මහත්තුරුන්ලා!
හිතේ අමාරුවටයි ආයිබෝං!
වෙන රුදාවකට හෙම නෙවී
ලිව්වා තමයි වංහුං
වැහුං ඇරියේ නැහැ මෙතුවක් කාගෙවත්
හීනා දී මූනිච්චාවට
අක්කියෝ නංගියෝ කිව්වට
ඉස්තරම්ම වචනෙන් ලිව්වේ මොකෑ
වදාපු අම්මලාට රිදෙන තරම
තම තම නැණ පමණ ගැන
තමුන් වගකිවයුතු වෙන
අනුන්ගේ බුලත් පයියෙන්
දුං කොළේ අපට මක්කට
ඩිංගිරි අම්මාගෙ හිට
පානම් පත්තුව උම්මත්තක කළ
ලියන කියන උන්දලාට
සෝලි මිස නම්බු නොදුන්කොට
තරහක් නැ ආයිබෝං
ඇබිත්තං දුකක් මිහ
නිමිත්ත නාක වුණේ
ලිවිල්ලට විතරෝම විතරද?????
සැ.යු. වදින තැනකට වදින්ට කීයලා ය! අහක යන නයි නොමනා තැං ඔල නොදමා ගන්ට ය!
GOOD
ReplyDeleteඔන්න අපි නම් අහක යන නයි දාගත්තේ නෑ. කවිය කියෝලා යන්ඩ යනෝ...
ReplyDeleteඅදමයි ආවේ.. මෙව්වට හූ මිටි තියල අවඩක් වෙය්ද දන්නෙත් නෑ...
ReplyDelete"ඩිංගිරි අම්මාගෙ හිට
ReplyDeleteපානම් පත්තුව උම්මත්තක කළ"
මේ ඩිංගිරි අම්මගේ කතාව මම හරියට දන්නේ නෑ. ටිකක් විස්තර කරන්න පුළුවන් නම් සතුටක් . නන්දා මාලනිය ගයන ලස්සන සිංදුවකුත් තියනවා නේ මේ ගැන කියන.