මල්කුමාරයා අනංගයාගේ රන් දුන්න ගෙන මට විද්දා මතකය.සිහිය එන විට මා සිටියේ රෝහල සයනයක් මත උඩුකුරුවය.ගලා ගිය සේලයින් දහරාව මගේ රතු සුදු රුධිර සෛල හා හාදව ගිය ගමන නැවතුනේ කොතැනදැයි නොදනිමි.ඇතැම් විට ඔවුන් මගේ අක්මාවේ හෙපටොසයිට තුල ප්‍රේමයේ අවසන් මල් සමය ගෙවනවා විය යුතුය.එය කොතරම් වේදනා බර අත්දැකීමක් දැයි හැඟීම් දැනීම් නැති මට පහදාගත හැක්කේ නොවේ.............
පරණ කෝන්තරයක් තිබූ ඉඳිකට්ටා අයේ අයේමත් පෙම් කවි ලියන්නට පටන්ගෙන ඇත.මට අයේමත් සේලයින් ඕනෑ නැත..
පෝයටවත් පන්සල් නොයන ඉඳිකට්ටා ගැන මට දුක හිතෙන්නේ නැත.මම ඉඳිකට්ටාට බයද නැත.වෙලාවකට කණෙන් අල්ලා දෙපැත්තට ඇද කණ මිරිකා හයියෙන් ටොක්කක් අනින්නට හිතෙන්නේ මොකා කියාදුන් මෝඩ සුරංඟනා කතාවේ තිබුණු විදිහටදැයි මතක නැත.ඕ.................!ඒක ගෙඹි කුමාරයාගේ කතාවය.ගෙම්බෙක් කොහොමටවත් රජෙක් වෙන්ට බැරි බව කැම්පස් තියා ඉස්කෝලෙකටවත් නොගිය මෝඩ රජ කුමාරිට හිතුනේම නැති හැටි...................
මම ගෙම්බන්ට ප්‍රේම නොකරමි!
සියලු ගෙම්බෝ නිදුක් වෙත්වා!
සුවපත් වෙත්වා!
හ්ම්ම්!!
No comments:
Post a Comment