හත් ඉලව්වේ.මේකෙයි තියෙන කතා රාසිය.හිනා වෙලා පණ ගියා ඕන්.ඉතිං ආයේ මොටෝ හිත හිත ඉන්නෙ.මටා..හ් හිතුනා දන්න කියන අඩු වැඩිය දාලා හොඳවැයින් එකක් ලියන්ට.
මේ සංසිද්ධිය වුණේ කෝච්චියක.කෝච්චියක් කිව්වට සුළු පටු එහෙම නෙවී.උඩරට මැණිකෙ කොළඹ දුවන වෙලාවක ඕං.නුවර ඉඳන්ම දෙවෙනි පන්තියෙන් ආසන වෙන්කරගත්ත ඒත් දෙවෙනි පන්තියේ තියා හතර වෙනි එකටවත් දමන්ට බැරි කසඩ කොළු පරාන ටිකක් හතර අතට කින්ඩි බෙද බෙද ඉඳියලු.පොල්ගහවෙල දිහාවෙන් නැගපි වයසක පහේ ආතෙක්.අනේ මුන්දලා අතර හිටිය ඉලන්දාරිකොම වගෙම මනුස්සකොමත් අඩුනැති පුත්තරයෙක් මේ උන්දාට තමන්ගෙ ආසනය පුදපි.උඩරට මැණිකෙත් හැටට හැටේ තම ගමනේ.
ඔහොම යනකොට යනකොට මීරිගම දිහාවෙන් හුරුබුහුටි කෙලි පැටික්කියක් දුම්‍රිය ඉස්තානේ ජනතාව මැද්දේ බැබලි ඉන්නවලු.අපේ කතා නායක් ගැටවුන්ටත් ඉවසුම් නැහැ ලු.ඉහල ගත්ත හුස්ම පහල හෙලා ගන්ට බැරුව බලාන ඉන්නවළු. ;)
ඕන්න ඉතින් (අ )වාසනාවක මහත කෙලි පැටික්කිත් අපේ අයියලා උන්න පෙට්ටියටම ඇවිත් එතනින්ම හිට ගනිපි.ඒ මදිවට දඩාරියං මල්ලකුත් එල්ලගෙන ,සාරියකුත් පටලෝගෙන.ලාඩන් පතුරු දෙකකුත් පතුලෙ අලවන්.කෝච්චිය පැද්දෙන පාරක් ගානේ කෙල්ලත් පැද්දෙනවා.
අනේ කෙල්ල පැද්දෙන පාරක් ගානෙ අපේ කොල්ලොත් නෙක නෙක කතා කියනවා.එකෙක් කෙල්ලගෙ වයස ගනන් හදනවා.තව එකෙක් කෙල්ලගෙ උස මනින්න හදනවා.තව උන් දුම්‍රියේ සාපේස්ස ප්‍රවේගෙ ...හප්පා.එක විකාරයයි.
ඔහොම ඉන්නකොට,ඉන්නකොට,අර එතන හිටපු ආතා රාගමින් බැහලා ගියා.කෙල්ලත් ආයෙ හිතිල්ලක් නැහැ දඩස්! ගාල වාඩි දැම්මා.දාර සයිz ජන්ගමයෙක් එළ්ළියට අරන් කොටනවා හිටු කියලා.
විනාඩි පහක් නොයන්න ඇති.එක පාරටම නාකි පහේ හමුදාවක් සද්ද නැතුව දුම්‍රිය මැදිරියට පැනපි.ටිකට් පරීස්සක මාත්තුරු.අප්පා ගාම්බීරෙ.සං සං ගාලා ටිකට් පරීස්සාව.අනේ අර කෙළි පැටික්කිගෙ මූණ කජු ලෙල්ලක් වුණා.පරීස්සක මහත්තයා කෙල්ලට මොනවද කියනවා.කෙල්ල දුම්‍රිය මාසික වාර ප්‍රවේසපත්තරයක් ඒ කිව්වේ මේ සීසන් එකක් සීරු මාරුවට දික් කරපි.මහත්තය තව සද්දෙට ගෝරනාඩුව.
