Thursday, April 14, 2011

අවුරුදු කිරිබත


ඕන්න වීතරාගීත් අවුරුදු සැමරුවාලු.ඒකත් යස්ස සැමරිල්ල.නිවාඩු තිබ්බෙත් දවස් දෙකෝම දෙකයි.පලවෙනි දවස ජාල ගත වෙන්නයි අතපසු වුණ නින්ද සම්පූර්ණ කරගන්නයි ගත වුණා .දන්න කියෙන යස්සයො බරාස්සයො එක්ක චැට කරලම කරුවල වැටුණා.ඊට පස්සෙ මව් තුමියගෙ දේශනාවකට සවන් දීල එහෙම ළමයා නිදා ගත්තෙ නොනගතේට කලින් නැගිටලා පොත් මේසෙ සහ ඇදුම් පෙට්ටගම් පිලිවෙලක් කරන්න හිතා ගෙන.

මොන උදේ පාන්දර 7ට විතර සද්දෙ ඇහිලා බැලින්නම් නොනගතේ උදා වෙලා ඉවරයි.මොනවා කරන්නද?තව පැයක් හමාරක් හාන්සි වෙලා ඉඳලා ලැජ්ජ නැති කමට ආයෙත් පරිගනකයාට මූණ ඔබා ගත්තා.යක්සයත් ඔන්ලයින්.ආයෙ ඉතින් කවර කතාද.උන්දා එක්ක කතාවක් දාල,ඉඳිකට්ටා එක්ක අවුරුද්ද ගැන සමාලෝචනේක යෙදිලා,ජෙමා එක්ක රටකරවන ඇත්තන්ට සුබ පතලා ,හච්චින් යවලා ඉවර වෙද්දි හත්වලාමේ වෙලාව 12යි.1ට නෙව අවුරුදු උදාව.කාල වරෙන්කො කිව්වලු.දඩි බිඩි ගාල අස් පස් කරලා නාන්න කරාමේ යටින් හිට ගත්තා විතරයි චට පට ගාලා පුපුරන්න ගත්තෙ නැද්ද.මම හිතන්නෙ මම නාන සතුටට.:))ඒ කිව්වෙ මේ සුබ අලුත් අවුරුද්ද වීතරාගී ඇරඹුවෙ කරාමයක් යට හිටගෙන.:)))))ඕකට යටි හිතින් අම්බානකට සතුටු වෙන අයත් ඉන්න බව මම දන්නවා.

ඊට පස්සෙ අපෙ ආදර බර මලයා අරන් දුන්න අලුත්ම වස්තරෙත් ඇඳගෙන පරිගනකයා ඉදිරියෙම වාඩි වෙලා වීතරාගී වැඩ.අම්ම ලිප ළඟ ඉද්දි මොනා වුනත් මේ ඉඳිල්ල නාකයි නෙව.ඒ හින්දම කුස්සියට පොඩ්ඩක් හොට දාල;

"එහෙනම් මම ලුණු මිරිස් හදන්නම් නේද?" කියලා ඇහුවා.

"ඒ මොකටද?"
අම්මා සිනා නොමසෙන් දසන් දක්වා ලීලාවෙන් ඇහුව.

"අයි කිරිබත් කන්න.."
මමත් බබා.

"මොන කිරිබත් ද..?මම ඉව්වෙ නැ.බතුයි කිරි බතුයි දෙකක්..."£$%&/()=?^?=)(/&%$%&/()=?^?=)(/&%$£$%&/.....

ඒ වතාවෙ නම් වීතරාගී හොඳටම අවුල් වුණා.තමන්ගෙ වරද නෙ.හොඳ වැඩේ.වැහුවා පරිගනකයාව.දිව්ව කුස්සියට .ගත්ත කැකුළු හාල් සහ පොල්.ඉව්ව කිරි බත්.කට්ට සම්බලුත් ඒ කිව්වෙ ලුනු මිරිසුත් හැදුවා.නැකත උදා වුණා.අම්මලා මල්ලිලා ඔක්කොම නිදි.බෙදා ගත්තා ලොකුවයින් කිරිබත් කැලී දෙකක්.තනියම දෙසා බැවා.ඔහොමයි වීතරාගීගෙ නව වසර.කාටවත් කියන්න එහෙම එපා.මේක තමයි වීතරාගී රසම කිරිබත් කාපු අවුරුද්ද...(අම්ම නිදි හොඳ වෙලාවට ;) )

කොහොමින් හරි උදා වුණ අලුත් අවුරුද්දෙ මේ සැනසුම දිග කලක් රැඳේවා හැමෝටම......අමතක කරන්න එපා අප්පමදෝ අමත පදං :)) ජය වේවා යාලුවනේ..:D

10 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් යාළුවා...

    ReplyDelete
  2. තනියම උයාගෙන කන්න වාසනාව හා ශක්තිය ලැබෙන නව වසරකට ආසිරි....!

    ReplyDelete
  3. අපෙ කසූ ටත් ,AmilaArt ටත්,අප්සට්ම මූඩ් තියෙන වෙලාවකත් බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන් ජාතියෙ කටකහන කතා ලියන දුමීටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!
    (දුමී අයියගෙ අළුත් පැංචිටත් සුබ පැතුම් :) )

    ReplyDelete
  4. අවුරුදු දවසේ ඩිස්පැන්සරි වහලනේ බං. උඹ කොහොමෙයි තාම ඉන්නේ.... උඹ කිරිබත් ඉව්වට කටේ ති​බ්බේ නෑ නේද...?

    ReplyDelete
  5. හොඳට නාන්ඩ වෙන අවුරුද්දක් හැඩයි.....
    ඒකත් නරක නෑ නේ?

    ReplyDelete
  6. සුභ අළුත් අවුර්ද්දක් වේවා..මුනු පොතේ නැති හින්දා කිසිම තොරතුරක් දැනගන්ත් බැරි වුනා...කොහොමද ඉතින් ?..හැමදේම හොද අතට හැරෙන නිරොගිමත් සුවබර අපුරු අවුරුද්දක් වේවා කියල සුභ පතනව හදවතින්ම

    ReplyDelete
  7. ස්තුතියි පැන්ඩ්z ඩාලිං ! ;)
    ඔයාටත් එසේම වේවා!

    ReplyDelete
  8. අවුරුද්දෙන් පස්සෙ තාම නෑවෙ නෑ නේද?... ඇත්ත කියපන්...

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා විතරාගී.

    ReplyDelete