Friday, October 1, 2010

සෙල්ලම් ගෙදර



ඉඳිකට්ටට මං අඬගැහුවෙ සෙල්ලම් කරන්න.මේසෙ යට සෙල්ලම් ගෙදර.මිනිහා බෑ කිව්ව.එයාට ඕනලු මුහුදු මංකොල්ලකාරයෙක් වෙන්න.මුහුදෙ විතරක් නෙවෙයි.ගොඩබිම බස් හෝල්ට් කෝච්චිවල එහෙම ඉන්න, එක ඇහැක් වහගත්ත මුහුදු මංකොල්ල කාරයෙක් වෙන්න.ඉඳිකට්ට ඩිරෙක්ට්‍රිය පෙරලගෙන tatoo shops තියෙන තැන් හොයන්න ගත්ත.අම්ලපිත්තයාට පින් සිද්ද වෙන්න ක්‍රීම් ක්‍රැකර් ජාතික ආහාරෙ කරන් පහුගිය සතියෙම දුක් වින්ඳ මං, උයාපු සෙල්ලම් බත් මුට්ටියම බිමට හැලුවා(.මගේ මූණ රතු වෙන්න ඇති.නාහෙ දික් වෙන්න ඇති.)
හෙහ්!කම්මුලේ කිනිස්සක් කොටලා ,පිටේ යෝද කොටි මූණක් කෙටුවනම් හරි.හැබැයි පපුවට හරියන්නෙ හිපපොටේමස් මූණක්."යකා මාක්"දැම්මට (පට්ට ) අහිංසක සතා නෙ.හදිස්සියෙ වුනත් මිනිහා පැයක් ඇතුලත වෙලාවක් වෙන්කරගෙන "පච්ච කුමාරි"ගෙ සාප්පුවට ගියා පාදුක්කෙ.මං සෙල්ලං ගෙදර වලං ටිකත් හෝදල දාල ඉඳිකට්ටගෙ කාමරේට රිංග ගත්තා.

හප්පා!;) කවි පොත් ,කතා පොත් විමානයයි.සලමන් කාන් ගෙ රූපෙට යටින් මිනිහා මරපු මුවාගෙ රූපෙ පොඩියට රාමු කරල ගහගෙන.මං කවිපොත් ගොඩක් උඩ වාඩි වෙලා කතා පොතක් පෙරල ගත්තා.කකුල් දෙක තියගත්තා ජනෙල් ගැට්ට උඩින්.අනේ! මගේ කකුල හැප්පිලා ඉඳිකට්ට ඇහැක් වගේ බලාගත්ත "පාණී පත්‍ර" තියෙන මල් පැලේ බිමට වැටුණා.ජංජාලයයි! (මල් පෝච්චියේ ගහලා තිබුණා"මලක් ගහලා මලත් සැපයි"කියලා.ඒක නම් මට තේරුනේ නෑ )

මං ආවෙ ඉඳිකට්ටගෙ කමිස ගබඩාවට රිංගන්න .මතු ප්‍රයෝජනයට සහ බඩගින්නේ තැබීමට පොඩි "හිත හොඳ හෝ හොඳ හිත පෑම" පිණිස.ඇමතුමේ හැටියට ඉඳිකට්ට ආපහු එන්න තව පැය 2ක් වත් යනවා.කොහොමටත්"මගදිග සේවා ලාභිනියක්"මුණ ගැහුණොත් ඕක 4ක් වෙන්නත් බැරි නෑ නෙ.
මං මෙහෙයුම පටන් ගත්තා.මුලින්ම අහුවුණේ තද දම් පාට කමිස රත්නෙ. පිට මැදට මධ්‍ය ලක්ෂ්‍යය හිටින්න මම කැපුවා බිත්තරයක්.දෙවෙනි තුන්වෙනි කමිසෙට යද්දි ඉලිප්සේ වුර්තයකටත් ,වුර්තය මලකටත් හැරුණා.ආ..................මලක්!
මල එක පාරටම සමනලයෙක් වෙලා බිම පෙරලිලා තිබුණ මල් පැලේ ළඟට ගිහින් ඉව කළා.ඊට පස්සෙ ජනෙල් පඩිය උඩට පාවෙලා ගිහින් නිදි කිරන්න ගත්තා. මට කම්මැලියි! මං කපාගත්ත කමිස කෑලි ටික මූට්ටු කරල පාපිස්සක් මහන්න හිතන් ආපහු ආවා.
(තුති පුද:මරකත කුසුමට නොහොත් රුබීට )

ඉඳිකට්ටා ගැන තවත් කතා
වීතරාගී: ඉඳිකට්ටා
වීතරාගී: මම ගෙම්බන්ට ප්‍රේම නොකරමි!

වීතරාගී: මායා බෝංචි
වීතරාගී: .ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?

2 comments:

  1. අනේ මට පැහැදිලි මදි..ඔයාගෙ බ්ලොග් එකට අලුත් හින්දද? ඉදි කට්ට, යෝධයා, අමා, සුවද සමන් මෙයලා කවුද? අර හර්ද සුත්‍රයේ පුන්සරාගෙ සමාධි වගේ ද? එහෙම කෙනෙක් නං මං ලගත් ඉන්නව.හැබැයි එයාට මං නමක් දාල නැ..දාන්නත් හිතක් නැ

    ReplyDelete
  2. .ඔහ්!සමාවෙන්න පැන්ඩො.මේ එක චරිතයක්වත් මෙයා කියල ඉරි ගහල පෙන්නන්න බෑ .ඉඳිකට්ට තමා මම දකින පරමාදර්ශී පුරුෂ රත්නෙ කියමුකො .ඒත් එයා වුණත් පරමාදර්ශී නොවෙන අවස්ථා තියෙනවා.යෝදයා තමයි ප්‍රායෝගික ලෝකෙ කොයි වනිතාවටත් මුණ ගැහෙයි කියල මම බල පොරොත්තු වෙන චරිතෙ.අමා කියන්නෙ ප්‍රධාන වනිතා චරිතෙ.ඉඳිකට්ට කියන්නෙ චරිත කීපෙක එකතුවක්.මේක ජංජාලයක් වගෙ හිතෙනවනම් මට සමාවෙන්න.කොටින්ම මෙතන කතාවක් ඇත්තෙම නෑ.සුවඳ සමන් කියන්නෙ අමාට මුණගැහෙන එක "ප්‍රේම කුමාර් "කෙනෙක්.එයාගෙන් සමස්ත ප්‍රේම කුමාර්ලම නියෝජනය වෙනවා වෙන්නත් පුලුවන්.
    අමා මගෙ අමා.
    කොහොම වුණත් රාජකාරි මැද්දෙ මේ පැත්තෙ ඇවිත් යනවට පැන්ඩට බෝම තුති!

    ReplyDelete