Saturday, May 14, 2011

Xy සිනමා! :)))))))))






ආය දෙපාරක් හිත හිත හිටියෙ නැහැ.දැම්ම සඳුදත් නිවාඩු.කැන්සල් කර ගත්තා ඉරිදා උදේ රාජකාරියත්.ඕං අමා නිදහස්.ඉරිදා දවස නිදා ගැනීමට සහ ප්‍රියතම විනෝදාංශය වෙච්ච්ච බලාගත් අත බලා සිටීමට.අස් පස් කිරිලි කීසිවක් නොමැත.අම්මගේ නැදැ ගමන සහ ගෙවල් බලන්නට යාම පසුවට සලකා බලනු ලැබේ.


සඳුදා ඉඳිආප්පෙ එන එකක් නැහැ. ඒ හින්දම එදා අස් පස් කිරිලි,රෙදි සේදීම්,මූණ කට හැඩ වැඩ කරගන්න කටයුතු සහ රාජකාරී කටයුතු වල මඟ හැරුණු තැන් පියවීම්.

ඊට පස්සෙ වෙසක්.සිල් ගන්න සැලස්ම ස්ථිරයි.

ඊටත් පහුවදා සැලසුම් රහිතයි.

අමා මේ දවස් වල සතුටින්.ඉස්සරට වඩා බොහොම.හීන් දුකකුත් නැතුවාම නෙවෙයි.ඉර හඳ තාරකා අතට ගන්න බැරි බව දන්නවා තමයි.ඒත් ඇහැට පේන දුරක තිබීමත් සතුටු වෙන්න කාරණාවක් නේද?:D

අපූරු වීඩියෝවක් දැක්ක පහුගිය දවසක.ඒක අපූරුයි කියන්නෙ අපූරුම අපූරුයි.:)))))))))))))බලන්නලාකෝ!

1 comment:

  1. ඉර හඳ තාරකා අතට ගන්න බැරි බව දන්නවා තමයි.ඒත් ඇහැට පේන දුරක තිබීමත් සතුටු වෙන්න කාරණාවක් නේද?

    ඔහොම හිතනවනම් කොයි තරම් දෙයක්ද??

    ධනාත්මක චින්තනය

    කාක්කෙක් ඔලුවට බෙට්ටක් දැම්මොත් හිතනවා හොඳ වෙලාවට හරකුන්ට පියාඹන්න බැරි කියලා . . හික්ස්

    ReplyDelete