ඉට්ලි හදා ගන්න මෙව්වා තමයි අවශ්‍ය ද්‍රව්‍ය:
සුදු හාල් ග්‍රෑම් 250
උළුඳු ඇට ග්‍රෑම් 150
ලුණු කුඩු මයිසූර් පරිප්පු ග්‍රෑම් 50
හදන්නෙ මෙහෙමයි.
මුලින්ම හාල්, උළුඳු ඇට, පරිප්පු වෙන වෙනම පැය 8 ක් පෙඟෙන්නට දමන්න ඕන. ඊට පස්සෙ වෙන වෙනම වතුර දන්නෙ නැතුව අඹරන්න ඕන. මේ වර්ග තුන එකට එකතු කරලා ලුණු දාල පැය 6 ක් තියලා දුහුල් රෙදි කැබැල්ලකින් වත්කරලා (වන්ඩුවේ කඩ පිමි එහෙම බැඳලා). හුමාලයෙන් තම්බාගන්නවා.එච්චරයි :)

(2)පූරි
පූරි කියන්නෙ මං ළඟකදි කාපු අමතක නොවෙන තව කැමක්.අනිත් අයට කොහොම වේවිද දන්නෙ නැහැ.තෙල් ,බැදුම් රහට කැමති මට නම් ඒක මටම හදපු කැමක් වගෙ. ;)මෙන්න මෙහෙමයි පූරි හදනවා කියන්නෙ.
(3)චපාති
තිරිගු පිටි කෝප්ප 2
උණුවතුර කෝප්ප 1/2
බටර් හෝ එළගි තෙල් තේ හැදි 2
මුලින්ම භාජනයක් අරගෙන පිටි මෝලියක් හදාගන්න. ඒකට බටර් හෝ එලගිතෙල් දමා නැවත අනා මෝලිය හදාගන්න (විනාඩි 10 ක් හෝ 15 ).මේ මෝලිය බෝලයක් ආකාරයට හදාගෙන ඒ භාජනයේම පැයක් විතර රෙදි කැබැල්ලකින් වහලා තියන්න . ඊටපස්සෙ මෝලිය ආයෙත් විනාඩි 5ක් විතර මිශ්‍රකරලා කැබලිවලට කඩලා ඒවා කුඩා බෝල හැඩයට හදාගන්න. ඒ බෝල විෂ්කම්භය ගෙන තුනීකරගන්න. දැන් භාජනයකට තෙල් දාලා හොදින් රත්වුනාට පස්සෙ හදාගත්ත චපාතිය ඒකට දාලා පපඩම වගේ පිපුණට පස්සෙ තෙල් බදුනින් අයින් කරන්න.සමහරු නම් තෙලෙන් බදින්නෙ නැහ.කබලෙ දාලා අරන් දෙපැත්ත තෙත කපු රෙද්දකින් තෙපුල් දෙනවා.පහල වීඩියෝවෙ විදිහට.
සුදු නෝනලා චපාති හදන්නෙ නම් මෙහෙමයි. ;)
මේ කැමවල රහ තිතටම වදින්න නම් සාම්බාරුවක් ඕනෙමයි.දැන් නම් කඩේ හදාපු කල් තියාගන්න පුළුවන් පැකට් කරපු සාම්බාරු ජාතිත් තියෙනවාය කියන්නෙ. සාම්බාරුව සහ අපෙ පොල්සම්බෝලයට තරමක් සමාන දියාරු මිශ්‍රණයක් තමයි. සාමාන්යෙන් ඉට්ලි,පූරි සහ චපාති වගෙම තෝසා එක්කත් අපාට් කන්න ලැබෙන්නෙ.ඊට අමතරව,විශේෂ ඉන්දියානු අච්චාරු,මස් ,මාලු ව්‍යංජන වගෙම සීනි එක්කත් මෙව්වා ආහාරෙට ගන්න පුලුවන්.
ඕන්න ඔය සම්බෝලෙ නැත්නම් චට්නිය මෙහෙම හදා ගන්න පුලුවන් ලු.
ඕන දේවල්:
ගාගත් පොල් කෝප්ප 01
කඩල පරිප්පු තේ හැඳි 02
අමු මිරිස් කරල් 01
ඉඟුරු ස්වල්පයක්
ලුණු අවශ්‍ය පමණ
බැදුමට
රතු පරිප්පු තේ හැඳි 01
අබ තේ හැඳි 3/4
සූදුරු අවශ්‍ය පමණ
කරපිංචා
රතු(වියලි) මිරිස්
තෙල් ස්වල්පයක්
මුලින් කියපු සියළු ද්‍රව්‍ය වතුර ටිකක් එක්ක හොඳින් අඹරා ගන්න ඕන.ඊට පස්සෙ සාස්පානකට තෙල් ටික දාල අබ, ටිකක් බැදෙන්න දාන්න ඕන.ඊළඟට සූදුරු ,රතු පරිප්පු,. එකතු කරලා රන්වන් පාට වෙනකල් බැද ගන්න ඕන.කරපිංචයි,රතු මිරිසුයි(වියලි මිරිස්) එකතු කරන්නෙ අන්තිමට. පදමට ආවට පස්සෙ මේ ටික අර අඹරා ගත්ත මිශ්‍රණේට දාන්නයි තියෙන්නෙ :) ස්ස්ස්ස්ස්ස්ස්ස්..................................................
