Tuesday, September 6, 2011

මංගලම්!


සරසවිය හරිම කලබලයි.කිරිල්ලිගෙ හිතත්.උදේම නෝක්කාඩු වුණ කුරුල්ල හින්දා එක හිතින් මොකුත්ම කරගන්න කිරිල්ලිට තාම බැරි වුණා.මුතු කුමාරයා ඈත එනවා දැක්ක කිරිල්ලි පොඩි තට්ටකින් ඇස් පිහගත්තා.

මුතු කුමාරගේ අතේ මොනවදෝ ගුලි වෙලා තිබ්බා.ගොළු හදවතේ දම්මි වගේ මුතු කුමාරයා ඇවිත් කිරිල්ලි ඉස්සරහා අත්ල දිගැරියා.

සිප්පි බෙල්ලෙක්.
රතුපාට වයිරම් වටේටම.
දිලිසෙන රේඛාවක් මැද්දෙන්.

ඇස් ලොකු කරගත්ත කිරිල්ලි ටික වෙලාවක් බලගෙන හිටියා.

"
මේ ඔයාට..."

මුතු කුමාරයා ඇස් දෙකෙන් කිව්වා.කේලම්කාර කුරුල්ලෙක් දේශන ශාලාවට පියාඹගෙන ආවා.එකපාරටම මොකුත්ම හිතාගන්න බැරි වුණ කිරිල්ලි සිප්පි බෙල්ලාව අතට ගුළිකරගත්තා.නන්දගෙ කතාවෙ වගේ සිප්පි බෙල්ලා නැවතුණේ කිරිල්ලිගෙ අල්මාරිය අස්සෙ. ඇයි කියන්න කිරිල්ලි අදටත් දන්නෙ නැහැ.

මුතු කුමාරයා හෙට මුතු රාජධානියේ ඔටුනු පළඳිනවා.කුරුලු ඇස් පස්සෙන් ගිහින් වැඩක් නැහැ කියලා හිත හදා ගත්තට පස්සෙ පැටලුණ මුතු ඇස් හිමි කුමාරිත් එක්ක..............

පාළු වෙරළෙ ඉන්න කොට කිරිල්ලිට හදිසියෙම මෙහෙම හිතුනාලු........


නීල දුර අහස සරණට
තටු ලබා උපන් කිරිලිය
නිම් නොවී නිලට පෙම් බැඳ
මං මුළා වුණී

සාගරේ රුදුරු රළ මැද
මුදු හදවතක් උරුමව
ප්‍රේම වැලි කැටෙන් කැවෙණා
නෙතක් දුටුවෙමී

දරා කඳුළ සෙනෙහෙන
මුතු පබළු විලස හිනැහෙන
දවස දැක දැකම අහසට
සිනා පෑවෙමී

සොඳුරු සුබ පැතුම් අතරට
පෙමින් ඇරඹි මුතු දමකට
ඉතින් මංමුළා කිරිලි ගී පද
එකතු කරවමී.....


සුබ මංගලම් වේවා එහෙනම්! :)


15 comments:

  1. මා මේ ලියන ක්‍රමයට ඇලුම් කරමි...සරල සුන්දර බව එතුල ඹ්නෑ තරම් වේ...මා විඳිමි මෙය....

    ReplyDelete
  2. අමු සොහොන් වෙරලේ
    නුඹේ හද පණ අදිනවා
    නොහැඟෙනවා නොවෙයි කිරිලියේ...

    ReplyDelete
  3. සිස් එලා .... නියමෙටම ලියල තියනව....

    ReplyDelete
  4. ලස්සන කවි සිතුවිල්ලක්.
    මේක ඔයාගෙ අත්දැකීමක්ද

    ReplyDelete
  5. සුබ මංගලම් වේවා "එහෙනම්!" :)

    ReplyDelete
  6. හ්ම්.... දුකද සතුටද මන්දා...

    ReplyDelete
  7. යන සරුංගල් මොකට අල්ල ගන්නවද සහෝදරී..

    ReplyDelete
  8. ලස්සනට ලියල තියනව... ඈත්ත කථාවක් වගේ නේද?? ඡීවිතේ තීරණ වෙනස් වෙන්න එච්චර වෙලාවක් යන්නෙ නෑ නේද??

    ReplyDelete
  9. @චමින්ද ගුණරත්න - බොහොම ස්තුතියි මිත්‍රයා ....

    ReplyDelete
  10. @අකූ

    පණ ඇදෙනවා නොවෙයි-ඒ හද ගැහෙනවා
    හිත රිදෙනවා තමයි-ඒත් යලි නිවෙනවා

    ReplyDelete
  11. @කම්මැලියා
    ස්තුතියි යාලුවේ!

    ReplyDelete
  12. @මධුරංග

    මධුරංග දන්නවනෙ .අපි ඕවගෙන් සැලෙන්නෙ නැහැ කියලා.;)

    ReplyDelete
  13. @charmi
    ස්තූති වේවා! :)සැම් දැන් දකින්නත් නැහැ නෙ :(

    ReplyDelete
  14. @ප්‍රසන්න86 ;)
    ගොල්ඩ් ෆිෂ්ටත් ස්තුතියි එහෙනම් :)
    .

    ReplyDelete
  15. @පිණිබිඳු.

    ඇත්ත,සහතික ඇත්ත යාලුවේ :)

    ReplyDelete