Friday, January 14, 2011

" සුවඳ සමන් "3


" සුවඳ සමන් "1
" සුවඳ සමන් "2

කාලෙකට පස්සෙ ආයේම පරණ කතාන්දරයක් ඇදලා ගත්තෙ ඇයි කියලා මිත්‍රවරු අමනාප වෙන්න එපා.මේ කියන්ට යන්නෙ අවසාන කොටස.කියන්ට ඉතින් අමුතු කතාන්දරයකුත් නැ.කොටින්ම කියනව නම් ඔන්න සුවඳ සමන්ලා ළඟදි විවාහ ප්‍රාප්ත වුණා.ඒ කිව්වෙ සුවඳ සමන් සහ අමාගේ "අඹ "යෙහෙළිය.අමා ඉතින් ඒ පැත්තෙ ගිහින් එන්න අමතක කලේ නැහැ.මනාලිය රූපලාවන්‍යාගාරයට යන තැනේ හිටන් අමාට පුලු පුලුවන් විදිහට සහයෝගය දුන්නා.දැවැදි මලු අහුරන්න,කොකිස් බදින්න,වෙඩින් කේක් හදන්න මෙකී නොකී බොහෝ දේවල් වලට
.
හිත හදා ගන්නම නෙවියි.හදාගන්න හිත කඩතොලු වෙලා තිබුණත් නෙවී නෙ.හදනවා නම් ආයෙ කොනක හිටන් හදන්න පටන් ගන්න ඕන.ආයෙ මේ කපේට නම් එහෙම කෙරුවාවක් වෙනවා බොරු.දැන් ඉතින් තියෙන්නෙ බැඳ ගත්ත බෙරේ ගසාගැනිල්ලක් නෙ.කසාදෙ රෙජිස්ටාර් කරන්ට යන්ට යෙහෙළිය අඬගහලා තිබුණෙත් අමාට.අමා ඒ ඉල්ලිම නම් බාරගන්න කිසිම මනාපයක් තිබ්බෙ නැ.කොහොමින් කොහොමින් හරි අන්තිම මොහොතෙ අමා ඒ රාජකාරියෙන් ගැලවුණා.
විවාහ උත්සවේ දවසේ සුවඳ සමන් හරිම ගාම්භීරයි.අමා ළඟට ඇවිත් බොහොම හිතවත් කමින් අමාව පිලි අරන් අතට අත දුන්නා.ඒ වෙලාවෙ නම් අමාගෙ හිත පොඩ්ඩක් තිගැස්සුනේ නැ කිව්වොත් ඒක ඇත්තක්ම නෙවි.පිටත් වෙන වෙලාවෙ නම් යෙහෙළිය අමාව බදාගෙන නොසෑහෙන්ට ඇඬුවා.අමාගෙ හිතේ ඉතිරි වෙලා තිබ්බ අන්තිම නෝක්කාඩු බිඳත් ,පිළිබඳ සිතත් දියකරලා අමාගෙ ඇස් වලිනුත් කඳුළු ගැලුවා.අමාගේ අම්මගෙත් ඇස් රතු වෙලා තිබුණා.
ඔන්න ඕවා අහද්දි තමයි යාලුවනේ හිතෙන්නෙ "සත්‍ය ප්‍රබන්ධයකට වඩා විශ්මිතය"කියන්නෙ සහතික ඇත්ත කියලා.ඊයෙ හවස තමයි දෙන්නා නෑගම් ආවෙ.ඒත් ඒ මූණු දෙකින් එකකවත් ඉස්සර හිටපු සුවඳ සමන්ගෙවත් අතිජාත මිතුරියගෙවත් සෙවනැල්ලක්වත් වැටිල තියෙනවා අමා දැක්කෙ නැ.

එහෙනං....සිරි සුබ මංගලම් වේවා කිව්ව දෙන්නටම. :)

3 comments:

  1. මේක ඇත්ත කතාවක්ද?

    ReplyDelete
  2. this couldn't be written more perfectly... "ඒ මූණු දෙකින් එකකවත් ඉස්සර හිටපු සුවඳ සමන්ගෙවත් අතිජාත මිතුරියගෙවත් සෙවනැල්ලක්වත් වැටිල තියෙනවා අමා දැක්කෙ නැ"

    ReplyDelete