දැන් මේ ඔක්කොම කතන්දර කියලා සාම්බාරුව ගැන නොකියා කොහොමද.
ඒකට ඕනෙ දේවල් තමා මේ.
පරිප්පු කෝප්ප 02
එළවලු 250ග් ( මුරුංගා,වම්බටු,කොළ මිරිස් හෝ හිනි කොච්චි,වට්ටක්කා....)
උළුහාල් තේ හැඳි 1/4
රතු මිරිස් කරල් 03
අමු මිරිස් කරල් 03
තුනපහකුඩු තේ හැඳි 01
කරපිංචා ලුණු තේහැඳි 01
අබ තේ හැඳි 02
සියඹලා තේ හැඳි 1/4
සුදුසු තෙල් වර්ගයක් තේ හැඳි 04
එළවළු හොඳින් හෝදගෙන පරිප්පු සියඹලා ටිකක් සහ ලුණු එක්ක වතුර ටිකක් දාලා මද ගින්නේ තම්බා ගන්න. රත්වුන සාස්පානකට තෙල් ටිකක් දාල අබ,උළුහාල්,අමු මිරිස්,රතු මිරිස්,කරපිංචා,තුනපහ කුඩු,සියඹලා ඉතිරිය මද වේලාවක් බැද ගන්න ඕන. ඊට පස්සෙ මේ මිශ්‍රණය අර එළවලු මිශ්‍රනයට එකතු කරගන්නයි තියෙන්නෙ. :)
මෙව්වයෙ මීට වඩා රහ ගුණ දන්න ඇත්තො තව අනන්තවත් ඇති.ඒ විස්තරත් බෙදා ගන්න තරමටම රහ වැඩි වේවි ඕං. :)

ම්ම්ම්ම්ම්.............කටට කෙළ උනනවා
ReplyDeleteඅෆ්ෆා :D
ReplyDeleteමමත් මේවට මාර ආසාවක් තියෙන්නේ. ස්තූති වෙන්න ඕන පොඩ්ඩක් මතක් කරලා දුන්නට.
ReplyDeleteකටට කෙළ උණනවෝ.....!
ReplyDeleteඕං අපි නම් අද ගෙදර තෝසා හැදුවා සම්බාරුයි,කොකොනට් චට්නියි
ReplyDeleteඑක්ක ;)
පස්ට
ReplyDeleteෆොටෝ ටික බලලා මොනිටරේ උලා කෑවා....
ReplyDeleteරහ කෑම ටිකක් තියෙන ෆොටෝ එකක් පේන මොනිටරේ කෑවත් මාර රහයිනේ . එහෙම බලාගෙන ගියාම මේ කෑම කොහොම රහ වෙයිද !!!!
එලටම ලියල තියෙනව පොටෝ ටික දැක්කම කටට කෙළ උනනවා
ReplyDeleteපහුගිය දවසක අහම්බෙන් දෙමළ කඩේකට ගියා දවල්ට කන්න. මොනාද කන්නෙ කියල අහපුවාම අරයා කිව්ව ඔන්න ඔහෙ බත්ම කමු නේද කියලා. බත් මොකෝ. අපේ සින්හල කෑමනෙ. මමත් හා කිව්වා. මෙන්න බොලේ විශ්කම්භය අඩියක් විතර වෙන යකඩ පිඟානක කෙහෙල් කොලයක් දාලා ඒක උඩ චූටි චීටි ව්‍යාංජන දීසි ගොඩාක්. ඒ මදිවට මීකිරියි සවුයි. ඈ බොලේ කෝ බත්. කොළ පාට බත් චූටිම චූටි දීසියක අහුරක් විතර තියෙනවා. පස්සෙ දැන ගත්තෙ ඒක බත් කන්න කලින් කන එකක්ලු. ටිකකින් සුදුබත් ගෙනාවා. හම්මේ දැනිච්ච සැනසිල්ලක්. ඊට පස්සෙ ඉතින් කියන්න දෙයක් නෑ ඇඹරීම තමා බඩ පැලෙනකල්.
ReplyDeleteදෙමළ කෑම කන්න මං ගොඩක් ආසයි. මේක කියවනකොටත් කටට කෙළ ඉනුවා. ගෙදරදි හදලා බලන්නත් try කරලා බලන්න ඕනේ................
ReplyDeleteඅම්මෝ.. කන්නමය් හිත... ගෙදර ගිහින් හදලම බලමු !!!
ReplyDeleteඉට්ලි ජීවිතේටම එක සැරයක් කාල තියෙනවා.
ReplyDeleteපූරි හදන්නත් ට්‍රයි කළාට අර වගේ පිම්බිලා ආවෙ නැහැ. රෙසිපියේ වැරැද්දක්ද හදපු කෙනාගෙ වැරැද්දක්ද මන්දා.
චපාතියි පරාතායි එකක්මද...? මං පරාතා නම් කඩෙන් අරන් කාල තියෙනවා.
රෙසිපි ටිකට ගොඩාක් ස්තුතියි. දෙන්න ඕන ට්‍රයි එකක් අළුත් අවුරුද්දෙ.