Sunday, October 9, 2011

කතාවක් නැති කතාවක්!


බලාපොරොත්තුව කියන්නේ මොන තරම් දැවීමක්ද?විශේෂෙන් ප්‍රේමය පිළිබඳ වූ.රාත්‍රී මැදියමේ නිදි වරමින් ප්‍රේමය පිළිබඳ පශ්චාත්තාපය මුසු වේදනාවකින් පීඩා විඳින තුරුණු යුවතියකගේ ඒ දැවීම පිළිබඳ පසු සටහනක් හෝ වාර්තාමය ලේඛනයක් ඔබට නුවමනා වග මම දන්නවා.ඒත් නිති හද පෙලන යොවුන් දාහයකින් ඇය විඳින්නේ පීඩාවක වග ඔබට පමණක් නොතේරීම පුදුමයක්.මෙවන් සඳ එළිය පිරි රැයක , මිහිරි ලෙස ප්‍රේමය දැවටූ අඩ අඳුරේ ඔබ හා තනි වන්නට , කොපුල මත සීතල................

"මොන සමයමක්ද බන්....

උඹලගේ ඔය මල් පත්තරේට ඔය කුනුහරුප දාල මේ ඉන්න කාලකන්නින්ව තවත් මෝල් කරවනවට වඩා නරකද උන්ට පලක් ප්‍රයෝජනයක් ඇති විදිහට මැහුමක් ගෙතුමක් ගැන , කැඩිච්ච ෆෝන් එකක් හදන හැටි ගැන ආටිකල් දෙක තුනක් දාල යහපතක් කරන එක..

අනේ මන්දා උඹලත් හිරිකිත නැතුව මේ ලබ්බවල් ලියනවනේ......"


මිහිරංගයා මම ලියලිය හිටිය කොළේට එබිලා බෙරිහන් දෙන්න ගත්තා. නොදකින් !මූ එක්ක මෙලෝ මලදානයක් සැනසිල්ලේ කරගන්න බැරි හැටි....මම ඌට උත්තර දෙන එක පැත්තකට දාලා ඊයෙ බාගෙට ටයිප් කරමින් හිටිය තීසිස් එක ඉතුරුටික අතට ගත්තා...

"දැන් බලපන්...උඹලා වගේ යමක් කමක් ඉගෙන ගත්ත එකාලත් මේ බයිලා ලියලා උන්ගෙන් ගාන කඩා ගන්නවා...

ඊට පස්සේ රටේ ඉන්න මහ එකාල ටික උන්ව අන්දලා තව දේවල් කඩා වඩා ගන්නවා..

අන්තිමට කොහෙ හරි යන ගෝතයෙක් හරි,සක්කරවට්ටමක් හරි උඹල ලියන සුර දූතයෝ කියලා හිතාන බෙල්ලෙ එල්ලගෙන මහ එකාලා දෙන ලණුව දිගටම කමින් සුවසේ වාසෙ.."


මිහිරංගයා කියවිල්ලෙන්ම ඇඳෙන් වාඩි වුණා.

"දැන් බලපන්...
උඹට වයස කීයද?
.
.
.

විසි පහයි.

චමින්ද සිල්වට?

තිස් පහක් ඇති නේ වැඩිම වුණොත්..

උඹට හීනෙකින්වත් සම්පූරණ කරන්න පුලුවන්ද තව අවුරුදු 10කින් ඌ කරපු රාජ කාරි ටික..
යකෝ ___ම කීයක්ද?
සල්ලි ?
මොකද තොට වගේ ඩිග්‍රි තිබිලද ?
පෝස්ට් ග‍්රැජුවේට් මල දානවල්ද?.
.
.
.
උඹල නම් හරක් ....අම්බ හරක්!"

යකෝ මූට අහවල් ගායක් හැදිලද ?ආ වෙලේ ඉඳන් රුවිතෙටමයි කතාව...මං තවත් කී බෝඩ් එකටම එබුණා.

