Monday, February 6, 2012

අඹගල අඹගල සහ අඹගල






අඹගල ගැන කතාව පටන් ගන්නේ කෝමදැයි කියා හරියටම හිතා ගන්නට බැරි ය.මගේ කුඩා සන්දිය මහගෙදර ගෙවුණු වග වීතරාගිය කියවන අයට අමුතුවෙන් කියන්නට උවමනාද නැතුවා ය.උන්දා මට මුන ගැහුණේ එහෙදී ය.
ආච්චිගේ මලයකු වූ "සෝමෙ මාමා"මා දන්නා කාලයේ රස්සාවට යන්නට නැවතී උන්නේ මහගෙදර ය.සෝමෙ මාමා වැඩි කතා බතා නැත.බෙදා දෙන දෙයක් කා බී පාඩුවේ සිටියි.හවස හතරට ගෙදර එයි.අටට පරවෘත්ති බලයි.සති අන්තයේ ගමේ යයි..එච්චරය.සීයා එක්කවත් "දේසපාලන වලියක්" දමා ගන්නවා මා දැකලාවත් නැත.ගෙදරට එන පිරිමි අයගෙන් සීයා එක්කලා දේසපාලන වලියක් නොදා ගන්නේ එහෙමත් එක්කෙනෙක් වීම නිසා සෝමෙ මාමා ගැන මට අද හිතෙන්නේ මහන වෙන්න ඔන්න මෙන්න හිට අහම්බෙන් කසාදයක් පැටළුණ අහිංසක ජෝන් කෙනෙකු වෙන්නට ඕනා කියා ය.:)


සෝමෙ මාමා නැවතී උන්නේ සීයාගේ කන්තෝරු කාමරය ලෙස පාවිච්චි කළ කාමරයේ නිසා සීයාගේ ලට පට මිනුම් කෝදු ආදී නිධාන වස්තු සහිත මහා කබඩ් රාජයා තිබුණේද එහි ය.සීයාට යතුර දමන්නට අමතක වන දවසක ආච්චීට හවසට සැප නින්දක් ගියොත් එහෙම මට රජ මගුල් ය.සෝමෙ මාමාගේ කාමරයට තිබුණේ ලස්සන කැටයම් සහිත පිත්තල යතුරක් ය.සාලේ දොරේ ගැට්ටක සෝමෙ මාමා තිය යන ඒ යතුර ගත්තාට පසු මට මහ වැඩක් නැත.ආච්චිලාට ඇහෙන්නේ නැති වෙන්නට යතුර කරකවන එක විතරය.:)))
මගේ මේ එකම විනෝදාංශය දියුණු පමුණු කරගන්නට වැඩ සිද්ද වෙන්නේ අහම්බෙන් සෝමෙ මාමා "අඹගල " මාමාව අපේ ගෙදර එක්කාගෙන ආ දවසේ සිට ය.හදිසියේ නවාතැන අහිමි කරගෙන සිටි අඹගල මාමා තම මිතුරා නැවතීසිටි අපේ මහගෙදරට පැමිණ සිටියේ ටික දිනකට නවාතැන් බලාපොරොත්තුවෙන් ය.අදිමදි කීරීම් මැද උනත් සීයා කැමැත්ත දුන්නේ "මොනා වුණත් ඒ මිනිහා එක්ක යමක් කමක් කතා කරන්නවත් පුළුවන්.මොකද සෝමෙ බිල්ලා වගේ කාමරේට රිංග ගත්තම එළියට වත් එනවයැ"වැනි කතාවක් ආච්චීට කියමිනි.
මෙතුවක් කලකට මා දැක ඇති අසාමාන්‍යම කලාකාරයා මට මුන ගැහෙන්නේ ඔහොමය.සෝමෙ මාමා වගේ නෙවේ ය.අඹගල මාමා හතරට ගෙදර ඇවිත් කාමරයට රිංගා ගන්නේ නැත.සීයා සමග පැයක් පමණ වාද කරමින් සිටියි.ඒ වෙලාවට පොල් කොළයක් හෝ කඩදාසියක් අතට අහුවන මානයේ තිබ්බොත් කල්ල මරේ ය.මොකක් හෝ සුකුරුත්තමක් මට සෙල්ලම් කිරීමට අටවා දෙයි.එක්කෝ පොල්කොල සිග්/සැග් එකක් ,නැත්නම් පොල්කොළ ගිරවෙක් හෝ නෙළුම් මල් පොකුරක් ය. නැත්නම් කඩදාසි කැටයමක් ය,.එදා මහ රැ වෙනතුරුත්,පහුවදා හවස හතර වෙන තුරුත් මගේ වියායාමය කොහොමින් හෝ ඒ අත්කම හදන කලාව හරියට අල්ලා ගැනීම ය.සමහර දාට උත්සාහය හරි යයි.සමහරදාට දින දෙක තුනක පුහුණුවීමත් අසාර්ථක් වෙයි.ඒ වෙලාවට නම පිහියා කතුරු ගොක් කොළ වීසි කර අඬනවා ඇරෙන්නට වෙන දෙයක් කරන්නට නොහිතෙයි."අනේ මේ බූතයෙක් නවත්තගෙන මම විඳින කරදරයක්.ගොක් කොළ හොයන්නයි,කෙල්ලො නලවන්නයි........."ආච්චී ආවේස වීගෙන එන බව දුටු විට මගේ ඇඬිල්ල නවතින්නේ අඹගල මාමාට යන්නට කියාවිය යන සැකයෙනි.

