනවා.

ඒ මායාවක් නෙවෙයි.විඳීමක්.ආත්මය පසාරු කරගෙන, හැඟීම් අවුළුවාගෙන.......ඔබව විඳිම තරම් සුන්දර යමක් මෙතෙක් හමු වී නැහැ.ඔබ කැමතිනම් ආතුර වෙන්න, සදාකාලිකවම වෙදදුරුකමකට සූදානම් මම.ඒත් වේදනාව දැන දැන කොහොම කියන්නද?නොපිලිගන්නා බවත් දැන දැනම...

කිසිදා වෙරළ - රළ හමුව නොදකින්නට
උයනත සුව විඳින්නට නොවිඳින්නට
මග තොටක සිනා නොවී නොසිටින්නට
උවමනා ලෙසටම හැකි වුණා සැබැයි!


ඒත්!අමතක කරන්නට බැහැ මට.කිසිම දවසක.ෆ්ලොරසන්ට් එළිය යටත් රුව ගුණ සුවඳ පිරි මල් පොකුරු පිටින් හිනැහුණු වග .ස්තුතියි ඔබට .
කිසිවක්ම නොදී නොසිටියාට :)
කිසිවක්ම නොදී නොසිටියාට......!

10 comments:

  1. නියමයි......යමක් ගති කිසිවක් දීමට නැත...

    ReplyDelete
  2. ප්‍රේමයෙන් ආතුර වෙනකොට කොහොමද එක හොද කරන්නේ ?
    ඔයාට නම් මොකෝ ඉදිකට්ටා ඉන්නේ. ඉදිකට්ටෝ මන් ආදරෙයි කියා කියා ඉන්න පුළුවන්නේ :)
    ලස්සන කවි සිතුවිල්ලක් !!!!

    ReplyDelete
  3. AADARAYA MAYAWAK NEWE WINDEEMAK.....SAMAHARA AYATA EKA WIHILUWAK......MATA WEDANAAWAK....

    ReplyDelete
  4. හෘද සූත්‍රය මතක් උනා

    ReplyDelete
  5. ස්තුතියි යාළුවනේ! :)

    ReplyDelete
  6. "ඔබ ළඟ සුවඳ තියෙනවා.ඒත් මල් නැහැ.වචන තියෙනවා .ඒත් කවි නැහැ.අපූරු මුහුණක්.ඒත් සිනා නැහැ. "
    අපූරු නිර්මානයක්.
    මැණික්

    ReplyDelete
  7. //කොයි තරම් නම් කාලයක්
    ඉන්න පුලුවන්ද?
    රෝගී ප්‍රේමයක් එක්ක... //

    ජීවිත කාලයක් ඉන්න පුළුවන්. බොහොම උනන්දුවෙන් හිත හිතා... නිරෝගී ප්‍රේමයක් ගැන.
    සීරියස්ලි...............

    ReplyDelete
  8. කිසිදා වෙරළ - රළ හමුව නොදකින්නට
    උයනත සුව විඳින්නට නොවිඳින්නට
    මග තොටක සිනා නොවී නොසිටින්නට
    උවමනා ලෙසටම හැකි වුණා සැබැයි!
    අපූරු නිර්මානයක්...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ප්‍රේමයේ නාමයෙන්
    රෝගී වනු මිස
    ප්‍රේමයක් කෙසේ නම්
    රෝගයක් වෙත්දැයි
    රෝගි වී
    මරු අභියසෙහි සිටමුත්
    අසන්නට සිතෙයි මට..

    ReplyDelete