Sunday, June 19, 2011

අන්දකාරය සහ නිල් ඇස.


ඉඳිකට්ටා ආයෙමත් ඇවිත්.අවසානයක් නොපෙනෙන සුරංගනා කතාවක අත් පිටපතක් ඇතුලෙන් ආදරේ අලවලා ,ඒක නමක් ගමක් නැති රසකැවිලි පාර්සලයක් උඩින් තියාගත් , මං ලෝබයෙන්.අප්‍රමාණ ප්‍රේමයෙන්.ගැලවී යන්න සූදානමින්.ඇලවෙන්න ඉතා සූදානමින්.හීනි ඇස් ඇති බෝනික්කෙක් සහිත හීන නිතර නිතරම දකිමින්.

වේදිකාව ආයෙමත් අඳුරු වුණා.මේ දෙවන දර්ශනේ.මංගල දර්ශනේට එන්න බැරි වුණා.බැරි වුණා ම නෙමෙයි.හිතලම මග ඇරියා.ජනතාව අඩුයි .අඳුනන මූණක් නැතිම තරම්.ඇස් දෙකක් ඇවිත් සද්දන්ත වේදිකාව උඩ නැවතුණා..........

ගායක් පිරිස නිහඬයි.ප්‍රේක්ෂකාගාරෙත් නිහඬයි...............


මං ඉතා තදින්,සෙමින් හුස්ම ගනිමින්....../........../............./............../....................../

එක්වරම ........

ආයෙමත් ආලෝකය දැල්වුණා.
මහා හඬින් සිම්බලයක් නාද දුන්නා....////////////////

මද්දලය හා ඒකාත්මික වෙච්ච ගීත හඬ වේදිකාව ඉක්මවමින් ප්‍රේක්ෂකාගාරයත් දෙදරවන්න ගත්තා.
//::/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:///::/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/

................................................................................................................................................

ඉඳිකට්ටා ඉතා සියුම්ව මගේ ඇඟිලි තුඩු අල්ලාගෙන.
නිහඬවම.
තවමත්,
වේදිකාව අඳුරු වූ මොහොතේ සිටම..............

ඉතින් රසකැවිලි ගැන නොහිතා කොහොමද ? :)



4 comments:

  1. වීතරාගි තාමත් ඉදිකට්ටාට ආදරෙයි ද ? මම දක්කා එක පෝස්ට් එකක ඉදිකට්ටෝ මං ආදරෙයි කියලා. හික්ස්.

    ReplyDelete
  2. "අවසානයක් නොපෙනෙන සුරංගනා කතාවක අත් පිටපතක් ඇතුලෙන් ආදරේ අලවලා ,ඒක නමක් ගමක් නැති රසකැවිලි පාර්සලයක් උඩින් තියාගත් , මං ලෝබයෙන්.අප්‍රමාණ ප්‍රේමයෙන්."
    අනේ විතරාගි මට මේකෙන් අදහස් වෙන දේ කියල දෙන්නකො. මගෙ පරිකල්පන ශක්තිය මදි ඒක තේරුම් ගන්න.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete