Saturday, March 5, 2011

......යෝධයා........



"සොඳුරු අතීතයෙ නිමල පැතුම වී............"

ගුවන් විදුලිය
මහ හයියෙන් හී
පපුවෙ පල්ලටම

නොදන්නා දන්නාකම
වෙන් වීම්-හමු වීම්

කලු රකුස් මූණ

ඊයක් නෙවෙයි දැන් පින්සලක්

නිල් කහ රතු සුදු කොල දම් පාටින්.....නෙක නෙක වර්ණ රටා........

දුම්‍ රියේ දෙවෙනි මැදිරිය.....
සින්නක්කර ආසන
තනිව නූස් මම.

වේගයෙන් තිරංග යෙදීමට
රියදුරුට බලකල මල්සර

ආදරේද?

නොඇසුව වැදගත්ම
අවැදගත් ප්‍රශ්නය.

"වෙරළ රල හා තරහ වී නැත
අතීතය මගෙ හදවතේ නැත...."

දින සති මාස >>වසර හතරක්...
ගැටුම් රැවුම් ගෙරවුම් අණ පනත්
කිසිදා කඩ නොකල

සුවච කීකරු පතිනිය..නිරන්තර සැකකාරිය
කවිකාර දඟකාරිය......හෙට දිනෙක මා බාරිය

ප්‍රේමය ..වියෝග ප්‍රවේගය අනන්තව
අහසින් ඔබ්බට
දුරින් දුර
(රටකින් එහා ඉගිලී තනි වෙන්න බැ)

සුබ මොහොතින්.....!

ඔහු.යෝදයා
මම:වීතරාගී


අතේ ඇති මැණික්
ඔපය වැඩි
අගය නැති

2 comments:

  1. "අතේ ඇති මැණික්
    ඔපය වැඩි
    අගය නැති"

    සරුව පිත්තල ලෝකෙක
    කොහෙද නියම අගය
    මැණිකකට
    ප්ලාස්ටික් ස්ටෝන්
    ඇති කොට

    ReplyDelete
  2. හහ් හා....
    ‍මෙදා පාර නම් ටිකක් සැරට ලියලා.
    අත්තෙ වහපු මැණික් දෙකට වඩා ‍අතේ තියෙන මැණික හොඳයි කියලා නේද ඔයා හිතාන ඉන්නේ?

    (කෝ 'මහතා' ?)

    ReplyDelete