අනෙක් අතට හවස් වරුවේ සීයාගේ කන්තෝරු කාමරයේ අල්මාරිය ගනන් ගන්නට වටිනා බඩුවක් නොවන බව මට වැටහෙන්නට ගත්තේද "අඹගල ආගමනය" ට පසුව ය.ජනෙල් කන්ඩිය දිගට පොල් ගෙඩිවලින් හා සැහැල්ලු ලී වලින් කපන ලද නොයෙක් ආකාර කැටයම් අපමණක් විය.ආච්චී මා හුරු බුහුටි ලෙස හදා තිබුණ නිසාදෝ ඒවා ගත් වගක් නොතේරෙන්නට ගත් තැනම තබා යන්නට තරම් ප්‍රවේසම්කාරී වීමට මට හැකි විය.;)

අඹගල මාමා එක එක විකාර කුරුටු ගැ ඇක්සයිස් පොත් බර ගානක් තිබිණ.ඒවායේ ලියා තිබෙන්නට ඇත්තේ කවි විය යුතු බව මට අද හිතේ.සීරුවට රටාවට කැටයම් කරන්නට දැන සිටි අඹගල මාමා දක්ෂ සිත්තරෙක්ද විය.ඉඳහිට සවස් වරුවක මා ප්‍රිය කරන කැමක් ගෙනත් දීමටද අමතක කලේ නැත.(ගමේ ගොස් එනවිට ගෙන ආ අමුතු හබරල කොළ ජාතියකින් ආච්චී හදා දුන්නේ මතක ඇති කාලයක මම කා ඇති රසවත්ම ව්‍යංජනයයි.)බොහෝ වෙලාවට ඒ බූන්දිය.බූන්දි කමින් ආච්චී උයන තුරු මිදුලට වී අපි එක්කෝ කැටයම් කැපුවෙමු.නැත්නම් ඩබල් රූල් පොතක් ගෙන රවුමට අකුරු ලීවෙමු.අමුතු හැඩතල ඩබල් රූල් පොතේ අඳිමින් අකුරු හැඩ කරගන්නා අමුතු කලාවක් අඹගල මාමා දැන සිටීම කැතම කැත බලි අකුරු ලියමින් සිටි මගේ වාසනාවක් විය.

හිටි හැටියේ දවසක අඹගල මාමා මහ ගෙදරින් යන්නට ගොස් තිබිණ .ඒ වෙද්දී මා හය හෝ හත වසරේ විය යුතු ය,පසු කාලයේ දැන ගත් හැටියට අසල්වාසී නිවසක් තරුණියක් සමග පලහිලව්වකට ඇගේ දෙමාපියන් සීයාට දොස් කීම නිසා සීයා අඹගල මාමාට යන්නට කියා ඇත.ඊට පසු කිසි දිනෙක මට අඹගල මාමා මුන ගැසුණේ නැත.අදත් මඟ තොටකදීවත් ඒ වැඩිහිටි මිත්‍රයා මට අහම්බෙන් හෝ හමු වෙතැයි මට සිතෙන වාර නැතුවා නොවේ..

අඹගල රත්නපුරයේ ගමක් බව ආච්චී කියනු මා අසා ඇත.සබරගමුව බොහෝ සොඳුරු මිනිසුන්ට උපත දුන් ඉසව්වක් වග මට හිතෙන්නට ගත්තේ සුනේත්තරා ,මස් ඉඹුල,හෂිත වැනි මිනිසුන් නිසාය.ඒ ලයිස්තුවේ ඉහලින්ම ලියා ඇති අඹගල මාමාගේ නම අයින් කරන්නට තවමත් මට හිතක් හිතී නැත.
ඉන්නා තැනක ඔහුට යහපතක් ම වේවා.!

