කුමාරිකාවෝ 01
කුමාරිකාවෝ 02
ඔන්න ඉතින් වැද්දා කුමාරිකාව කැලේ තනි කරලා දාලා යන්න ගියා .දැන් තනියට ඉන්නෙ අර ගිරා මිත්‍රයා විතරයි
.කුමාරියට හරියට සිහි කල්පනාවකුත් නැ.ගිරා යාලුවා බලාගෙන හිටියා.වැඩේ හරි යන පාටකුත් නැ.යන්න ගිය වැද්දා ආපහු ආවෙත් නැ.ගිරවා පියාඹලා ගියා.ඇත වතුර තිබුණ විලකින් වතුර ටිකක් හොටේට අරන් ඇවිත් කුමාරිගෙ මූණට ඉස්සා.නිල් මල් කඩාන ඇවිත් කුමාරිගෙ වටේට තිබ්බ.තමන්ට පුළුවන් මිහිරිම හඬින් ගයන්න පටන් ගත්තා.යාළුවොත් අඩ ගහගෙන කුමාරිගෙ දෙපාවල කම්මුල් තියාගෙන කුමාරිව උනුසුම් කරන්න ගත්තා.රසම පලතුරු ගෙනත් හොටෙන් මිරිකලා කුමාරිට බොන්න දුන්නා.
කාලෙ ගෙවුණා.කුමාරි හෙමිහිට අත පය හොලවන්න ගත්තා.ටික දවසකින් ගල් පොත්ත උඩම වාඩි වෙලා ඇත බලාගෙන හිටියා.අන්තිමටම කුමාරි පරණ කුමාරි ම වුණා.
ඔන්න දවසක් මහ රැ මැදියමේ කුමාරිට ඇහැරුණා.ගිරා යාළුවා ළඟ හිටියෙ නැ.කුමාරි ගල් ගුහාවෙන් එළියට ආවා.හඳ එළිය යට කවුදෝවාඩි වෙලා ඉන්නවා.ඇඟ කළුම කළු හැඩි දැඩි කඩවසම්!කොලපාට සේද සාළුවක් පනාවක් වගේ දේකින් පිරිමදිනවා.කුමාරි ගල්ගුහා දොරටුවේ පය පැටලිලා වැටෙන්න ගියා.අර ආගන්තුකයා එක පාරටම පැනලා කුමාරිව අල්ල ගත්තා.
ඒ ඇස්!
ඒ ඇස්!
කාගෙද?........................
දැන් තමයි කතාවේ භයානකම හරිය යන්නේ. අම්මෝ රෝමෝද්ගමනයත් වෙලා !!!!
ReplyDeleteඊගට වෙන දේ හිතා ගන්න බැරි නිසා ඔබතුමිය ඉක්මනින් එය ලියන තුරු ඇගිලි ගැන ගැන බලා සිටිමි. ගනින්න ඇගිලි මදි වන්නට පෙර ලියන්න !!!!
කතාව ලස්සනයි වීතරාගී !!!!
දැන් මේ කුමාරිට ඇවිදින්න පුලුවන්ද?
ReplyDeleteනැවතත් වැද්දා....සමහර විට කලින් බ්ලොග් පොස්ට් එකකින් පැනල ආපු ඉඳිකට්ට වෙන්නත් බැරි නැ
ReplyDelete