Saturday, January 15, 2011

බඹසර

මේ මිටියාවතේ තව කොයි තරම් නම් දුරක් සැහැල්ලුවෙන් ඇවිදගෙන යන්න පුලුවන් වේවිද?

ඔබ ළඟත් පිළිතුරක් නැති බව මම දන්නවා.බල කර පිළිතුරු ඉල්ලන්නත් කැමැත්තක් නැහැ.මිටියාවතක ඔබ සමඟ ගෙවා දමන්නට කලක් තිබීම ම ලැබීමක් නෙවෙයිද?කුරුළු සර, ඇල දොල නෙවෙයි ඔබේ හඬ අසමින්.ඔබ දකිමින්......මිටියාවතේ සිට අහස දකිමින්......අහස හිතනවාට වඩා දුර බව වටහා ගනිමින්....අඳුනාගෙන නොතිබූ ජීවිත බිම්කඩක් අලුතෙන්ම හඳුනා ගැනීම.කොලොම්බස් අත් වින්ද ප්‍රීතියම විඳින මම.
මම කැමතියි ලිවිල්ලෙන් නිරතුරු ආතුර වෙන්න.හැබැයි ඔබ වෙදදුරා හෝ වෙදකම බවට පත් වෙනවා නම් පමණයි.ඔබ කියවන්නා,රස විඳින්නා සහ විචාරකයා බවට පත් වෙනවා නම් පමණයි.ඔබේ කතාන්දර අසල මම අකුරු අමුණන ලදරුවෙක්.තාමත් හෙමින් බහ තෝරන්නටවත් පටන් නොගත්.හඬන්නේත් සිනා මවන ඔබ අසලක සිටිනවා නම් පමණයි.නිරන්තර අඳුර උපතින් ලද උරුමයක් වගේ.කුණු එකතු වෙන්නේ කුණු ඇති තැන් වලට.අඳුරත් එසේමයි.ඔබ මඟ වැරදුනත් පහන් තරුවක්.අඳුරට ලැදි .

අහම්බෙන් හෝ ඔබ නාවානම් .......... ???


ඔබ නාවානම් කොයි තරම් නම් හොඳද?(?????)

ඉරණම කියා මේ සියල්ල ඉස්මුදුනින් පිළිගන්නට තිබුණා මට.අඳුරට අඳුර එක් වීම කිසිසේත් ම අහම්බයක් ලෙස නොසිතෙන්නට තිබුණා. අඳුරට සැහෙන පමනේ පහනක් දල්වාගෙන සැනසෙන්නට තිබුණා.


ඇත්තටම කියනවා නම් විය යුතු ලෙසම ඔබ ආවේ නැහැ.(සිනා)


ඉතින් ඔබ නොපැමිණීම ම වාසනාවක් නේද? (යලිත් සිනා)තවමත් අඳුරේ ඔබ වෙනුවෙන් කුඩා බලාපොරොත්තුවක් පමණක් සහිතව සිටියත් ඔබ නොපැමිණීම වාසනාවක්ම නොවේද?

අඳුරින් සැනසෙන මම.
සුදුසු කල්හි සුදුසු දෙසක සරණ ඔබ!

(පතිරූප දේස වාසෝච )


අතීත කතාව:
මම කැමතියි.ගයන්න,රඟන්න සියල්ලටම.
ඔබ ප්‍රේක්ෂකාගාරයේ රැඳී සිටින තාක්.
...
සේයා:http://www.bing.com/images/search?q=+love+oil+paint&view=detail&id=D2D7E644D3EEC2FA7024FFF7BDFEF5F6FE8E08CF&first=121&FORM=IDFRIR

5 comments:

  1. සිදු වූයේ සිදු නොවිය යුතුම දෙයමය. කාලයට දොස් පවරනවා හැරෙන්නට කුමක් කරන්නද

    ReplyDelete
  2. :).ගොඩක් දේවල් එහෙමයි පිණි බිඳු!නොවිය යුත්තමයි වෙන්නේ.

    ReplyDelete
  3. කරන්න දෙයක් නැහනේ ඉතිං

    ReplyDelete
  4. ඔව්!ලැබෙන දේ භාර ගත යුතුමයි නෙ.:)

    ReplyDelete
  5. සමා වෙන්න ඔබේ අනෙක් දෑ ගැන අදහස් නොදක්වනවාට, නමුත් එක් දෙයක් කිව යුතුමයි. කොලොම්බස් හඳුනා නොගත් බිමක් සොයාගත්තා යන්න කොපමන බොරුවක්ද. එය මුලු ලොකයම තමන් පමනකැයි සිතන සුද්දන්ගේ කතාවක් පමණි. එය මෙසේ වෙනස් විය යුතුය. රතු ඉන්දියනුවන්ගෙන් ඔවුන්ගේ දේශය කොල්ල කෑමත්ට මග පෙන්න්වන ලද්දේ කොලම්බස් විසිනි.

    ReplyDelete