Monday, June 27, 2011

ස්ස්ස්ස්ස්ස්.....!


ඉතාම ඇත අතීතයක ,හරියට ම ප්‍රොමිතියස්ගේ කාලයටත් පෙර ,කුඩා දූපතක පිහිටි ප්‍රාන්ත රාජ්‍යයක හුරුබුහුටි යුවතියක් වාසය කලා.තරමක් උගත් ,නමුත් අප්‍රවේශම් කාරීව වචන හසුරුවන.ජීවිතයේ ඉතාම දරුණු යැ'යි තමන්ම කියාගත් හැලහැප්පීම් වලට මුහුණ දුන්න මේ කුමාරිට අහම්බෙන් දිනක් සුරදූතයෙක් මුණ ගැහුණා.සුරදූතයා කුමාරිකාව හඳුනා ගත්තා.ඇගේ දුර්වලකම් හඳුණා ගත්තා.නුදුටුවා සේ සිටියා.අවැසි විටෙක ,උපදෙස් පතනා විටෙක,උපදෙසුත් දුන්නා.වචනය හරිම බලවත්!යුවතිය අවබෝද කරගත්තා.

දිනක් සුරදූතයා සමඟ දේව හමුවකට යන්නට කුමාරිකාවට අවස්ථාව ලැබුණා.සබාව අසාමන්‍ය විදිහට නොසන්සුන් .දේව දූතයන් වචනවලින් දමා ගසමින් එකිනෙකාගේ හිතවත් කම් දවා ගනිමින් සිටියා.දේව සබාවක මිනිස් දුවකට කළ හැකි යමක් නැහැ.යුවතිය තම අතේ තිබූ බට නලාව හෙමින් වාදනය කරන්න පටන් ගත්තා.

සුරදූතයන් නිහඬ වුණා .නිහඬ
තාවය මැදින් මිහිරි සංගීත රාවය සුර හිත්,හිස් මතින් ගලාගෙන ගියා.පුරුදු සාමය ම නොවුනත් සියල්ලන්ටම සතුටින් විසිර යන්නට මග සැලසුණා.අන්තිමට දේව සබාවේ නායක තැන යුවතියට එහි සංගීත සපයන්නියගේ තනතුර පැපිරස් පත්‍රයක ලියා පවරා දුන්නා.

වචනය බලවත් !
ඇත්තයි.

ඒත් නිහඬ බව ඇතැම් විටෙක ඊටත් වඩා බලවත් ...... :)

7 comments:

  1. ඒක හරි නිහඩතාවය ගොඩක් වටිනවා. නන්දා මාලනී මහත්මියගේ ගීයක පොඩි කෑල්ලක් මතක් උනා

    "මුනිවත් හොදයි දෙබසින් දුක වැඩි හන්දා....."

    ලස්සන සුරංගනා කතාව. ආහ්... පොඩි ප්‍රශ්නයක්. ඊජීප්තුවේ තියෙන පැපිරස් පත්‍ර කොහොමද දිව්‍ය ලෝකයට ගියේ ???

    ReplyDelete
  2. ආහ්!
    :O
    ඇයි මධුරංග දන්නෙ නැද්ද?
    ඊජිප්තුවට පැපිරස් පත්‍ර ආවෙ සුර ලෝකෙන් තමා ... :))

    ReplyDelete
  3. @වීතරාගි :
    ඒක මම් දැනගෙන හිටියේ නෑනේ අක්කා. කියලා දුන්නට ගොඩක් තුති !!!

    ReplyDelete
  4. සමහර වෙලාවට නිහඬ බව අන් හැම ශබ්දයකට ම වඩා හයියෙන් කතා කරනවා..!!
    එහෙම තියෙද්දී මේ නිහඬ බව බිඳින්න තව මොනවහරි කියන්න කියලා කියන්නේ නරුමයෝ..!! ;))
    ආවේ කාලේකට පස්සේ..!
    සුභ උදෑසනක්..! :)

    ReplyDelete
  5. සියල්ල සුබ වේවා ලිශා! :)

    ReplyDelete
  6. මගේ අත්දැකීම් එක්ක නම්. නිහඩව ඉන්න එක ගොඩාක් බලවත් වෙලා තියනවා...

    ReplyDelete