Saturday, March 17, 2012

ප්‍රේමාතුර


"අව් වැසි දෙකේදීම කාගේ හෝ හෙවණක් පතන බොළඳ හර්දය වස්තුවක් සහිතව ඉපදීම අතිශය වේදනාකාරී අත්දැකීමකි.එය වඩාත් අපහසු වන්නේ තනිව ජීවත්විය හැකි,අනුන්ගෙන් නොයැපෙන ස්වාධීන මිනිසුන් මැද ජීවත් වෙන විට ය.වචනයෙන් මේ දුර්වලතාවය මඳ වශයෙන් සමනය කළ හැකි වුවත් එය යම් කාලයකට හෝ සුවපත් කිරීමට නම් ප්‍රේමය මුසු හිතවත්කමෙන් ඇරඹී ක්‍රමයෙන් වැඩි දියුණු වන ලෙන්ගතුකමක් අවැසි වේ."

-වීතරාගී-

"උඹ දන්නවද අමා.උඹ වගේම ඉස්සර පොඩිම කාලෙ මම වැඩියෙන්ම කිට්ටු ආච්චිට.හුරතලේ කියන්නෙ මොකක්ද කියන එක හොඳටම දැනගෙන උන්නෙ ආච්චි.ඒ දවස්වල අම්මා මාව බලන්න එනවටවත් මම කැමති නැ.අම්මා ආදරේ කරන්න ඇති මට.ඒත ආදරේ පෙන්නන්නෙ හුරතලේ හරහා කියලා අම්මා නොදැන ඉන්න ඇති.අප්පච්චි නම් කොහොමත් දඩබ්බර ,සැර පරුෂ චරිතයක්.කොණ්ඩෙ පීරන්න ළඟට ගත්තත් මට කිසි හුරතලයක් පෙන්නුව වගක් මතක නැ.

ආච්චිටයි සීයටයි එච්චරම කිට්ටුවෙන් ඉඳීම ආදරේ පෙන්නන්න නොදැන උන්නත් උතුරා යන ආදරයක් මම ගැන හිතේ තිබ්බ අම්මට දරාගන්න බැරි වෙන්න ඇති.ඉරිසියාවක් වගේ දෙයක් නිසා වෙන්න ඇති අම්ම නිතරම ආච්චිගෙ වැරදිම කියමින් තේරෙන වයසට එනකොට මගේ හිත බීඳවන්න හදන්න ඇත්තේ.

ඊට පස්සෙ වුණේ මම අතරමං වුණ එක.නංගිලා දෙන්නා,මලයා අම්මගෙ ජීවිතේට එද්දි එයාට මාව අමතකම වුණා.ආච්චි සීයයිත් නැති වුණා.අප්පච්චිගෙ පුරුදු දඩබ්බර ,සැරපරුෂකම එක්ක මම පොත් පත් වලට කිට්ටු වුණා.ආදරේ කරන හැටි,කියා දෙන්න මිසක් ආදරය දෙන්න ඒ පොත්වලට පුළුවන් වුණේ නැ අමා!

.
.
.

එතනින් එහාට එන්නෙ මම කතාකරන්නම අකමැති ජීවිත පරිච්ඡේදයක්.අදටත් මම හොයන්නෙ අම්මගෙන් නොලැබුණු දාරක ස්නේහය වෙන්න ඇති.ආච්චි සීය ගාවින් මාව උදුරලා ගනිද්දි මට දෙන්න එයාලා ගාව ඉතුරු වෙලා තිබ්බ ආදරේ වෙන්න ඇති.අප්පච්චිට කවදාවත්ම දෙන්න අමතක වුණ ආදරේ වෙන්න ඇති.මේ හැම දෙයක්ම එක ප්‍රාණියෙක්ගෙන් බලාපොරොත්තු වෙන සාදාරණ නොවෙන්න පුළුවන්....ඇත්ත,මම පිළි ගන්නවා.

ඒත් උඹට පුළුවන් නම් මේ ප්‍රශ්ණෙට උත්තරයක් දීපන්!

මේ වේදනාවෙන් මිදෙන්න වෙන ක්‍රමයක් තියෙනවද??????????

උඹ දන්නෙත් ලොකු කතා කියන්න විතරයි අමා.! විසඳුම් කියලා ජාතියක් දන්නෙ නැ.!!!!!"


5 comments:

  1. ඔය‍ වේදනාවෙන් මිදෙන්න ක්‍රමයක් නම් තියෙනව... හැබැයි කියල දෙන්නෙ නෑ...

    ReplyDelete
  2. හම්මෝ , කිසිම ක්‍රමයක් නෑ වගේ දැනෙන්නෙ මට නම්

    ReplyDelete
  3. කට උත්තර නෑ වගේ..
    උපරිමයි සහෝ. :)

    ReplyDelete
  4. මට හෙටින් එක්සැම් ඉවරයි..ඊටපස්සෙ මේ ඔක්කොම ඒවා මඟ ඇරුනු එවත් එක්ක කියවගෙන යන්නම්....

    ReplyDelete