Friday, April 1, 2011

කුමාරිකාවෝ 02


ඔන්න ඉතින් දැන් අපේ කුමාරිකාව තදබල විදිහට අසනීප වෙලා,බොහොම අසාධ්‍ය අඩියකයි ඉන්නෙ.වැද්දටත් මේ මොකුත් හිතා ගන්න බැ.මොකො ඉතින් උන්දා වැද්දෙක් නෙ.අනික ගැණු පරාණයක් කියලා ආස්සරේ කරලා තියෙන්නෙත් අපෙ කුමාරිකාව විතරනෙ.වැද්දා දන්නෙ මස් මාංස එක්ක ගනුදෙනු කරන්න නෙ.මේවගේ වැඩ වැද්දට නුහුරුයි.කොහොමින් කොහොමින් හරි අන්තිමට කුමාරිකාව ආපහු හිටිය තැනටම ගිහින් දාන්න අපේ වැද්දා තීරනේ කරනවා.

කුමාරිගෙය කියන්න පුළුවන් සියළු අටකලම්පන්න ටිකත් මල්ලක දාගෙන කුමාරිවත් උස්සගෙන ඔන්න වැද්දා කැලේ මැද්දෙන් යනවා.නානාප්‍රකාර දේවල් වැද්දට හිතෙනවා.කුමාරිව මුලින්ම දැක්ක හැටි, තමන්ගෙ පැලට එක්කගෙන ගිය හැටි, පුළුවන් හැටියට ආරස්සා කල හැටි.(දැන් මේ මරණාසන්න මොහොතේ කුමාරිව කැලේ තනි කරන්න වැද්දා ගත්ත තීරණේ හරිද?අනේ මන්දා .ඒකට නම් කතනදරේ කියන මටවත් හරි උත්තරයක් දෙන්න බැ.)

කොහොමින් කොහොමින් හරි දෙන්නා අර ගල් ගුහාවට ආව.ගෝණ හමක් එලලා කුමාරිකාව ගල් පොත්තක් උඩ තිබ්බ වැද්දා කැලේ ඇතුලෙ නොපෙනී ගියා.කුමාරිගෙ ගිරා යාළුවා ඇවිත් ඒ ගල් පොත්තෙම එහා පැත්තෙන් වැහැව්වා.

3 comments:

  1. කතාවේ ඉතුරු ටිකත් ඉක්මනට කියන්න.ලස්සන කතාවක්.

    ඉතින් ඊ...ට පස්සේ.............

    ReplyDelete
  2. ගිරව එක්ක සතුටින් ඉන්න..ඒ කැලේම කැලේ හැටියට ටිකක් නොගැලපෙන සතෙක් වුනත් පැන්ඩෙකුත් ඉන්නව ඕනි වෙලාවක කුමාරි වෙනුවෙන් හොඳ ද ?

    ReplyDelete
  3. ස්තුතියි මධුරන්ගටත් අපෙ පැන්ඩටත්!:)

    ReplyDelete