Friday, March 18, 2011

ඉඳිකට්ටෝපහාරය!


මිනිස්සුන්ගෙ ජීවිත වලට මොන තරම් නම් නරක කාල එනවද?අපිට සමීපම අය කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සුන්ගෙ වෙනස් වීම් ,නොසලකා හැරීම් ළඟ අපි මොන තරම් නම් අසරණ වෙනවද? ඒ වාගෙ වෙලාවක වටින්නෙ බණ කියන කෙනෙක්ද? එහෙමත් නැත්නම් හිත හෙමීට අත ගාල ඊට පස්සෙ නැගිටින්න ඕන විදිහ කියලා දෙන කෙනෙක්ද?
පුංචි කාලෙ වගෙම තාමත් අමාගෙ හිත එහෙම රිදවුම් ළඟ කඩා වැටෙනවා. ආච්චිගෙ සීයගෙ හුරතලේ හින්දාම වෙන්න ඇති.ආදරේ කියලත් අමා බලාපොරොත්තු වෙන්නෙ හිත හැදෙන හුරතල් වචන ටිකක් එක්ක පුංචි රැකවරණයක් විතරයි.ඉඳිකට්ටගෙ මොන දුර්වලකම් තිබ්බත් හොඳම ගතිගුණේ එකයි.කවදාවත් හිතෙන් වැටිලා ඉන්න වෙලාවක හිත හදන්නෙ නැතුව බණ කියන්නෙ නැ.ඉඳිකට්ටට අමාගෙ ජීවිතේ මේ තරම් තැනක් ලැබීමේ රහස ඒකයි.ඒක රහසක්ම තමයි.කොයි තරම් පුංචි දේකින් අපට ජීවිතයක් වෙනස් කරගන්න පුළුවන්ද?අනිත් අයටත් එහෙමද කියන්න මම දන්නෙ නැහැ.ඉඳිකට්ටා අමාට අතපත ගාන්න පුළුවන් තැග්ගකට ඒ කියන්නෙ භෞතික දේකට දීල තියෙන්නෙ බණ පොතක් විතරයි.(අනිත්වා ඉතින් බලෙන් කඩා වඩා ගත්ත එව්ව ;) )ඒත් හිත කඩා වැටෙන හැම වෙලාවකම දීල තියෙන යෝධ බලශක්තිය කෝටි ගානක් වටිනවා.මැත ජීවිතේ රැළි පෙරළි මැද අමා අද මෙතන ඉන්න වැඩියෙන්ම දායක වුණේ ඉඳිකට්ටගෙ වචන කියලා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.

ප්‍රේමයට නිර්වචන නම් දාස් ගානක් තියෙනවනෙ.ඒත් ඒ අතරින් මේක හරි, මේක වැරදියි කියන්න කාටද පුළුවන්?නෙතග බැල්මක ඉඳන් මුදු අනුරාගයක් දකවාම සමහරවිට ඊටත් එහාට ප්‍රේමයට දුර ගමන් යන්න පුළුවන්.

එහෙම නේද?


කතාන්දර ගොඩකට පස්සෙ මෙහෙම ප්‍රණාමයක් ලියවෙන්නේ ඒ නිසාමයි.ඉඳිකට්ටෝපහාරය! ඉඳිකට්ටෝ.බොහොම පින්! :)

4 comments:

  1. ඉඳිකට්ටාට ජය වේවා...

    වීතරාගීට ත් ජයම වේවා...

    ReplyDelete
  2. අම්මපා ඉඳිකට්ටාට ජය වේවා....!

    ReplyDelete
  3. මොලේ තියෙන මිනිස්සු හදන හදන සැරේට කැඩෙන දේවල් ආපහු හදන්න උත්සහ කරන එක නවත්තල දානව. ඉඳිකට්ටගෙ මොලේ කොයි සයිස්ද?... ( එක පාරට දැක්කෙ ඉඳිකට්ටා පාහරය වගේ)

    ReplyDelete