Monday, October 4, 2010

වෙරළත


ඇනී ඒ කගපත
ගිනි හිරු දුරක වීසිකල
මතක දහරක ලෝහිත
සීතල වීය හද මත

දිනෙක මේ වෙරළත
මහ හෝටලය අබියස
උනුන් පටලා අත
සියක් පෙම්වත් සුසුම් පැතිරෙත

ඔය ගල් තලාවම මත
මතුවු හිරිගල් කටුව විනිවිද
ගිනි හිරු අඳුර සිපගත
අහස දියවී සිපී මිහිකත

දියබත් ඔබේ රළු වත
මුවාකරගත් ඒ මියුරු රත
වියලවා හද තෙත
කොයිබ ගිය විද සොයයි සඳවත

තුති පුද:http://poerty-dawson.blogspot.com/

3 comments:

  1. ඔබ ලියූ කවිය හරිම අරුත්බරයි. කාව්‍යාත්මකයි. මට පුදුම සතුටක් දැනුනා ඔබට එතරම් හැඟුමක් ජනනය වූ අනුභූතියක් වූ මගේ නිර්මාණය ගැන.

    ඔබේ කවි මගට මල් ඉසිමි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. @ඩෝසන්
    බොහෝම ස්තුතියි ඔබට.!
    මම ඔබේ රසිකාවක්.කලක පටන්ම.:)

    ReplyDelete