24 comments:

  1. අනේ උඹේ රවුමට ලියපු අකුරු. රවුමක් ඇඳල ඒක වටේ හකුරු වගේ අකුරුද ලිව්වෙ ? නැත්තන් ඉතිං අකුරු රවුමට පේන්න ඇහැ රවුම් කරල බලන්න ඕනද?..

    ReplyDelete
    Replies
    1. මගෙන් අහගන්නා එපා අර කූඹි කකුල් ,ඇටිකිච්චන් අකුරු කාගෙද කියලා...අලයා!

      Delete
  2. මරු,එළකිරි ෆොටෝ ටිකකුත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පුබ්බාට ස්තුති වේවා!

      Delete
  3. habarala kola walin hadapu wiyanjanaya .. "ala kola ambula" wenna athi. bohoma rasawath wiyanjanayak.. uda rata palathe issara janapriyai.. bohoma apooru lipiyak.

    Eranga C. Palathiratne.

    ReplyDelete
  4. අර තණකොල පෙත්තනම් මරේ මරු

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ලස්සන පින්තූර ටික !!!
    දවසක අර තණකොළ පෙත්තා හදන හැටි කියලා පෝස්ට් එකක් දානවනම් කෘතඥ වෙමි !!!

    ReplyDelete
    Replies
    1. අනිවා කියා දෙමි මලේ! :)

      Delete
  7. අඩේ ඔය ගොක්කොල වැඩ ටික කොහෙන්ද? තණකොල පෙත්ත වගේම රෝස පොකුරත් මරු.

    ReplyDelete
    Replies
    1. එව්වා හොයා ගත්තා සැම්.මම දස්ස ළමයෙක් නෙ :ඵ්
      ඉස්තුතියි සැම්!:)

      Delete
  8. This is great if done with art paper, an equivalent to Japanese Origami.

    ReplyDelete
  9. අනේ මටත් අර තණකොලපෙත්තෙක් හදන හැටි කියල දෙන්ඩකෝ............ ඒ වගේම රෝස මල් පොකුරත්... :D

    ReplyDelete
  10. ලිපියත් ,පිතූරත් අපූරුයි, අත්තටම ඔයා දන්නවද ඕවා හදන්න, දන්නකො පෝස්ට එකක්

    ReplyDelete
  11. අදද කොහෙද මෙහෙට ඉස්සර වෙලාම ආවෙ..ඔය උඩ ඉන්න කෙනා මූනූ පොතේ ලින්ක් එකක් දාලා තිබුනා..
    ඇත්තටම හරිම ලස්සනයි. ගමේම ඉපදිලා ගමේම හැංගිලා ඉන්න අඹගල මාමාලා කොච්චර නං ඇද්ද?
    අර පින්තූර ටිකනං සුපිරියි. හැකිනම් කීපයක් හදන හැටි කියල දෙන්න..හරි වටිනවා

    ReplyDelete
  12. මකුළුටත් හරීටත් ලකීසිරි මාමාටත් ;) ඉස්තුතියි.ඉල්ලිමට හැකි විගස ප්‍රතිචාර දක්වන්ට පොරොන්දු වෙමි!

    ReplyDelete
    Replies
    1. හොඳා බෑනො..ඉක්මනට දාමුකො එහෙනම්...(මට මාමා කිව්වට දෙන්න දුවෙක් නං නෑ බෑනො :D)

      Delete
    2. ඔය දුවෙක් ලකීසිරි මාමෙ, පුතාල නං දෙන්නෙක්ම ඉන්නවනේද? :D :D

      Delete
    3. හපොයි..ඒකත් එහෙමද හරී නැන්දෙ...අනේ ඉතින් මගෙ පොඩි එවුන් දෙන්නවනං මේ දුවට දෙන්නෙ වෙන්නෙ දරුකමට හදාගන්න තමයි..ඒත් ඉතින් දීලා කොහොමද ?
      (ඒ පොඩි එවුන්ට කියල දෙන්නනෙව අර තණකොලපෙත්තා හදන හැටි ඇහුවෙ..)

      Delete
  13. මට කියන්න වචන නෑ හදවතින්ම අගය කරනවා පට්ටම පට්ටයි

    ReplyDelete