ඉරිදා හවස කාලෙකට පස්සෙ ගෙදර හිටියා. දවාලට කද්දි හතරයි. නන්දා සාලෙට වෙලා "ඔබයි රම්‍ය සඳ කිරණ" කියද්දි සාෂයි, මනෝරම්‍යගෙ බබියි හුඟ කාලෙකට පස්සෙ සැටියට ඇවිත් නුගේගොඩ ටවුන් එක මැද්දෙ සිපාචාර කරන හැටි මතක් කරලා දුන්නා.
මාස ගානක් තිස්සෙ මටම අමතක වෙලා හිටිය මං බයෙන් බයෙන් සැටිය පිටිපස්සෙන් මතු වුණා. මට මාව එළියට දාගන්න මෙච්චර කල් හොයගෙන යොදාගෙන උන්න මාධ්‍යය ගැන මට අලුතෙන් ප්‍රශ්ණ කරන්න හිතුණා. "මේ මම මුලින් දැක්ක කෙනා නෙවෙයි වීතරාගි" කියලා ඉඳිකට්ට කිව්වෙ ඒ නිසා වෙන්න ඇති.
සමීපතමයො නොවුණත් දන්න කියන දෙන්නෙක්ගෙ දිවි නසාගැනීම්, ගෙදරින් දුරස් වීම, රස්සාවෙ වියළි බව, ඉඳිකට්ටාගෙ ස්ථාන මාරුව, තවමත් සෞම්‍යාලෝකය මිලදීගන්න බැරි වීම, ආදී එකී නොකී කාරණා සහ හඳුනා නොගත් ශේෂ කාරණ ලක්ෂ ගාණකට පස්සෙ මම ගල් වෙලා බව මට දැනෙනවා කියලා මම ඉඳිකට්ටට කිව්වා. මට එයාව පේන්නෙත් වටදාගේක කලුගල් කණුවක් වගේ.උස මහත විතරයි.වල් ඉස්ට්‍රෝබෙරි මලක් වගේ ග්‍රේගරි වැවේ බංකුවක් උඩ වාඩිවෙලා හිනාවුණේ මේ ඉඳිකට්ටමද කියලා මම ආයෙම සැරයක් හැරිලා බැලුවා.
මහා පිපිරුමෙන් පස්සෙ ගෙදර ආයෙමත් සන්සුන් වෙලා. මල්ලිට දුවෙක්.නංගිට ලැප්ටොප් එකක්. කෙල්ල නලවනවා ඇරෙන්න අපිට වෙන වැඩක් නැති තරම්. විසිහතර විසිපහ වයසෙදි හිතට ඇවිත් මැකිලා ගිය මවුවත්කමේ ශේෂ ලකුණු ආයෙත් අතු ඉති දාගෙන එනවා.
මිත්‍රවරුණි!
මේ ඔක්කොමත් එක්ක වීතරාගීට ආයෙත් පණ ඇවිත්.... :)
පණ ආපු එක ගැණ අප්‍රමාන සංතෝසයි. දැන් ඉතින් ලියන්නයි තියෙන්නේ.
ReplyDeleteපන ඇවිත් ගියා වගේ මතකයි ටික දවසකට කලින්..
ReplyDeleteඒක හොඳයි !
ReplyDelete