Thursday, October 28, 2010

අවංක බමරෙක්

බම්බලපිටිය මුහුද රෑට මේ තරම් දඩබ්බර බව මං දැනගෙන හිටියෙම නෑ.මූදු හුළඟ දිගේ ගහගෙන ආව ලුණු පෙත්තක් මූණ වහ ගනිද්දි අනිත් ඇලයට හැරුණා මං.අඩ කුඹු කරපු විදුලි පහනක්.අඩවන් වෙලා තිබුණ එක ඇහැක් හිමීට උස්සල මගෙ දිහා බැලුවා. .මම හිමීට ඉඳිකට්ටගෙ උරිස්සට වාරුවුණා.ඉඳිකට්ටගෙ දකුණු අත ඇවිත් මගෙ ඉහ මුදුනෙ නැවතුණා.හයියෙන් හුස්මක් ගන්න විතරයි පුළුවන් වුණේ මට.මැජෙස්ටික් නගරෙ නියෝන් එළි යට දූවිලි පිහින්න වැස්සක් වහින්න ගත්තා.යාන්ත්‍රික වැස්සක්.වීදුරුවකට එපිටින් ගලන වැස්සකින් කොහොමද හදවතක් උණුසුම් වෙන්නෙ.අහස පුරා රිදීරේඛා .මුහුද නිසොල්මන්ව.සියළු බර දරන්න සූදානමින්.ඇස් තද කරලා පියාගත්තම මම ඉන්නෙ ඉඳිකට්ටගෙ උණුහුමේ වග මතක් වුණා.එහෙම මතක් නොවෙනවා නම්.
ජීවිතේ එතනින් නැවතුණා.
එදායින් පස්සෙ මම ජීවත් වුණේ නැහැ.


අලුතෙන් මිලදී ගත්ත මුඩු ඉඩම ක්ෂේම භූමියක් කරන්න පුළුවන් වග මම දන්නවා.ඒත් මල් පිපෙන්න ගත්තම මට ඉහිළුම් නැතුව යන බව දැන දැනම ඒක මුඩු බිමක් හැටියටම තියා ගන්නයි අවංක බමරෙක් හැටියට මගෙ හිතේ කැමත්ත.
හිතේ කැමත්ත.
ආදර හිත!

4 comments:

  1. ඒ වුනාට දන්නවද අර සුළං මගින් ප්‍රචාරණය වන බීජ ඇවිල්ල ඔය මුඩු බිමට වැටෙන එක වලක්වන්න ඔයාට බැ..කාලයක් යන කොට නිල්ල ගහල මුඩු බිම ඉබෙම වැවෙන එක නවත්තන්න ඔයාට බැ...

    ReplyDelete
  2. ඒ වුණාට මම ඒකට කැමති නෑ පැන්ඩො.
    මේ විදිහ තමයි හොඳම! :)

    ReplyDelete
  3. එහෙනං ඉතින් වහ ඉහල තියන්න වෙනව මුඩු බිම පුරාවට...එතකොට දන්නෙම නැතුව ඕනි එකයි නැති එකයි ඔක්කොම මැරෙන එකයි වැඩේ...

    ReplyDelete