Wednesday, November 3, 2010

කලහාරි කාන්තාරයෙ රත්තරන් නිධිය

අද ලියන්න හිතුනා පරණ කතාවක්,සමහරු නම් මං පරණ කතා ලියනවට බොහොම අමනාපයි.පරණ කුණු අවුස්සලා කාට පලක් ද අහනවා.ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.

මම පුංචි ළමයෙක් වෙලා ගෙවුණ කාලෙ ඉවර වුණාට පස්සෙ ලස්සන සුරංගනා කතාවක් කියෙව්වා.ඒක කලහාරි කාන්තාරයෙ තිබුණ රත්තරන් නිධියක් ගැන කතාවක්.කාන්තාරෙ මහ කාලයක් රැඳී ඉන්න රත්තරන් නිධියට වාසනාවක් තිබුණෙ නෑ .එහෙම නැත්නම් තමන්ගෙ ළඟ රත්තරන් නිධිය තියා ගන්න කාන්තාරයට පුළුවන් වුණේ නෑ.
මේ වෙද්දි අර ළමයෙක් නොවුණ ළමයා රත්තරන් වලට ආස කරන වයසෙයි ඉන්නෙ.ඒත් ඉතින් ළමයෙක් නෙ.සිරියාවන්ත වනිතාරත්නයකට පුළුවන් වුනාට රත්තරන් කන්දක් බලා කියාගන්න එයාට බැරි බව ළමයා හොඳින්ම දන්නවා.ඉතින් ළමයා දිගටම බලගෙන ඉන්නවා රත්තරන් කන්ද දිහා.
සමහරවිට ළමයා ලොකූ..... ළමයෙක් වෙළා, වනිතාවක් වෙළා, අළුත් රත්තරන් නිධියක අයිතිකාරියක් වෙන්නත් ඉඩ තියේවි.ඒත් අර ළමයෙක් නොවන ළමයෙක් කාළෙ දැක්ක රත්තරන් නිධිය තරම් කොයි එකක් වත් ළමයගෙ හිතේ රැඳෙන්නෙම නැති වෙයි කියලයි ළමයා කියන්නෙ.එහෙම කියන්න හේතුවකුත් ඇති නෙ .නේද? :) සමහර විට රත්තරන් නිසා වෙන්න ඇති.නැත්නම් ජීවිතේදි දැක්ක පළමු වටිනාම වස්තුව නිසා වෙන්න ඇති.කාටවත් හිතා ගන්න තේරුම් ගන්න බැරි පුදුමාකාරම හැඟීමක් නිසා වෙන්නත් පුළුවන්.කොහොම වුණත් හැම බක් වසන්තෙකදිම ඒ "පළමු වසන්තය" මතක් වෙන වග තමයි ළමයා කියන්නෙ.

5 comments:

  1. ළමයි හිතන්නෙ ඕනෙ තබක්ක ගොඩක් රත්තරං කියලා
    ඔය සිරියාවන්ත kalhari ගෙන් ඇහුවනං පළමු wasanthaya ගැන දැනගන්න තිබුණා.
    (අහන්න එපා. සිහිනය පුපුරා සෙනෙහස මියැදෙයි!)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඕවා දැන් වැඩක් නෑ චර්මි .ඉතිහාස කතා.;)(එහෙමවත් හිතමු නේද? )

    ReplyDelete
  4. නොදැනුවත්කමට රත්තරන් බදා ගත්තට පුන්චි කාලෙ...රත්තරන් ටොන් ගාණක් තිබ්බත් ඒ ඔක්කොටම වඩා වටින්නෙ තමන් කාන්තාරභාවයෙන් මුදා ගන්න පුලුවන් සිහිල් වැහි පොද වලට විතරයි කියල ලොකු වෙනකොට ලමයට තෙරුනා...

    ReplyDelete
  5. හහ්!පැන්ඩ හරිම දක්සයි නෙව.
    ඔය තේරුම් ගත්තෙ හරියටම.
    :)

    ReplyDelete