Friday, December 10, 2010

මායාකාරිය!




ප්‍රබන්ධයකට සුදුසු විදිහට දැන් කතාන්දරය ගොඩනැඟිලයි තියෙන්නෙ.ඇය උත්සාහ කරනවා අසාමාන්‍ය මිත්‍රත්වයක් පෙන්වමින් මට සමීප වෙන්න.මා සහ මට සමීප අය කිට්ටුවන්තයින් බවට පත් කරගන්න.එක්කෝ ඇය ඉතාමත්ම අසාමන්‍ය ආකාරයේ අහිංසක තැනැත්තියක් විය යුතුයි.නැත්නම්..........ඔබ අකමැති වුණත්, ඒක මට පේන්නේ කට්ටකමක් විදිහට වග නොකියාම බැහැ.
ඊරිසියාව මට නුහුරු හැඟීමක් නෙවී.ඉස්සරම කාලෙ මගෙම සහෝදරියට දෙමාපියන් ගේ වැඩි ආදරය ලැබීම ගැනත් මම ඊරිසියා කලා.යෝධයා සම්බන්ධව පවා මට ඊරිරිසියාකාරී හැඟීම් පහල වෙලා තියෙනවා.ඇය හෙවත් "වනිතාව" ඉඳිකට්ට ට සමීප වීමෙදි එහෙම හැඟීමක් ඇති නොවුනොත් තමයි පුදුමෙ.

ඇගේ ක්‍රමවේදය තරමක් සුවිශේෂයි. වෙලාවකට අසාමන්‍යය හිසරදයක් සහ තවත් විටෙක "කැසීමෙන්" පමණක්ම සුවය දනවන "කැසිල්ලක් "වගේ.ඇගේ ක්‍රමය ඇයටම ආවේනිකයි.සහජයෙන්ම උරුම කටහඬ ඇගේ ගමනට ආශිර්වාදයක්.මායාකාරී .සිහින්.(මායාකාරිය!).කැමත්ත අකමැත්ත පිලිබඳ නොතේරුනා සේ හිඳීම තමයි ඇගේ හොඳම තුරුම්පුව.

අපහාසය මෙතනින් නවත්තන්නේ මගේ හොඳකම ඉස්මතු වීම පිණිසමයි.නැත්නම් කිව යුතු පෙන්වා දියයුතු දේ අවසන් නිසා නෙවී.වාසනාවක් නැත්නම් ඉල්ලම් හැරීමේ පලයක් නැති වෙනවා.වාසනාවයි වඩා වැදගත්.!එහෙම හිතුවම මම පසුගාමී වෙලා වග මට පැහැදිලි වෙනවා.මෙහෙම හිතමු.වාසනාව නැතත් උට්ටාන විර්‍යයයි වැදගත්!දක්ෂ දුනුවායෙක් හරියටම ඉලක්කය ගන්න විදිහට.ලබා ගැනීමෙන් පස්සෙ පලයක් නැති බව ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගෙන හිටියත් "පැරදීලා පලා ගියේ නැ"කියන හැඟීමයි මට වැදගත්.

කොහොම වුණත් මේ වෙනකල්ම සැකයේ වාසිය සහ තවත් බොහොමයක් දේ බර වෙලා තිබුණේ මා දෙසටයි .කාලෙත් එක්කම වෙනසක් වෙන වගක් දැනීමත් එක්කම මං පටන් ගත්තා ඒ ගැන අධ්‍යයනය කරන්න.ජෙමාටත් තත්වය පැහැදිලි කලා සරලව අතිජාත මිත්‍රරත්නයක් හැටියට.මෙහෙයුම තනිව දියත් කරන ගමන්ම ප්‍රතිපල දැන ගැනීමේ උපාය මාර්ගයක් විදිහට.

මං බොහොම දුප්පත් .දවස් ගානක වැස්ස නිසා උළු දියබත් වෙලා .ඇතුලටත් තෙත බේරෙනවා.පොදු වහරින් පැල්පතකට සමීපයි.සින්ඩරෙල්ලා කතාවටත් පොඩි සමානකමක් තියෙනවා.ඒත් ඉඳිකට්ටා හෝ යෝදයාට ඒ තතවය තේරුම් ගැනීම අසීරු විය හැකියි.එහෙම බැලුවාම වනිතාවගෙ පැත්තේ බර ටිකක් වැඩි වෙනවා.අනික රූපයත් වැදගත් සාධකයක් වෙන්න පුළුවන් නෙ.ඉඳිකට්ටගෙ කුමාර ජීවිතය ගැන මම උන්දැගෙ ඒ වචන වලින්ම අහලා තියෙනව.එහෙම බැලුවාම වනිතාව කෙරෙහි ඉරිසියාවක් උපදවා ගන්නවත් මට අයිතියක් නැති තරම්.වත්කම් සහ හිමිවීම් කවදත් අවමයි මට.
කුමාරයා සුදු නැහැ.අශ්ව කරත්තයක තිබුනෙත් නැහැ.ගමන් පොදුජනතා සේවයට කැපවුන එකකින්.අදහසුත් ජනතා සේවයටමයි .විශේෂයෙන් කඳුලු බර ඇදීමට සහය වීම් සහ දුක්ගැනීම්.

4 comments:

  1. මායාකාරියට සාතන්ගෙන් ලකුණු 100% ක්....
    ඉලක්කයට විදීම මිස ඉලක්කය ගන්නා ක්‍රමය වැදගත් නැත... හරියටම ඉලක්කය ගැනීමට දගලන්නන් ඉලක්කය වරදී යැයි බියෙන් කිසිදින ඉලක්කයට විදින්නේ නැති බැවිනි...

    ReplyDelete
  2. මමත් දක්ෂම නොවුනත් දුනුවායෙක් !මේක වක්‍රව විදිය යුතු ඉලක්කයක්!වඩා සුදුසු බූමරංගයක් මේ විදිල්ලට.;)
    ස්තුතියි සාතන්. :)

    ReplyDelete
  3. ජය වේවා..අපේ ඇබොර්ජිනියානු සම්භවයක් සහිත විත් ට..බුමරංගය වැදිය යුතු තැනට වැදී ඔබ අතටම පත් වේවා..නරක මයාකාරී ඒ බුමරංග පාරට භය වෙලා තුෂ්ණිම්භූත වේවා...

    ReplyDelete
  4. බෝම ස්තූතියි අපෙ පැන්ඩටත් සුබ පැතුමට!වීතරාගිය වෙනස් වෙන්නයි යන්නෙ.ඔන්න පස්සෙ දොස් කියන්ට එහෙම එපෝ...!;)

    ReplyDelete