Tuesday, April 12, 2011

ළමයා සහ මම


කතාව 01

ළමයා අහිංසකයි.හිත යන පෙනුම.දැක්ක ගමන් හිත් බැඳුනද මන්දා.උත්සාහයකින් තොරව කොහොම අත හැර දමන්නද?ඒකයි උත්සහ කලේ.අසාර්තක වුණා තමයි.හැමදාම මෙහෙමම ඉන්න කල්පනා කලා තමයි.ඒත් හිතන පතන දේම කරන්න ලැබෙනවා නම් ජීවිතේ මොන තරම් සුන්දරද?හිත හදා ගත්තා.එහෙමයි සාමන්‍ය ව්‍යවහාරෙ.

විකල්පෙකට හිත හැරවෙන්නෙ ඒකයි.ඒකත් අවුරුදු 10කට පස්සෙ.සුපුරුදු සිනා කතා.නුපුරුදු දිස්නය.රස්නය.ඇලෙන්න බැඳෙන්න ඊටත් වඩා වෙන මොනවද?බැඳුණේ ඒකයි.වෙන හේතුවක් තිබුණෙ නැ.අවස්තාව දුක් බර එකක්.එහෙම අවස්තාවක ආකර්ෂණ විකර්ෂණ ප්‍රබලව සිද්ද වෙනවා.ආ වේගෙන්ම ආපහු යවන්න වුණේ දුක සමනය වුණා කියලා හිතුන නිසා වෙන්න ඇති.කිරිත් එක්ක සමහන්.

කතාව 02

ළමයා දඟකාරයි.කටකාරයි.හැඩකාර අඩු වුණාත් දයාබරයි.පෙම්බරයි.සුළි කුණාටුවකදි බේරගත්ත නැව.කොහොම අත හරින්නද?ඇලුම් බැඳුම් වේගවත්.වේගවත්.පරස්පර නොපෙනෙන්නෙ එපමණම තදින් බැඳී සිටිය නිසා වෙන්න ඇති.කවචය ඇතුලෙ ස්ථාවරව ඉන්න ලැබුණා තමයි.ඒත් පිටස්තරය එක්ක ගනු දෙනු අසාර්ථකයි.ළමයා දක්ෂයි.දක්ෂ විදිහට ගණුදෙනු කල නිසාම ව්‍යාපාරය දියුණු වුණා.යාන වාහන සහිත ප්‍රාග්ධන නැව් කර්මාන්තෙට යොදවද්දි මම සිප්පි බෙල්ලෙක් වෙලා පහලට වැටුනා.වැටුනම නෙවෙයි.මම වැටෙන්න දීලා බලාගෙන හිටියා.ඉකිරිච්චියෙක් ඇවිත් කට්ටෙන් ඇහැලා සිහිය ගන්න කල්ම මම හිටියෙ අසිහියෙන්.තවමත් අසිහියෙන්ද කොහෙද?ඉකිරිච්චියෙක්ට ආදරය කරන්න පුළුවන්ද?හැබැයි අපි දෙන්නටම කටු තියෙනවා ;)

කතාව 03

මේක තමා අමුතුම කතාව.දුකද සැපද නොතේරෙන.ළමයා ආඩම්බරයි.ආඩම්බර වෙන්න තිබ්බෙ කටුවක් විතරයි.අනින්න පුලුවන් වර්ගේ.ඒත් කාටවත් අනින්න නොගිය නිසාම අහිංසක පෙනුමටයි පෙනුනෙ.මම අල්ල ගත්තා.කූඩු කරගත්තා.හිර කරගත්තා.සැනසුවා.සැනසීම සමඟ වැනසීම.සම ප්‍රමාන වලින්.සැනසීම වැනසීමට අනුපානයක් ලෙස.කූඩුව ගෙදර තියලා මම කිමිදුණා.මුතු හොයන්න.මාල බඳින්න හිතක නොතිබුණාම නෙවෙයි.මාලෙ හුය ගැලවුණා.තැනක් හොයා ගන්න බැරිවෙන්න.මම තවත් කිමිදෙමින්.ළමයා කටුවෙන් වැඩගන්නා හැටි තනිව උගනිමින්.


ප.ලි:සුබ අලුත් අවුරුද්දක් වේවා මට සහ සියළු ළමයින්ට....

No comments:

Post a Comment