Friday, October 21, 2011

X සහ ‍Y (වරද කාගෙද ?)


දැන් ඔයාට රස්සාවක් කරන්නම ඕනද?

ම්හ්!නැත්නම් මොකටද අනේ ඉගෙන ගන්නේ?
ඉගෙන ගන්නෙ දැනුවත් වෙන්න.රස්සාවල් කරන්නෙ හම්බ කරන්න.

හි හි! එතකොට හම්බ කරන්නෙ?

හම්බ කරන්නේ වියදම් කරන්න.උවමනා හැමදේටම මම වියදම් කරනවා නම් ඔයාට මොකටද රස්සා??????

හ්ම්ම්ම්!බලමුකො!

ආයෙ මොනා බලන්නද?
.......................................................................

දැන් ඔය ගමන යන්නම ඕනද?නොගියොත් විභාගෙ කරගන්නම බැරිද?


නොයා කරගන්න අමාරුයි.ෆීල්ඩ් විසිට් එක ගැන එම්. සී. කිව් පහක්වත් තියෙයි

ඒ පහට විභාගෙ ෆේල් වෙන එකක් නැ නෙ?


බලමුකො!
ආයෙ මොනා බලන්නද?

.......................................................................

එතකොට ඔයාට අද හවසට එන්නම බැහැ???

පුළුවන්! ඒත් හතරටම බැහැ! ලෙක්චර් එක ඉවර වෙලා පහ විතර වෙද්දි පුළුවන්!

පහට බම්බු ගහ ගන්නවා!

........................................................................................
ඔයා මට ආදරෙයිද?

හ්ම්ම්ම්!

........................................................................................
මට ආදරෙයිද?

..............

........................................................................................

ආදරෙයිද?

මෝඩ කතා අහන්න එපා!
!!!!!!!!!!

........................................................................................

7 comments:

  1. අවුරුදු තුනකට පස්සෙ...
    'ඔය නිකං ඉන්න එකේ ඉගෙන ගත්තු එකෙන් රස්සාවක් වත් කරනවකො......'

    ReplyDelete
  2. මෙහෙම රණ්ඩු කරනකොට තමා ලව් මල ඉලව් වෙන්නේ

    ReplyDelete
  3. මම් හූනා කියන්නා වගේ කියන්නම් මේ කතාව සිද්ධ උනේ වීතරාඟියි ඉදිකට්ටායි අතරේ.

    මුලින්ම කතාව පටන් අරන් තියෙන්නේ ඉඳිකට්ටා.

    රස්සාවකට යන්න ඕනමයි කියලා මැරෙන්න හදන්නේ වීතරාඟි !!! හික්ස් :)

    අර හතරට එන්න කියලා කියන්නේ වීතරාඟි.
    බැහැයි කියලා කියන්නේ ඉඳිකට්ටා.

    බම්බු ගහ ගන්නවා කියලා කියන්නේ වීතරාඟි. හික්ස් :)

    මට හිතුන විදිහ කොයි තම හරිද කියලා කියන්න. සමහර විට මේ කතාව ඔයාගේ හිතේ තිබ්බ අදහසක් වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් යාලුවෙක් කියපු දෙයක් වෙන්න පුලුවන් :)

    ReplyDelete
  4. හු හූ!!!!!!
    ඔක්කොම වැරදියෝ.................!!!!! :ඪ්

    මේක සත්‍යය ප්‍රබන්ධයකට වඩා විශ්මිතය කියන ජාතියෙ එකක්.දන්න කියන ගොබිලෙකුට වුණ.

    ReplyDelete
  5. හි හී.... නියම සංකල්පනාවක්........ :D :D

    ReplyDelete
  6. මනකල්පිතයි

    www.cinelanka.net

    ReplyDelete