Wednesday, September 19, 2012

මිතුරු මැතිණියකට....

අනන්තාකාශයෙද ඔබ
පොළොවට තවත් නොබැසම
දුම් දූලි තැවරෙති'යි
දිලිඳු කිළි කුණු දැවටෙති'යි

මැති මෙහෙසුරන් හඳුනන
උච්ඡාසනම හොබවන
මැතිණිය මෙහෙව් කැළඹුම
කුමට මෙ'අප චූලයන් දැක 

ලියන්නට පද දහසක්
මැතිඳුනගෙ ආසිරිවාදෙන්
දිගාසිරි බෝ වේවා!
යෙහෙන කල ගත වේවා!

ආචාරි, මහාචාරී
සිසුන් නොකර වනචාරී
ගැමුණු පරපුරක කාරී
අනුව යව මැතිණියනි බේරී

2 comments:

  1. සෑහෙන කාලෙකට පස්සේ... !!!
    ඔය සීන් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ විතරාඟි !

    ReplyDelete