විනාඩියක් ගියෙ නැහැ .කෙල්ල හැඹිලිය හූරලා හූරලා රුපියල් නවසිය හතලිහක් මහත්තයාගේ අතේ තියපි.බලන්න දුකේ බැ අප්ප.කෙල්ලගේ ඇස් දෙකෙන් දියලුමේ වාගේ කඳුළු වරුසාව.කොල්ලන්ට හිතා ගන්න බැහැ.මරදානට යනකන් නෙවී කෙල්ලගේ ඇඬිල්ල නැවතුනේ.ඉකිත් ගහනවා.කොල්ලොත් හුම් නැ.අන්තිමට බලද්දි කතන්දරේ මේකයි.කෙලි පැටික්කි තුන් වෙනි පන්තියෙ සීසන් කට්ටෙන් තමයි කලබලේට දෙවෙනි පන්තියෙ මැදිරියක වාඩි වෙලා ඇවිත් තියෙන්නේ.
කාට කියන්නද?ඔන්න නෝනලා මාත්තුරු ල.දු.දෙ කෝච්චියෙ යනවා නම් නොවරදවා දාහේ පටියක් හැඹිලියාස්සෙ හන්ගාගෙන ගියාට කවදාවත් පාඩුවක් වෙන එකක් නැහැ.
ප.ලි: හා දන්න කෙනෙක් කියමු බලන්න මං ටක්කෙටම ගාන නවසිය හතලිහයි කිව්වෙ කිව්වේ කෝමෙයි කියලා.. ;)

මාත් දවසක් කොළඹින් ඉන්ටර්සිටියක තර්ඩ් ක්ලාස් පෙට්ටියකට නැඟලා ඉන්නකොට ඔහොම ටිකට් චෙක් කලා. මම් ටිකට් එක දුන්නා. හුටා.. ඒ ටිකට් නෙමේ වෙන ටිකට් එකක්. අම්මෝ මම් අටසිය ගානක දඩයක් කෑවා. ඒ ඉස්සර නිසා.... දැන් කීයද දන්නේ නෑ
ReplyDeleteවීතරාගී අතේ සල්ලි තිබ්බ නිසා හොඳයි !!
ReplyDeleteහපෝ සල්ලි නැති එකෙක් වගේ හොරෙන් යන්නෙ ලැජ්ජ නැද්ද මනුස්සයො...
ReplyDeleteඅර උස මැනපු කොලුව කෙල්ලගෙ උස මැන්නෙ වනියර් කැලිපරෙන්ද බන්?....
කියලා වැඩක් නැහැ මධුරංග මලයෝ.වනේ ඇති එකාළු වනේ අමාරුව දන්නේ...;)
ReplyDelete@හරී - පිණිපළස
ReplyDeleteවෙලාවදත් අහල යාලුවේ..විලි ලැජ්ජව මනින්න වෙන්නෙ එහෙනං ටොන් ගානෙන්..:))))
@සාතන්
ReplyDeleteඋඹ මගෙන් ඔය අලගිය වැලගිය තැන් එක්කම අහගන්නයි යන්නෙ......
රබර් ඇහැ තමයි ඉතින්.....
ReplyDeleteමම නම් දන්නවා කෙල්ල ඕක ටක්කෙටම දැන ගත්තෙ කොහොමද කියලා. ඕක ඉතින් කාට වෙච්ච සිද්දියක්ද නේ විතරාගිට මිසක්.
ReplyDeleteඉඳළ හිටල හරි දඩයක් ගෙවල තියෙන එක හොඳයි. එතකොට මේ වගේ හරියටම ගාණ කියන්න පුඵවන්නෙ :)
ReplyDelete