Thursday, April 8, 2010

මායා බෝංචි

-පටක රෝපණය සඳහා උත්කෘෂ්ට ප්‍රේමයක් අවශ්‍යව තිබේ.හමු වූ අයකු වෙතොත් ගන්නොරුව භෝග පර්යේෂණායතනය අමතන්න.-

මට හොඳ වර්ගයේ වෙක්ටරයක් වෙන්ට බැරි වුණා.මේ ප්‍රේම පූට්ටුව ඉරි තලන්ට ඇත්තේ ඒකයි.පෑවිල්ලට ඉරිතලපු හැටියට මම හිතුවෙම ගම්පහ අපායට යනකල්ම ගිලා බහීවි කියලා.මොන.එක වැහි දෙකයි.ඔය යසට නිල්ල ගහල තියෙන්නේ.

ඒත් මේ කතාන්දරය දැන් යන්නේ අපාය දිසාවටමයි,මට කටු ඉඹුලේ ඉඹුල් මල් සුවඳ දැනෙනව වගේ....
ඉඳිකට්ටා හිනා වෙනවා.මට හිනාවෙනවා.කමක් නෑ.මිනිහගෙත් ආසාවනෙ.ඉඳිකට්ටා අහනව ඉඹුල් මල් වලින් එන්නේ සීනි සම්බෝල සුවඳද කියල..........

මට දැනෙන්නෙ මායා බෝංචි වැල දිගට ආපු යෝදයට දැනුන සුවඳ......

විතරාගී...........
යෝදයා කෑ ගහනවා.........

ඉඳිකට්ටා බිම බලා ගත්තා.
මම පව්!

මම ගියා යෝදයට කෑම අරින්න.
කටවල් පහට බත් තසිම් පහක්!
එලවළු පහට තසිම් විසි පහක්!
යෝදයට කටවල් පහයි.

4 comments:

  1. මේ බ්ලොග් එකේ හැංගුන ලස්සනක් තියනවා.ඒත් මේ බයෝටෙක් කෑලිනං හැමෝටම තේරුනොත් හොදයි.මමත් ඔය ෆීල්ඩ් එකේ නිසා මටනං තේරුනා.

    සුබවාදීව හිතන්න.සමහර විට ඔයා හොද වෙක්ටරයක් වෙන්න ඇති.කවුද දන්නෙ වෙච්ච එකම වැරැද්ද වෙක්ටරයට රිපෝටර් ජානයක් ඇතුලු කරන්න බැරි වෙච්ච එකද කියලා?

    අවශ්‍ය දේ තිබුනත් ඒක අනිත් අයට පේන්නෙ නැත්තං?

    ReplyDelete
  2. බයෝටෙක් දන්නෙ බොහොම ටිකයි පූසො.ඔයත් සියනෑවෙම වගේ.;)බ්ලොග් එක කියවලා මම ඉතිහාසෙට ගිය ආලෝකයේ වේගෙන්.ඔලුව කොලොප්පන් වෙලාවට ලියවුණ කතා ටිකක් මේ.කවියට තරම් කතාවට ලැදියාවක් නෑ මට.කොහොම වුණත් බොහොම ස්තුතියි මලයා!

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete