Thursday, March 24, 2011

M A D N E S S


මම මේ සිටින්නේ ගිනි ගනිමින්.මේ දවස්වල පුරුද්දක් ලෙසටම මොනම ක්‍රමයකින් හෝ හිත ඇවිලීම සිද්ධ වෙනවා.වෙලාව කලාව අපිලිවෙල වුණත් ඒ සිදු වීම වෙනවා මයි.හිතා මතා හෝ කිසියම් සැලසුමක් ඇතිව නෙවෙයි.ඒක එහෙම වෙන්න නියමිතව ඇති නිසා වෙන්න ඇති.ළඟින්ම ඉන්න සියළු මහා,ක්ෂුද්‍ර ප්‍රාණීන් නොසිතූ වේගෙන් දුරස් වෙමින් සිටිනවා.අවිස්වාස නොකලත් විස්වාසද නොකරන හැටියට මේ ග්‍රහ චාරයේ දෝශයක් නොවිය හැක්කේ නොවේ.ඉඳිකට්ටාද ඇතුළු සියළු ලබැඳියන් මගෙන් දුරස් වෙමින්................

මායා කාරිය නැවත වැඩ පටන් ගෙන.මෙවර වඩාත් සූක්ෂම සහ කලාබර මුහුණුවරකින්.මායාකාරියක් ලෙස කාටවත්ම හිතෙන්නේවත් නැති ක්‍රමවේදයක් සහිතව.මා පවා ඇගේ මායමට හසු වී අවසන්.සීතාම්බර සළු ගෙල දවටාගත් නහයෙන් සිනාසෙන උල් දත් නැති ඇය.මායාකාරිය...........ද්වේශ සහගත නොවන නමුත් ඊර්ෂ්‍යා සහගත හැඟීම් වලට උල්පත් දෙන .

ඇගේ ග්‍රහනයට ඉඳිකට්ටා හසුවී ඇති බවවත් හඳුනා ගත නොහැකි තිමිරයක සිරවී සිටින මම.කිසිවක් පැහැදිලිව නොපවසන,නොහඟවන මගේ පෙම් ආන්ඩුව නොහොත් ඉඳිකට්ටාz..ඒ කිව්වේ ඉඳිකට්ටන්.ප්‍රේම සිහින.මායාකාරි හස්තයක රූකඩ.

නුදුරේ දිනකම මා ගලවා ගන්නට සුදු අස්පයා පිට නැගි සිහින කුමාර් එනතෙක් මග බලා සටින මෝඩ මම.මිහින් එයාර් රථයක නැගි මගේ මාතලී.සුන්දර නිදහස් ස්වර්ග රාජ්‍යයට මා කැඳවාගෙන යාමට පුල පුලා බලා සිටිනා.

දෙවියනි!
වහ වහා මා ස්වර්ගස්ථ කළ මැනව!



ප.ලි
:මගේ ප්‍රියතම කාව්‍යයක්කාර දුශ්ටයෙක් වන "චර්මි" ( ;) ) පවා මා සමඟ නෝක්කාඩුවෙන් ....තර්ජනාංගුලිය ඔසවමින්....(හරි බර ඇති)

2 comments:

  1. දැන් උදේ හවස රැකියාවට එහෙම යනව ඇති නේද ? උඩ ලියල තියෙන එක ගැන උඹට මොකුත් කමෙන්ට් නැද්ද අහන්න එපා..තියෙනව කියල මක්කටැයි

    ReplyDelete
  2. වැදුණොත් හිසට හෙණ
    දත් ටික ඇතොත් නිසි තැන
    නොසිතා හෙණය ගැන
    සිනාසෙනු උඩ පැන පැන

    ReplyDelete