ආත්ම දෙක තුනකට මෙහායින් මා පේරාදෙණියේ සරසවි සිසු අත් දැකීම් ලබන්නට ඇතැයි යන්න යමක් තේරෙන දා සිටම මට දැනී නොදැනී ගිය හැඟීමකි.සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය නරඹද්දීත්,අමරදේවයන්ගේ "හන්තානේ කඳුමුදුන "ගීය අසද්දීත්,අටපට්ටමේ පේරාදෙණියේ කහ මල් යාය පෙන්වද්දීත්,මද්දල් හඬක් ඇසෙන විටත්,නන්දා හන්තාන අඩවිය ගයද්දීත් ,"හන්තානේ කතාව"නරඹද්දීත් ,මේ හැඟීම ඇති වී නැති වී ගොස් ඇත.

බලාපොරොත්තුව තරම් අගනා යමක් නොදන්නා කාලයකදී සරසවි පිවිසුම් අමුතුවෙන් අපේක්ෂා වඩවා ලබා ගත යුත්තක් නොව ,අන් කඩ ඉම් සේම අනායාසයෙන් මා සතු වන්නක් වෙතැයි අපේක්ෂා කලෙන් පේරාදෙණියේ දොරගුලු මට වැසී ගියේය.අගනුවර පරිසරයෙන් මිදෙන්නට දෛවය මට ඉඩ නුදුන්නා සේය.කැළණිය සරසවියේ වසර පහක ඒකාකාරී හා ආතතිබර අධ්‍යයන කාලයකින් පසු එතෙක් මෙතෙක් මා තුල වූ සියුම් හැඟීම් අතරින් ඉතිරි වී තිබුණේ අතලොස්සකි.ඉඳ හිට පදයක් දෙකක් ගලපා කවියක් කුරුටු ගැම හැරෙන්නට රසකාමී හැඟීම් පුබුදුවාලන කිසිවකට ඉඩ කඩක් නොවිනි.
ප්‍රේමය ,විවාහය මට යා නොදෙන්නක් වූයෙන් හා ඒ පිළිබඳ වූ උදාසීන බව සීමාව ඉක්මවා ගියෙන් මගේ නිදහසේ නිම් වලලු සොයනු පිණිස ප්‍රථම ප්‍රේමයාගෙන් වෙන වන්නට මට සිදු විය.මේ කිසිවක් නොදන්නා ඔබ අහිමි වූ පේරාදෙණි සිරියාව ගෙන හිස් ජීවිතයකට එබිකම් කලේ ඔය අතරේදීය.
තෙල් බැම්මේ වාඩි වී පැටලුමේ ගැට එක එකෙහි පීඩාවන් ඔබ හමුවේ තබා කඳුලින් කඳුල දුක දියකර හරිද්දීත් , බොලඳ ආලවට්ටම් කවටකමකින් ඒ ඇසින්ම කඳුළු පනිද්දීත් ඔබේ සිනා මුහුණ මට ගෙන ආවේ පේරාදෙණි සිරියාවමය.මහ හඬින් කැ ගසා "උත්තම වන් ලොව පතලා......"නාඩගම් ගීය ගයද්දීත් ,කැන්ටිමට රිංගා ප්ලේන්ටියක් සමග උණු වඩයක රස බලද්දීත් මා මීට පෙර සරසවියක සිටි එකියක වග මට අමතකම වී තිබිණි.ඔබ හන්තාන තරමට සිහිල් සිනාවෙන් පවන් සලද්දී , මුදු වදනින් හිත නලවද්දී මට කඳුළු ආයේ මර්වින් පෙරේරාගේ "මේ නගරය......." සිහි වූ නිසාවෙනි.

අදත් සඳ පායා ඇති ඇතැම් දිනකදීත්,වෙල් යාය පිස වැහි කුණාටුවක හීගතුව මේ කුඩා නිවස වටලන විටකදීත් , තෙල් බැම්ම මත දුටු ඔබේ සිනා මනා වත මට පේරාදෙණියේ කහ මල් යාය සේ මැවි මැවී පෙනේ.කඩුව වැදි රජු අත තබා පේරාදෙණි වලේදීම කුමරිය මනමේ රජුට පිටුපැ වග අසා ඇත්තෙමි.එල්ෆින්ස්ටන් රඟ හලේදී දැක ඇත්තෙමි.අදටත් මනමේ කුමරිය පිළිබඳ කහටක් මා සේම ඔබ තුලත් නොවන වග දන්න බැවිනි මේ පියාපතක් වන් සැහැල්ලුව හද බැඳලන්නේ......
නැවත කියමි.පේරාදෙණිය කිසිදා මට ළඟා වීමට නොහැකි වූ සහ නොහැකි වන ආත්මගත බැඳියාවක් වග මට අදටත් හැඟේ......