Wednesday, October 13, 2010

රතු ඉර


ඉලුක් හුළඟට දුවන
දුක නොඅඩු පියස යට
ඉල් අහස ගැබ්බරව ඇති කලේ

ඉස්පාසුවක් නොවන
හෙට අනිද්දාවක පිබිද
ගිය හකුර නමට හඬනා මලේ

මහ කන්නයට පිපුණ
රතු ඉරට ගත දැවුණ
අප්පච්චි තවම ඒ මහ කැලේ

මරු වැල්ද මකාගෙන
උන්නොදුටු දිසාවට
උඹට පය නඟනු හැකි වෙද මලේ

3 comments:

  1. යන්න පුළුවන් වෙයි කියල හිතමු... හමදාම ලොකු මාමලගෙ ඔය සෙල්ලම් හරියන්නෙ නෑනේ...

    ReplyDelete
  2. හිතුවොත් කරන බෑරිදෙයක් නෑහෑ

    ReplyDelete
  3. ඒ පය නගන පුන්චි පා වලට අපි වාරුවක් දෙමු

    ReplyDelete