Saturday, June 4, 2011

මතක ! මතක! මතක!



දවස් ගත වී හෙමිහිට
හෙමි හෙමින් විත් ළඟට ම
ඉස්සර වගෙයි තාමත්
හිත තැති ගැනෙන තරම ද

විරිත්තා හිනැහෙන
මෝඩකම් නැති මෝඩයා ඔබ

ලියන්නට මුළු හිත
සයිබර් තාප්පේ වට
හිතා පෙර එක දවසක
ඉඳිකට්ටාන ඔබ ගැන
ලීවා නොවේ කවි
ලියවුණා පද නොදැනිම

ඔබ ඒ මගම පහලට
මම හති දමන් ඉහලට
රතුම රතු මල් කුඩ
පාට බොඳ වූ දම් කුඩ
අඳුරු වත ඇති නෙක නෙක
කතා වී ඒ පෙර දින ;

මහතා කතන්දර
ලියා බෝ රස විසිතුර
ඇද ඇද එරස මුසු බස
පිනා ගිය වග වීය මුල් පොත

ගඩොල් සකිසඳ ඔබ ගැන
ලියන්නට ඇත නෙක පද
සයිබරේ මගතොට
පළමු සිනහව ඔබෙන් වූ සඳ

පැන්ඩා බඩ තඩි අහිංසක
සොයා රස රස උණ කොළ
විත් දුක සැපද විමසන
හද බසද හැඳිනීය නිවරද

සැම් හිත හොඳ දොස්තර
නාටකා වග විස්තර
පුම්බා මාව උස්කර
හදේ රැඳි වග කියමි මිත්තර ;)

සිතට සීතල දනවන
නෙතට
Link
තෙතමන ගෙන එන
පිණි බිඳු
පුංචි මිතුරිය
සිහිකරමි ඔබ ලතෙත් හැඟුමින


මධුරංග කොළුවා
අමතක කරනු බැරුවා
කොමෙන‍්ටුද කෙරුවා
හිත මිතුරුකම් සිතේ දැරුවා

යකා මුත් යකු වැඩ නැත
බුකවූ මූණ හැඩ නැත ;)
සාතා හදේ මුදුනත
සිටී නිති කිති කවයි හද මස

කතා නොදමමි කෙලෙසක
ටැබූ ඔබ වග විස්තර
පිපාසාවට දිය
විලස සෙව්වෙමි ඔබ කතන්දර

ටොපි ලියන රචියාද , දිවි දුක
"දුකා" නම ගෙන ලියන සකි සඳ
ප්‍රේමයෙන් ආතුරවු දන හද
තවන සනසන "ලිශා" "හිපි" නම

නිබඳ සමරමි සමර නම මම
අකුරු අතරින දිවි පොහොනි කළ
රසවතිය හා වචන ටැක්සිය
රස මගේ මා දුරක ගෙන යන

සුනේත්තරා ඔබ නම
සටහනක් පමණක්ම තබනෙමි
ලියන්නට බස සවි නැති
ගොලුවතක් පා නිහඬවම යමි

ලියා මෙහි මේ පද
තුති පුදමි නම නොදත් ඔබටද
ආවා ගියා වුව
තබා ගිය අඩි ඇතිය සුරැකිව

වීතරාගී නම ගෙන
ලියා ලා නෙක නෙක පද
සිස් කරන්නට හද ගැබ
සයිබරේ ඔබ වීය පන්හිඳ


මිත්‍රවරුණි! මේ වීතරාගීගෙ පනස්වෙනි පද ගැට ගැහිල්ල.ස්තූති
වන්තවෙන්න ඕනෙ හැමෝටම.තිස් තුනක් පදිංචිකාර මිතුරන්ට,"ආවෝ-ගියෝ" වුණ මිතුරන්ට .හිත් සැහල්ලුව සැහල්ලු වුණා. සම හද ඇතිවුන් හමු වුණා.සතුටුයි අපට අප්‍රමාණව. :)

5 comments:

  1. වීතරාගි ගේ පද ගැට ගැහිල්ල නම් නියමයි. ඔක්කෝම යාලුවෝ මතක් කරලා තියෙන්නේ.

    ReplyDelete
  2. මෙන්න මගේ නමත් දාල... :0

    50 ට සුභ පැතුම් !... ( වයස 50ක් නේද දැන්..)

    ReplyDelete
  3. අප්පච්චියෝ සුබ පතන්නත් බැරි උනා නේ. ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම් ඉදිකට්ටි .. නෑහ් නෑහ් වැරදුනා. සුබ පැතුම් වීතරාගි

    ReplyDelete
  4. සුභපැතුම් විතරාගී... මාවත් මතක් වෙලා තියෙන්නෙ. දිගු ගමනක් යන්න ලැබේවා.

    ReplyDelete
  5. ස්තූතියි කවියකින් ම කිව්වාට
    සුභ පතනවා ලියවිල්ලට හැමදාම
    පනහ පිරුණු කල ලියමනකට බෝම
    කොතරම් අරුම දේ නම් සිදුවෙනවාද

    තව තවත් ලියන්නට ජය..!

    ReplyDelete