Monday, April 4, 2011

කුමාරිකාවෝ 04





සිහිනය!

සුපුරුදු වේදනාකාරී අවදිවීම.සිටු කුලයේ මව සහ සිටු කුලයේම සිරි කාලකන්නි කුලකයේ පියානන් දැ.නිබඳ පැතූ සුරක්ෂිත නිවස සහ ලැබූ නිරස කලහකාරී සැන්දැවන්.අයාලේ යන සිත සමඟම වනගත වන සුරූපී නව යොවුන් කාය ශක්තිය.නුහුරු බව හා අඩු අත්දැකීම් නිසාවෙන් වනයේ මංමුලාව.සිත්තම් පටයක් ලෙස කඳුළු වැකි දෙනෙත් අභියස.
නිරන්තරව පැතූ සිටුකුලයේ පීතෲ ගුණවත් දයාර්ද බව හා අහිමි වූ එය ම.

සිහිනයෙන් අවදිව දෙනෙත් දල්වා අනන්තය දෙස බලාගත් ඇය.

මිතුරනි!
ලෝකය ගෝලාකාර වන්නේ හෝ හතරැස් වන්නේ ඔබගේ මගෙ අපේක්ෂා නිසා නොවේ.එය එසේ වීමට නියමිතවම ඇති නිසා.වැලැක්වීමට උත්සාහ කලද නැවැත්විය හැක්කෙක් නොවන නිසා.

කුමාරිකාව සිහිනයෙන් අවදි වුනා.ඇස්වල කඳුළු වියලෙමින්.මිතුරු ගිරවා කුමාරිගේ පය පාමුල.ඇය ආදරයෙන් ඔහු අතට ගෙන මුහුන සිප ගත්තා.

ගිරවාට ආරෝහ පරිනාහ දේහයක් සහිත,ගුණ ගරුක,බල සම්පන්න,පීතෲ ගුණ සහිත කුමාරයෙක් වෙන්නට බැරිද?

2 comments:

  1. ශා........ මේ කතාව ලස්සනට ලියලා තියෙනවා. නියමයි වීතරාගී

    ReplyDelete
  2. ස්තුතියි සහෝදරයා!:)

    ReplyDelete