Monday, February 18, 2013

කමලක්කා



                         හැමෝම අක්ක කිය කිය හිටියට කමලක්කට අපෙ අම්මට වඩා වයසයි. අලුතෙන් රස්සාවකට ගිහාම අපිට ඕන දේවල් කරන්න බැ නෙ. මටත් එයා කමලක්කම වෙච්චි. එහෙ තේ හැදිල්ලේ ඉඳන් ටෙලිෆෝන් ඔපරේටර් තනතුර දක්වම වැඩ බැලුව හින්දමද කොහෙද කමලක්ක මට කථාකරේ නමින්. මටත් ගානක් නැ. ආය මම එයාගෙ නම්බු නාම ගන්න ගියා නෙවෙයි නෙ. 

කමලක්කට දවසක් ගැස්ට්‍රයිටිස් වැඩි වුනා. එහෙමය කියලා කියාගෙන වැඩට ආවෙ එකොලහට විතර.මූණ බෙරි කරගෙන එහාට යනවා මෙහාට යනවා

එයැ‍යිගෙ අක්කලා,නගාලා, අයියලා බර ගානක් දොස්තරලා හිටියා. අපෙ අක්කා ආයුර්වේද වෛද්‍යවරියක් වෙච්ච වග දැනගත්ත දා ඉඳන් කමලක්කගෙ පුරාජේරුව වැඩි වෙච්චි. ජෙනරල් හොස්පිටල් එකේම කමලක්කගෙ නංගිලා දෙන්නෙක් හිටියා දොස්තරලා.  

දැන් කමලක්කා බෙරි මූණෙන් එහාට යනවා. මෙහාට යනවා. ශික්! ගානවා. අපෙ අක්කා හදලා දුන්න පොඩි ආයුර්වේද ප්‍රථමාධාර ටිකකුත් බැග් එකේ තිබ්බ හින්දම මෙහෙම අහන්න වෙච්චි.

"කමලක්කට ඕන නම් ආයුර්වේද බෙහෙත් කුඩක් තියෙනවා. තේ හැන්දක් කෝපි වාගෙ වක්කරලා බොන්න ඕන. දෙන්නද?"

බෙරි මූණ දෙබෙරි වුණා,

"එපා. මල්ලි බෙහෙත් ගෙනත් දුන්නා. අමතක වුණානෙ ගේන්න.අප්පිරියයි මට සිංහල බේත්. ...ම්... එක්කොත් අමාරුවෙන්වත් බොන්නම්. අමාරුයි හොඳටම. "

මලකුණක් වාගෙ බෙහෙත් පැකට් එක ඇඟිලි දෙකකින් එල්ලගෙන, බිමට පාත් වෙච්ච නිකට උස්ස උස්ස හීටරේ ගාවට ආව කමලක්ක විනාඩි පහකට පස්සෙ එද්දි බෙරිය අඩු වෙලා තිබ්බා.

 "නැති කමට බිව්වා. තාම බඩ දඟලනවා. පුදුම ගඳක් නෙ අනේ. ඒ මදිවට තිත්ත....අප්පා! ආයෙ නම් බෙහෙත් ටික අමතක කරන්නෙ නැ මොනවා වුණත්" 

බෙහෙත් පැකට් එක ගෙනත් තියලා එයා යන්න ගියා . මම මගෙ වැඩ . දවල්ට කාලා එහෙම ඉද්දි මෙන්න  ආයෙමත් මගෙ මේසෙ ගාව. 

"මේ අර බෙහෙතට අඩු වුනා නෙ. ආයෙමත් මට ටිකක් දෙනවද?"
මම පැකට් එකම මේසෙ උඩින් තිබ්බා.  

"ආයෙ කොයි වෙලේ වැඩි වෙයිද දන්නෙ නැ නෙ. මම චුට්ටක් අරන් තියා ගන්නම්" 
අඩියෙ කුඩු ඩිංගිත්තක් ඉතුරු වෙන්න ඇරලා කමලක්කා ඔක්කොම බෙහෙත් ටික පත්තර කොලේකට හලාගත්තා.




14 comments:

  1. මොළේ තියෙන මනුස්සයෙක්!! නැද්ද?

    ReplyDelete
  2. හ්ම්!!! මේ මිනිස්සු තමන්ට නැති දේවල් තියෙනව කියල, ලොකු මිනිස්සු කියල පෙන්නන්ඩ හදල තමන්ට ලැබෙන ගෞරවයත් නැති කරගන්නෙ මොන කෙහෙම්මලකටද මන්ද??


    ReplyDelete
    Replies
    1. නොදන්නා කම මිසක වෙන අහවල් එකක්ද යාලුවේ!

      Delete
    2. නොදන්නා කම මිසක වෙන අහවල් එකක් කියලද? අනුකම්පා කළ යුතු! :)

      Delete
  3. ඔන්න මිනිස්සු.
    ඔය වගේ මනුස්සයෙක්ට ආයෙම උදව් කරන්න හිතෙයි යෑ.
    වීතරාඟි කාලෙකට පසේ. ඉතින් කියන්න. කොහොමද වීතරාඟි ? කොහොමද ඉඳිකට්ටෝ ?

    ReplyDelete
    Replies
    1. ඉඳිකට්ටට සබන් කැල්ලක් හොයා දුන්නා. මා එක්ක උන්නොත් විනාස වෙන නිසා. වීතරාගී ඉන්නවා එවරෙඩි පූසා වගේ! ;)

      Delete
  4. හැහ්...
    කමලා කියන නම වැඩේට සිරාවටම ගැලපෙනවා..
    ඔය කමලා නම තියෙන ගෑනුංවනං මට පේන්න බෑ...

    ReplyDelete
    Replies
    1. හිකිස් ! ඒ මොකද බොලේ? :)

      Delete
  5. //අනේ ඔයාට කියන්න මටත් ඔය ආයුර්වේද මෙඩිසින් පේන්න බෑ අනේ..ඒත් මොනවා කරන්නද වෙලාවෙ හැටියට නොබීත් බෑනේ..//

    ඔන්න ඔහොමත් ඇහුනා දවසක්..

    ReplyDelete
    Replies
    1. ආයුර්වේදෙ මොකක්ද කියලා හරියට දන්නවා නම් මිනිස්සු ඔහොම වචනයක් කියන්නෙ නැහැ. ඕනම වෙදකමක් හෝ එය කරවන පුදගලයන්ට දේවත්වය ආරූඩ කිරීමයි නරක. :)

      Delete
  6. කාලෙකට පස්සේ නේ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්!හ්ම්ම්! රතුරජරට කොහොමද වාස දේස?

      Delete
  7. සමහරුන්ට ඉංග්‍රීසි බේත් බොනවා කියන එක ලොකුකමක් විදියට දකින්න පුරුදු වෙලානේ... ඒක නිසාත් ඔහොම වෙනවා..... තව අයට ආයුර්වේද බේත් දිගකාලයක් කරන්න වෙනවා කියන මතය නිසාත් ඒකට අකමැතිකමක් පෙන්නනවා.. මොනවා උනත් ඔය වෙදකම් දෙකම අපට අවශයයි නේ...

    කො‌හොම උනත් ඔෆිස් වල ගොඩක් වෙලාවට ඔය වචන ටික ඇහෙනවානේ... හි හි....

    ReplyDelete