.
.
.
.
.
ඒ පාර මූ සද්ද නැ.අමුතුම පොටකට වගේ එන්න හදන්නේ....බලමුකෝ!මේ දවස්වල පස්ස කාර්යාලේ වැඩත් අවුල් නේ.යුනියන් එකෙත් කචල්..මූට ආයේ අමුතුවෙන් කචල් යන්න හේතු ඕන නැ.

"මචං දිගා
! සනූගෙන් බේරෙන්න බැ බන්...
හික්කා බීච් පාටි යමු කියලා.

ඒකිට කට්ට ගහ ගත්තෙත් කොච්චර අමාරුවෙන්ද කියලා උඹ දන්නවනෙ.

පස්සෙ ශේප්මන්ට් එකක් දාගන්නකල් පොඩි ශෙයාර් එකක් ගන්න පුළුවන් වෙයි නේද සනා?

මේක ගොඩ ගියොත් පරපුරම ගොඩ තමා ආය.
එක විතරයි අමාරුව...දෙක තුන වානා!

මිහිරංගයා එපා කරපු හිනාවක් දැම්මා.


උඹව අමතක කරන්නේ නැ,ඩෙෆා උඹට සෙට් කරලා දෙනවා යූ.කේ ඉන්න නංගි කැල්ලව...

ඒකිත් සිරා මචං.සුහ්!"

ඌ ළඟටම ඇවිත් කසඩම හිනාවක් දාගෙන මගෙ මූණට එබුණා.
මං අතේ තිබ්බ අන්තිම දෙදාහ ඌට දික් කළා.

"බලපන්!
අරූ අද හොස්පිටල් එකේ පණ අදිනවා.

එකතු වෙලා පව් රැස් කරපු එක වනිතාවක් ළඟ ඉන්නවා කියලද ?
.
.
මමත් ඔව්ව නොදන්නවා නෙවී බන්!
මොකක්ද ඕකට කියන්නේ..

ආ... "අද අද එයි මරු පින් කරගන්නේ.."

8 comments:

  1. අපෝ මාත් ආස නෑ. ඔය මල් පත්තර නළු නිළියන්ගේ ඕප දූප කියවන්න. :)

    ReplyDelete
  2. ඔය තනිවට ඉන්නවයි කියන්නෙ චමින්ද සිල්ව ලඟ ලොකු අයියා,,:D

    ReplyDelete
  3. @ මධුරංග
    මම මොකුත්ම කියන්නේ නැත.ආහ් මධුරංග ගෙ අලුත් පෝස්ට් එක මරු!

    @ හරී - පිණිපළස
    එහෙමළු නේද?මොනවා වුණත් පව්.. :(

    ReplyDelete
  4. මුකුත් කියන්නේ නැත්තේ ඔයත් බලන නිසා කියලා මම් දන්නවා. මමත් ඒ කාලේ බැලුවා. පෝස්ට් එක කියෙව්වට ස්තුතියි. ඔයාගේ නෑනාවත් (ඉඳිකට්ටි) හම්බ උනා නේ. :)

    ReplyDelete
  5. අපි නෙවෙයි මධුරංග ,ඔය කොයි ලොක්කත් කොයිවත් කියවනවා.ඒත් තමන්ගේ සම්බාව්‍යකම එළි වෙයි කියලා වැඩිය නෙමේ පොඩ්ඩක්වත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ.

    ReplyDelete
  6. හික්,මටත් එකක් සෙට් කොරල දීපන්කො.උඹට පිං කෝටියක්‌ විතර.

    ReplyDelete
  7. චමින්ද සිල්වා ළඟ ගෝට් ඉන්නෙ..

    ReplyDelete
  8. @pubba06 _පින් කෝටියක් කිව්වා..අඩේ එව්ව එහෙමත් ගන්න තියේද?

    @``` Outsider```
    අම්බෝ....අලේ ඕම පද හදන්න හොඳද ආ....? :O

    ReplyDelete